මුදල් නෝට්ටු වලින් සිංහ දිය සලකුණ ඉවත් කිරීම පසුපස ඇති කුමන්ත්‍රණය
"කොන්ද පනතියන බුද්දීමත් නායකත්වයට මේවා පේන්නේ නෑලු"
අලුතෙන් නිකුත් කරන ලද මුදල් නෝට්ටු වල සිංහ දිය සලකුණ ඉවත් කර ඒ වෙනුවට කුරුල්ලන් යොදා ගැනීමේ ජාතික කර්තව්‍යයක් ශ්‍රී ලංකා මහබැංකුවේ සිටින කිසිම ලෙසකින්වත් සිංහල බෞද්ධයින්ට විරුද්ධ නැති™ බව පවසාගන්නා 200% අන්‍යාගමිකයින් නොවන™ මහත්වරු විසින් කර තිබේ. ඒ අනුව ඉදිරියේදී නිකුත් කරන මුදල් නෝට්ටු වල බස්සා, ගිරවා, පරෙවියා යනාදී වශයෙන් කුරුල්ලන් දිය සලකුණ වෙනුවට දමනු ඇත.
නමුත් මහබැංකුවේ ප්‍රධානියෙක් නෙත් එෆ්.එම් එකට පවසා ඇත්තේ “සිංහ දිය සලකුණ මුදල් නෝට්ටු වල තිබීමේ දැවෙන ජාතික ප්‍රශ්ණයට පිළිතුරු සෙවීම” මහජන අදහස් විමසීමෙන් සිදු කළ බවයි. ඒ අනුව සිංහලයාගේ පූජනීය සලකුණක් වන සිංහයාව මුදල් නොට්ටුවෙන් ඉවත් කිරීමට සිංහල ජනතාව කැමති වුනා යයි සිතීම විහිළුවකි. ඒ අනුව සමීක්ෂණය සිදු කර ඇත්තේ අසිංහලයන් අතර පමණක් විය යුතුය. අතීතයේ සිට පැවතෙන සම්ප්රදායක් වන සිංහ දිය සලකුණ ඉවත් කිරීම සිදුකළේ වෙනත් රටවල එවැනි සම්ප්රදායක් නැති නිසා බවද මේ මහතා ප්‍රකාශ කර ඇත. සෑම දේටම බටහිරින් උපදෙස් ගන්නා සිංහලයින්ද ඩොලර් නොට්ටුවේ හෝ යුරෝ නෝට්ටුවේ සිංහ දිය සලකුණක් නොමැති වීම නිසාම, කිසිම ලෙසකින්වත් සිංහල බෞද්ධයින්ට විරුද්ධ නැති™ බව පවසාගන්නා 200% අන්‍යාගමිකයින් නොවන™ මහත්වරුන්ගේ තීරණයට එකහෙළාම කැමති වෙන්නට ඇත. හැබැයි සිංහ සලකුණ මුදල් නෝට්ටු වලට අකැප බව කෑ ගසන මේ මහත්වරු සිංහ සලකුණ අරක්කු බෝතලයට දමනවාටනම් විරුද්ධ නැත.
සිංහලයාට තිබෙන අවසන් බිම් අයිතියත් ඉවත් කිරීමේ ජාතික ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙන බව දැන් දැන් නොරහසකි. මේක මුට්ටිය දමා බැලීමක් සහ තවත් එක් ක්‍රියාන්විතයක් පමණි. කලින් හකුලා ගත් “සිංහලත්වය නැති ශ්‍රී ලාංකික ඉතිහාසය නැවතත් ලිවීමේ ව්‍යාපෘතිය” ක්‍රියාත්මක වෙන බව නිල නොලත් ආරංචි මාර්ග වලින් අපිටත් දැණගැනීමට ලැබී ඇත.
පහත දැක්වෙන සිද්ධි දාමය ඔබට මතකද? මේවා සිදු වුනේ බහුතර ජනතාවගේ අවශ්‍යතාවයක් අනුවද?
පහත දැක්වෙන සිද්ධි දාමය ඔබට මතකද? මේවා සිදු වුනේ බහුතර ජනතාවගේ අවශ්‍යතාවයක් අනුවද?
- ජාතික කොඩිය වෙනස් කර එයට පටි දෙකක් දැමීම.
- අප රට සුද්දා යටත් කිරීමට පෙර තිබූ නම වන “සිංහල දේශය” යන්නේ ඉංග්‍රීසි වචනය වන සිලෝන් යන්න ඉවත් කර “ශ්‍රී ලංකා” කිරීම.
- බුදු දහම රාජ්‍ය ආගම ලෙස තිබීම 1978 දී වෙනස් කිරීම සහ එයට ඊනියා ප්‍රමුඛස්ථානය දී අන්‍යාගම් වලටද සම තැන දීම.
- සිංහල බාසාව රාජ්‍ය බාසාව ලෙස තිබීම වෙනස් කර දෙමළ බසද රාජ්‍ය බාසාව කිරීම.
- උප්පැන්න සහතිකයේ ජාතිය ශ්‍රී ලාංකික ලෙස දැක්වීමට කටයුතු කිරීම.
- සියලුම රජයේ ආයතන වලින් සිංහල දේශය යන්නේ ඉංග්‍රීසි වචනය වන සිලෝන් නම ඉවත් කර “ශ්‍රී ලංකා” යන නම දැමීම.
- බෞද්ධයින්ට පමණක් සුවිශේෂී වූ බුද්ධ ජයන්තිය සර්වාගමික උත්සවයක් කිරීම.
- බෞද්ධ ආගමික චාරිත්‍ර වලට සර්වාගමික චාරිත්‍ර එක් කිරීම සහ බුදු දහම වෙනුවට සර්වාගම ප්‍රචලිත කිරීම.
- මුදල් නොට්ටු වලින් සිංහ සලකුණ ඉවත් කිරීම.
දැන් ඉතින් කිරීමට තිබෙන්නේ ඉතාමත් සුළු දේවල් කිහිපයකි. ජාතික කොඩියෙන් සිංහයාව ඉවත් කිරීම, සිංහල ජාතිකත්වයට ගැන කතා කිරීම තනනම් කිරීම සහ රජයේ විද්‍යාල වලින් පාලි බාසාව ඉගැන්වීම නැවැත්වූවා සේම සිංහල බාසාව ඉගැන්වීමද සම්පූර්ණයෙන්ම නවතාලීම… එවිට ඊනියා බුද්ධිමතුන්ට අනුව මුස්ලීම් හෝ ක්‍රිස්තියානි හෝ කිසිදු ජාති ආගම් බේධයක් නැති නියම ශ්‍රී ලංකාවක් බිහි වනු ඇත.
ඉදිරියේදී සිදුවීමට යන දේ ඉතාමත් භයානක බව ඔබට පවසන්නේ ඉතාමත් සංවේගයෙන් යුතුවය.
ඉදිරියේදී සිදුවීමට යන දේ ඉතාමත් භයානක බව ඔබට පවසන්නේ ඉතාමත් සංවේගයෙන් යුතුවය.
Last edited:




