කුමරියට_සැප_එපාලු

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
කුමරියට_සැප_එපාලු

ප්‍රේමය වෙනුවෙන් රජ සැප අතහරින ජපන් කුමරිය



_96100101_5cd8d76d-add8-4d36-974a-e45b2840745f.jpg


අකිහිතෝ අධිරාජ්‍යයාගේ පළමු මිනිබිරිය වන මාකෝ කුමරිය

සාමාන්‍ය වැසියෙකු විවාහ කර ගැනීම සඳහා ජපන් රාජ කුමාරියක සිය රාජකීයත්වය අතහැරීමට තීරණය කරයි.
අකිහිතෝ අධිරාජ්‍යයාගේ පළමු මිනිබිරිය වන මාකෝ කුමරිය විවාහ ගිවිස ගැනීමට නියමිතව ඇත්තේ නීති සමාගමක සේවය කරන කෙයි කොමුරෝ සමඟ ය. දෙදෙනාම විසිපස් හැවිරිදි වෙති.
ටෝකියෝ නුවර විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබමින් සිටියදී දෙදෙනා මුලින්ම හමුවී ඇත්තේ 2012 වසරේදී ය.


_96101264_4263f50b-779a-4d0f-bf9f-0ba4f67c125b.jpg


නීති සමාගමක සේවය කරන කෙයි කොමුරෝ

ජපානයේ රාජකීය නීතියට අනුව රාජ කුමාරියක විසින් සාමාන්‍ය පුද්ගලයෙකු විවාහ ගිවිස ගනු ලබන්නේ නම් ඇය රජ පවුලෙන් ඉවත්වීම අනිවාර්ය වෙයි.
ඉතිහාසයේ ප්‍රථම වරට ජපන් රජ පවුලේ කුමාරියක විසින් සාමාන්‍ය වැසියෙකු විවාහ කරගනු ලැබුවේ 2005 වසරේදී ය. ඒ මාකෝ කුමරියගේ නැන්දණිය වන සයාකෝ කුමරිය විසිනි.
ටෝකියෝ නගර සභාවේ නාගරික සැලසුම්කරුවෙකු සමඟ විවාපත් ඇය රාජකීයත්වය අතහැර සාමාන්‍ය වැසියෙකු බවට පත්වූ පළමු ජපන් රාජ කුමාරිකාව ලෙස ඉතිහාසගත විය.


_96101265_f8202ca0-ae98-4c82-a50c-20d922fc5cad.jpg


රජ පවුලෙන් ඉවත්වූ ප්‍රථම කුමරිය සයාකෝ සිය සැමියා සමඟ

අනතුරුව එක් කාමරයක් පමණක් සහිත මහල් නිවාසයක පදිංචි වූ සයාකෝ කුමරියට මෝටර් රථ පැදවීම සහ වෙළඳ සැලකින් භාණ්ඩ මිලදී ගැනීම වැනි සාමාන්‍ය ජීවිතයේ ක්‍රියාකාරකම් මුල සිට ඉගෙනීමට සිදුවී තිබේ.
සයාකෝ කුමරිය, අකිහිතෝ අධිරාජ්‍යයාගේ දරුවන් අතර සිටින එකම දියණිය වෙයි.
අසූතුන් හැවිරිදි අකිහිතෝ අධිරාජ්‍යයා ද තම රාජකාරිවලින් ඉවත්විය යුතු බවට පසුගිය අගෝස්තුවේ දී ඇඟවීමක් කර තිබුණි.


BBC