කුමරියනේ ඔබ ගැනමයි...

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කුමරියනේ ඔබ ගැනමයි...

    නිදි නැති හිත ඔබෙ ඡායා
    මනස පුරා සොයනවා...
    පියවි ඇසින් දුටු සොදුරුම..
    අගනට සිත බැදෙනවා.......
    ඔබ නොදකින සොදුරු ලොවක
    මම තනියෙම තැවෙනවා.....
    කිසිවක් නොම දැනුනා සේ ..
    ඔබ ඈතට ඇදෙනවා.......

    සිනහව රැදි මුව මඩලින්
    මගෙ ලතැවුල් නිවනවා.....
    අභිනයකින් දෙනෙත් වටා...
    අනග රැගුම් පෙනෙනවා...
    ඒ රැගුමේ මා රජු වී...
    ඔබ කොහෙදැයි සොයනවා...
    ආදරයක් නොදුටු ලොවක..
    මගෙ රැජිනිය සිටිනවා.....

    සොදුරු වදන් මට පවසා...
    ඉවතට ඇයි ඇදෙන්නේ...
    අදුරු ලොවක මා තනිවී
    යන බව ඔබ නොදන්නේ....
    මිහිරි හඩින් එක් වදනක්
    මුමුනා නික්මියන් නේ....
    කුමරියනේ ඔබ ගැනමයි..
    නිදි නොමැතිව හිතන්නේ...!
     
    • Like
    Reactions: ~Titi~ and DILUF

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    නිදි වරනා රෑ තුන්යම
    සිතේ නුඹව සිර වෙනවා
    උදා වු දිනයක් ගානේ
    සිත සිතුවිලි ලතවෙනවා

    අහිමිද හිමිදෝ නුඹ මට
    හදවත මගේ විමසනවා
    අසම්මත පෙමක පැටලී
    අතරමංව සිත දුවනා

    ඔබේ සිහින කුමරු මමද
    මගේ සිහිනේ අයිති නුඹද
    තවමත් නැත මට වැටහී
    සුමුදු වදන් නුඹේ තවත්
    හෙට මට අසනට වේවිද
    සදහට සෝ සුසුම් හිමි ද
    පිළිතුරු නොමැතිව හිඳිමී.....
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    aeNYLMO_460sa.gif
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    බලපන් ස්කර්වියා දාන මෙලෝම රහක් නැති ගූ ත්‍රෙඩ් වලට කොච්චර පෝස්ටු වැටෙනවද කියල,ඒත් මේ වගේ එකක් කියවල රස විඳලා බම්ප් එකක් හරි දාල යන්නේ එහෙමත් එකෙක් තමයි ඉතිං...අනේ කාලේ වනේ වාසේ කිව්වලු
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බලපන් ස්කර්වියා දාන මෙලෝම රහක් නැති ගූ ත්‍රෙඩ් වලට කොච්චර පෝස්ටු වැටෙනවද කියල,ඒත් මේ වගේ එකක් කියවල රස විඳලා බම්ප් එකක් හරි දාල යන්නේ එහෙමත් එකෙක් තමයි ඉතිං...අනේ කාලේ වනේ වාසේ කිව්වලු
    avatar123465_37.gif
    :sorry:
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    මොකද බොල උදේ පාන්දර සුදු කොඩි දාගෙන.... :dull:
    පෝය දවසේ දානවද බන් මෙහෙම ඇඩෙන්න හෙනගහනවා තොට :angry::angry::angry::angry:


    මරු වචන ටික සන්කපාලයෝ :love:

    You must spread some Reputation around before giving it to Dinushasankalpa again.