~ කුමන කුරුලු පාරාදීසය ~

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ~ කුමන කුරුලු පාරාදීසය ~

    කුමන කුරුලු පාරාදීසය
    YALA-EAST (KUMANA) NATIONAL PARK

    6783105.jpg

    Dr Jagath Vasanthathilaka photo

    කුමන නැඟෙනහිර පළාතේ තිබෙන කුරුල්ලන්ටම විශේෂ වූ ජාතික වනෝද්‍යානයක්.

    කොටි ත්‍රස්තවාදය සහමුලින්ම සමූල ඝාතනය කිරීමෙන් පසු දැන් කුමන වන උයනට යළිත් යන්න අවස්ථාව ලැබී තිබෙනවා.
    පසුගිය සතියේ (30/01/2010) කුමන ජාතික උද්‍යානය ජනතාවට නැරඹීමට විවෘත කෙරුණා.

    මීට ඇතුළුවීමට කුමන ජාතික උද්‍යාන කාර්යාලයෙන් ප්‍රවේශ පතක් ලබාගන්න ඕනෑ. ඇතුළුවෙන ස්ථානයේම වනෝද්‍යානයේ සිටින වන ජීවීන් පිළිබඳව සත්ව දර්ශන බලාගන්න පුළුවන්. වනජීවී පර්යේෂණ මධ්‍යස්ථානයක් මෙහි තිබෙනවා.
    නැඟෙනහිර වනජීවී කලාපය බාර සහකාර අධ්‍යක්ෂ බී.වී.ආර්.ජයරත්න මහතා පවසන පරිදි කුමන ජාතික උද්‍යානයට හෙක්ටයාර් 35664.7ක් හෙවත් අක්කර 89161.85ක භූමි ප්‍රදේශයක් අයත් වෙනවා.

    3825663355_b06124a0fd.jpg

    Nayana Perera photo

    යාල ජාතික උද්‍යානයට මායිම්ව නැඟෙනහිර ප්‍රදේශයේ කුඹුක්කන් ඔය ආශ්‍රිතවයි මෙය පිහිටා තිබෙන්නේ. ඊසාන දිග මෝසම් වැස්සෙන් මෙයට බහුලව වැස්ස ලැබෙනවා. කුමන ජාතික වනෝද්‍යානය අයත් වන්නේ මොනරාගල හා අම්පාර දිස්ත්‍රික්කවලට. මෙම වනාන්තරයට ළඟම ඇති ප්‍රධාන නගරය වන්නේ පොතුවිල්. ඒ ආසන්නයේ පිහිටි අරුගම්බේ සංචාරක පුරයේ සංචාරක හෝටල් බහුලව තිබෙනවා. එහි නැවතී සිට මේ වනෝද්‍යානය නැරඹීමට එන්න පුළුවන්.

    map_copy57.jpg



    2006 සැප්තැම්බර් පස්වැනිදා මෙය ජාතික වනෝද්‍යානයක් ලෙස ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. කුමන වනාහි කුරුල්ලන්ට ප්‍රසිද්ධ, කුරුල්ලන් වැඩිපුර සිටින අන්තර් ජාතික ලෙස පර්යටනික (සංචාරක) පක්ෂීන් විශාල ලෙස සිටින තැනක්. දෙසැම්බර් හා මාර්තු අතර මෙහි වැඩිපුර කුරුල්ලන් දකින්න පුළුවන්.
    පර්යටනික පක්ෂි විශේෂ 90ක් පමණ කුමන විල්ලුව ප්‍රදේශයේ බහුලව සිටින බව කුමන උද්‍යාන භාරකරු ලෙස සේවය කරන අජිත් වසන්ත කුමාර මහතා පවසනවා.

    av1002078-4.jpg

    Sudam Gunasinghe photo

    7106586.jpg

    laguna.thanga photo

    kumana-bird-sanctuary-1.jpg


    kumana.jpg


    4332766586_cce77290f7.jpg

    Earth Lanka photo

    4332763630_45324cfc86.jpg

    Earth Lanka photo

    නමුත් දැන් යළිත් පසුගිය වසරේ ඉඳන් කුරුල්ලන් ඉස්සර වගේම එනවා. ලංකාවේ උසම පක්ෂියා වන අලිමානාවා මෙන්ම ලංකාවේ විශාලතම පක්ෂියා වන බහුරු මානාවා ද මෙහිදී දැකගන්න පුළුවන්.
    වනජීවී භාරයේ ශ්‍රී ලාල් නිශාන්ත හෙට්ටිආරච්චි කළ අධ්‍යයනයක් අනුව මෙහි දෙස් විදෙස් පක්ෂි විශේෂ 280ක් පමණ ඉන්න බව පැවසෙනවා. ලංකාවට ආවේණික වලි කුකුළා, හබන් කුකුළා හා ගිරා මලිත්තා මෙහිදී අපිට බහුලව දකින්න පුළුවන්.

    Untitled-1.jpg
    Untitled-2.jpg

    Untitled-3.jpg
    Untitled-4.jpg


    Untitled-5.jpg


    ක්ෂීරපායි විශේෂ 20ක් පමණ මෙහි සිටින බව වනජීවී නිලධාරීන් අපට කීවා. අලියා, දිවියා, වලහා, ගෝනා, තිත්මුවා, වල් හරක්, හඳුන්දිවියා, කුළුහරක්, නරියා, වල් ඌරා, රිළවා, රන්මුගටියා මෙහි බහුලව ඉන්නවා.

    av1002078-3.jpg

    Sudam Gunasinghe photo

    av1002078-5.jpg

    Sudam Gunasinghe photo

    4332765170_213a6f10b4.jpg

    Earth Lanka photo

    4332768518_de075ccb52.jpg

    Earth Lanka photo

    3687835806_94ed95614e.jpg

    Chaminda Jayaratne photo

    kumana3.jpg


    wtc_21kumana.jpg


    wtc_15kumana.jpg


    ඊට අමතරව කැස්බෑවුන් ද වෙරළ ආශ්‍රිතව ඉන්න බව පැවසෙනවා. වැව් ගණනාවක් කළපු කිහිපයක් වනෝද්‍යානය ඇතුළත තිබෙන අතර බාගරේ කළපුව, ඉටිකළ කළපුව, පලුගස්වැව තුමුල්ල වැව, දිවුල්පල්ලම වැව ඒ අතර ප්‍රධානයි.

    5664527.jpg

    කුඹුක්කන් ඔය
    Rahula Perera photo

    මේවායේ සිටින මත්ස්‍ය විශේෂ ගණන 40ක් පමණ වෙන බව වනජීවී නිලධාරීන්ගේ අදහසයි. රැවුල් දණ්ඩියා, ගල්පාඬියා, මගුරා ආදී ආවේණික විශේෂ මෙන්ම වලයා, ලූලා, පොල්මල් ආඳා, මස්පෙතියා මෙන්ම තිලාපියා ද ඒ අතර වෙනවා. සමනළ විශේෂ ද මෙහි සිටින බව ගවේෂණ මඟින් අනාවරණය වී තිබෙනවා. ඒ විශේෂ ප්‍රමාණය 40කට ආසන්නයි.

    kumana.jpg


    wtc_22kumana.jpg


    කොළඹ සිට පැමිණෙනවා නම් රත්නපුරය පැල්මඬුල්ල, බලංගොඩ, බෙරගල, වැල්ලවාය, මොනරාගල, සියඹලාණ්ඩුව, ලාහුගල, පොතුවිල්, අරුගම්බේ, පානම, කුඩුම්බිගල අභය භූමිය හරහා මේ ජාතික උද්‍යානයට ඒම පහසුම මඟයි.
    ඊට අමතරව කොළඹ රත්නපුර පැල්මඩුල්ල, උඩවලව, තණමල්විල, වැල්ලවාය, සියඹලාණ්ඩුව, පොතුවිල් හරහා ද මේ උද්‍යානයට ඒමට හැකියාව තිබෙනවා. කොළඹ සිට කිලෝමීටර් 365ක් තිබෙන අතර අම්පාර නගරයේ සිට දුර කිලීමීටර් 120ක් පමණ වෙනවා.


    මේ වන උයන් දෙකම නැරඹීමට ඔබට අවස්ථාව දැන් ලැබී තිබෙනවා. ඉතාම සුන්දරයි. මනරම් දර්ශනීය ස්ථාන තිබෙනවා පරිසර ආස්වාදය විඳින්න.
    වන ජීවීන්ට පරිසරයට කරදරයක් කරන්න එපා. පරිසරය අත්විඳලා පරිසරයට හානියක් නොවන පරිදි හැසිරී සේයාරූ පමණක් රැගෙන ඔබ ආ වාහනවල ටයර් පාරවල් පමණක් උද්‍යානයේ තබා ආපසු යන ලෙස ඉල්ලා සිටිනවා.


    වැඩි විස්තර
    :D
     
    Last edited:

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    Nawatinna tan ehema tiyanawada machang? Details tiyanawa nam tread eke danna. Eka yanna inna ayata loku udauwak

    මේ ජාතික වනෝද්‍යානයේ තවමත් රාත්‍රිය ගතකිරීමට වනජීවී බංගලා නැහැ. තිබූ ස්ථාන එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විනාශ කරලා. එසේ වුවත් දැනට කඳවුරු බිම් තුනක් සකස් කර තිබෙනවා. ගල්අමුණ, ඇදකුඹුක හා මඩමේතොට ඒ අතර වෙනවා. කුඹුක්කන්ඔය මුහුදට වැටෙන මෝය කට නම් ස්ථානයේත් කඳවුරු බිමින් යෝජනා වී තිබෙනවා.

    කුමන ජාතික වනෝද්‍යානය අයත් වන්නේ මොනරාගල හා අම්පාර දිස්ත්‍රික්කවලට. මෙම වනාන්තරයට ළඟම ඇති ප්‍රධාන නගරය වන්නේ පොතුවිල්. ඒ ආසන්නයේ පිහිටි අරුගම්බේ සංචාරක පුරයේ සංචාරක හෝටල් බහුලව තිබෙනවා. එහි නැවතී සිට මේ වනෝද්‍යානය නැරඹීමට එන්න පුළුවන්.

    මේ උද්‍යානය නරඹන්නන්ට උදේ 6 සිට සවස 6.30 දක්වා විවෘතයි. කෙසේ වුවත් කුමන ප්‍රදේශයේ කෑම බීම ආදිය ගැනීමට සුදුසු ස්ථානයක් නැහැ. ඒ නිසා උද්‍යානය නැරඹීමට පැමිණෙන සංචාරකයින් සියඹලාණ්ඩුවෙන් හෝ පොතුවිල්වලින් ආහාර පාන ඇතුළු අවශ්‍ය ද්‍රව්‍ය රැගෙන යා යුතුයි. සංචාරකයන් ඇතුළු කරන විට ස්වේච්ඡා මාර්ග උපදේශකවරයකුත් ලබා දෙනවා.



    මේ පාර සිළුමිණ පත්තරේ තමයි විස්තර තිබ්බෙ. :yes:
     
    Last edited:

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    මේ තියෙන්නේ මම කැමතිම ක්ෂේත්‍ර වලින් එකක් ගැන...බොහොමත්ම ස්තූතියි Thilzz මෙය අප හා බෙදා ගත්තාට...:yes: