කුමාරතුංග මුනිදාස ගුණ සැමරුම මහ පාරේ.

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    කුමාරතුංග මුනිදාස ගුණ සැමරුම මහ පාරේ.

    මහා පඬිවරයෙකු හා හෙළ හවුලේ නායක කුමාරතුංග මුණිදාසයන්ගේ ගුණ සැමරුම් උත්සවය අද (02) මහ පාරේ පැවැත්වුණා. කුමාරතුංග මුණිදාසයන්ගේ 70 වන ගුණ සැමරුම් උත්සවය යෙදී ඇත්තේ අද දිනටයි.

    සෑම වර්ෂයක් පාසාම දික්වැල්ලේ - වැවුරුකන්නල - දික්හේන ප‍්‍රදේශයේ ඔහු උපන් බිමේ පිහිටුවා ඇති ස්මාරකය අසල මෙම ගුණ සමරුව පවත්වනු ලබනවා. නමුත් දික්වැල්ල ප‍්‍රාදේශීය ලේකම්වරයාගේ තහනම් නියෝගයක් හේතුවෙන් අද දිනයේදී ගුණ සමරුව මහා මාර්ගයේ පැවැත්වූ බවයි එම උත්සවයේ සංවිධායක දික්වැල්ල බුදුරජ මහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය දික්වැල්ලේ තිස්ස අනුනාහිමියන් හිරු ප‍්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

    මේ සම්බන්ධයෙන් හිරු ප‍්‍රවෘත්ති අංශය දික්වැල්ල ප‍්‍රාදේශීය ලේකම් බී.එස්. රංජිතගෙන් විමසීමක් කළා. ඔහු සඳහන් කළේ අනවශ්‍ය සංවර්ධන කටයුතු නොකරන ලෙස සංවිධායක මඩුල්ලට දැනුම් දී ඇති බවයි.එසේ නොමැතිව එම ස්ථානයට ඇතුළුවීමේ තහනමක් පනවා නොතිබූ බවයි ප‍්‍රාදේශීය ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.


    1393767924_8858626_hirunews_kumarathunga-munidasa.jpg