~ කුමන කුරුලු පාරාදීසය ~
කුමන කුරුලු පාරාදීසය
YALA-EAST (KUMANA) NATIONAL PARK
Dr Jagath Vasanthathilaka photo
කුමන නැඟෙනහිර පළාතේ තිබෙන කුරුල්ලන්ටම විශේෂ වූ ජාතික වනෝද්‍යානයක්.
කොටි ත්‍රස්තවාදය සහමුලින්ම සමූල ඝාතනය කිරීමෙන් පසු දැන් කුමන වන උයනට යළිත් යන්න අවස්ථාව ලැබී තිබෙනවා.
පසුගිය සතියේ (30/01/2010) කුමන ජාතික උද්‍යානය ජනතාවට නැරඹීමට විවෘත කෙරුණා.
මීට ඇතුළුවීමට කුමන ජාතික උද්‍යාන කාර්යාලයෙන් ප්‍රවේශ පතක් ලබාගන්න ඕනෑ. ඇතුළුවෙන ස්ථානයේම වනෝද්‍යානයේ සිටින වන ජීවීන් පිළිබඳව සත්ව දර්ශන බලාගන්න පුළුවන්. වනජීවී පර්යේෂණ මධ්‍යස්ථානයක් මෙහි තිබෙනවා.
නැඟෙනහිර වනජීවී කලාපය බාර සහකාර අධ්යක්ෂ බී.වී.ආර්.ජයරත්න මහතා පවසන පරිදි කුමන ජාතික උද්‍යානයට හෙක්ටයාර් 35664.7ක් හෙවත් අක්කර 89161.85ක භූමි ප්‍රදේශයක් අයත් වෙනවා.
Nayana Perera photo
යාල ජාතික උද්‍යානයට මායිම්ව නැඟෙනහිර ප්‍රදේශයේ කුඹුක්කන් ඔය ආශ්‍රිතවයි මෙය පිහිටා තිබෙන්නේ. ඊසාන දිග මෝසම් වැස්සෙන් මෙයට බහුලව වැස්ස ලැබෙනවා. කුමන ජාතික වනෝද්‍යානය අයත් වන්නේ මොනරාගල හා අම්පාර දිස්ත්‍රික්කවලට. මෙම වනාන්තරයට ළඟම ඇති ප්‍රධාන නගරය වන්නේ පොතුවිල්. ඒ ආසන්නයේ පිහිටි අරුගම්බේ සංචාරක පුරයේ සංචාරක හෝටල් බහුලව තිබෙනවා. එහි නැවතී සිට මේ වනෝද්‍යානය නැරඹීමට එන්න පුළුවන්.
2006 සැප්තැම්බර් පස්වැනිදා මෙය ජාතික වනෝද්‍යානයක් ලෙස ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. කුමන වනාහි කුරුල්ලන්ට ප්‍රසිද්ධ, කුරුල්ලන් වැඩිපුර සිටින අන්තර් ජාතික ලෙස පර්යටනික (සංචාරක) පක්ෂීන් විශාල ලෙස සිටින තැනක්. දෙසැම්බර් හා මාර්තු අතර මෙහි වැඩිපුර කුරුල්ලන් දකින්න පුළුවන්.
පර්යටනික පක්ෂි විශේෂ 90ක් පමණ කුමන විල්ලුව ප්‍රදේශයේ බහුලව සිටින බව කුමන උද්‍යාන භාරකරු ලෙස සේවය කරන අජිත් වසන්ත කුමාර මහතා පවසනවා.
Sudam Gunasinghe photo
laguna.thanga photo
Earth Lanka photo
Earth Lanka photo
නමුත් දැන් යළිත් පසුගිය වසරේ ඉඳන් කුරුල්ලන් ඉස්සර වගේම එනවා. ලංකාවේ උසම පක්ෂියා වන අලිමානාවා මෙන්ම ලංකාවේ විශාලතම පක්ෂියා වන බහුරු මානාවා ද මෙහිදී දැකගන්න පුළුවන්.
වනජීවී භාරයේ ශ්‍රී ලාල් නිශාන්ත හෙට්ටිආරච්චි කළ අධ්‍යයනයක් අනුව මෙහි දෙස් විදෙස් පක්ෂි විශේෂ 280ක් පමණ ඉන්න බව පැවසෙනවා. ලංකාවට ආවේණික වලි කුකුළා, හබන් කුකුළා හා ගිරා මලිත්තා මෙහිදී අපිට බහුලව දකින්න පුළුවන්.
ක්ෂීරපායි විශේෂ 20ක් පමණ මෙහි සිටින බව වනජීවී නිලධාරීන් අපට කීවා. අලියා, දිවියා, වලහා, ගෝනා, තිත්මුවා, වල් හරක්, හඳුන්දිවියා, කුළුහරක්, නරියා, වල් ඌරා, රිළවා, රන්මුගටියා මෙහි බහුලව ඉන්නවා.
Sudam Gunasinghe photo
Sudam Gunasinghe photo
Earth Lanka photo
Earth Lanka photo
Chaminda Jayaratne photo
ඊට අමතරව කැස්බෑවුන් ද වෙරළ ආශ්‍රිතව ඉන්න බව පැවසෙනවා. වැව් ගණනාවක් කළපු කිහිපයක් වනෝද්‍යානය ඇතුළත තිබෙන අතර බාගරේ කළපුව, ඉටිකළ කළපුව, පලුගස්වැව තුමුල්ල වැව, දිවුල්පල්ලම වැව ඒ අතර ප්‍රධානයි.
කුඹුක්කන් ඔය
Rahula Perera photo
මේවායේ සිටින මත්ස්‍ය විශේෂ ගණන 40ක් පමණ වෙන බව වනජීවී නිලධාරීන්ගේ අදහසයි. රැවුල් දණ්ඩියා, ගල්පාඬියා, මගුරා ආදී ආවේණික විශේෂ මෙන්ම වලයා, ලූලා, පොල්මල් ආඳා, මස්පෙතියා මෙන්ම තිලාපියා ද ඒ අතර වෙනවා. සමනළ විශේෂ ද මෙහි සිටින බව ගවේෂණ මඟින් අනාවරණය වී තිබෙනවා. ඒ විශේෂ ප්‍රමාණය 40කට ආසන්නයි.
කොළඹ සිට පැමිණෙනවා නම් රත්නපුරය පැල්මඬුල්ල, බලංගොඩ, බෙරගල, වැල්ලවාය, මොනරාගල, සියඹලාණ්ඩුව, ලාහුගල, පොතුවිල්, අරුගම්බේ, පානම, කුඩුම්බිගල අභය භූමිය හරහා මේ ජාතික උද්‍යානයට ඒම පහසුම මඟයි.
ඊට අමතරව කොළඹ රත්නපුර පැල්මඩුල්ල, උඩවලව, තණමල්විල, වැල්ලවාය, සියඹලාණ්ඩුව, පොතුවිල් හරහා ද මේ උද්‍යානයට ඒමට හැකියාව තිබෙනවා. කොළඹ සිට කිලෝමීටර් 365ක් තිබෙන අතර අම්පාර නගරයේ සිට දුර කිලීමීටර් 120ක් පමණ වෙනවා.
මේ වන උයන් දෙකම නැරඹීමට ඔබට අවස්ථාව දැන් ලැබී තිබෙනවා. ඉතාම සුන්දරයි. මනරම් දර්ශනීය ස්ථාන තිබෙනවා පරිසර ආස්වාදය විඳින්න.
වන ජීවීන්ට පරිසරයට කරදරයක් කරන්න එපා. පරිසරය අත්විඳලා පරිසරයට හානියක් නොවන පරිදි හැසිරී සේයාරූ පමණක් රැගෙන ඔබ ආ වාහනවල ටයර් පාරවල් පමණක් උද්‍යානයේ තබා ආපසු යන ලෙස ඉල්ලා සිටිනවා.
වැඩි විස්තර

Last edited: