විදුලිය කප්පාදු නොකරන බවට ප්‍රකාශයක් දී තිබී තවදුරටත් විදුලිය කප්පාදුව සිදු වන්නේ නම් එය කඩාකප්පල්කාරී ක්‍රියාවක් බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
ඒ ගැන සොයාබලා නීතිය ක්‍රියාත්මක කළ යුතුව ඇතැයි ද හෙතෙම පැවසීය.
මාර්තු 05 වැනිදා සිට විදුලිය කප්පාදුවක් නොකරන්නේ යැයි ජනාධිපතිවරයා සමග අදාළ බලධාරීන් පවසා ඇති බවත් එසේ තිබියදීත් තවදුරටත් විදුලි කප්පාදු කිරීම ප්‍රශ්නයක් බවත් අමාත්‍යවරයා සදහන් කරයි.
කොළඹ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හෙතෙම මෙසේ කියා සිටියේය.
”විදුලිය කප්පාදු කරන්න එපා කියල අතිගරු ජනාධිපතිතුමාත් ආණ්ඩුවත් නිලධාරීන්ගේ රැස්වීමේදී වචනයක් දුන්නා. දැන් කැපෙන්නේ ඇයි කියල හොයන්න ඕනේ. එය කඩාකප්පල්කාරී ක්‍රියාවක් නම් ඒ පිළිබඳව නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. මොකද මිටීමකට ඇවිල්ලා අපි විදුලිය කප්පාදු කරන්නේ නැහැ අවශ්‍ය දේවල් තියෙනවා අපිට තෙල් ටික දුන්නම ඇති කියල පහුවදාට ගිහින් විදුලිය කපනවා නම් එතන ගැටළුවක් තිබෙනවා. එතන යම්කිසි සැඟවෙච්ච කුමන්ත්‍රණයක් තියෙනවා. මේ පිළිබඳව දැඩි තීන්දු ගත යුතුයි.