කුමන්ත්‍රණය_පරදින_ලකුණු.
පාර්ලිමේන්තුව වහා රැස් කරන්න..! මන්ත්‍රී 128 ක් ලිඛිතව කතානායකතුමාගෙන් ඉල්ලති..! රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය පරදින ලකුණු..!
පාර්ලිමේන්තුව වහාම රැස්කරන්නැයි කතානායකතුමාගෙන් ඉල්ලමින් පාර්ලිමේන්තුවේ නිල විපක්ෂය වන දෙමළ ජාතික සන්ධානයේ ද, ජනතා විමුක්ති පෙරමුණේ ද, ආණ්ඩු බලයේ සිටින එක්සත් ජාතික පෙරමුණේ ද මන්ත්‍රීවරුන් 128 දෙනෙකු විසින් වෙන වෙනම ලිපි ඉදිරිපත් කර තිබේ.
ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ දෙකෙන් එකකට වැඩි මන්ත්‍රී සංඛ්‍යාවක් කතානායකවරයාගෙන් පාර්ලිමේන්තුව රැස්කරන්නැයි ලිඛිතව ඉල්ලා සිටි අවස්ථාවකදී පාර්ලිමේන්තුව රැස්කිරීමට කතානායකතුමාට බලය දී තිබේ. එය ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු සැසි වාරය කල් තැබූ අවස්ථාවකදී වුව කතානායකතුමාට නීතියෙන් ලබා දී තිබෙන බලයකි..
ඒ අනුව අද සඳුදා හෝ හෙට කතානායකතුමා විසින් කැඳවන පක්ෂ නායකවරුන්ගේ රැස්වීමකින් පසුව පාර්ලිමේන්තුව රැස්කරනු ලබනු ඇත.
එහිදී පාර්ලිමේන්තුවේ වැඩි බලය තිබෙන්නේ කුමන අගමැතිටද යන්න විසඳා ගැනීමෙන් අනතුරුව දැනට සිදුකර තිබෙන රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයට නිසි පිළිතුර ලබා ගත හැකි වනු ඇත.