කුමාරතුංග මුනිදාස ශූරීන්

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    කුමරතුඟුන්ගේ කවි

    කුමාරතුංග මුනිදාස ශූරීන් විසින් රචිත කවි පංතියක්.

    සිරිමත්


    සිරිමත් මගෙ සකි යහපත් ලමයෙකි
    නුවණත් ඇත්තෙකි වැඩටත් සමතෙකි
    උදයම පුබුදී මුහුණට දිය දී
    කුලදෙවි නමදී ගේ දොර හමදී

    පාඩම් කරනට පතපොත ගෙන සිට
    සිත වෙන දෙයකට නොහරී කිසි විට
    වෙලාව නොවැරැද කෑමට ආ සඳ
    ඔහුට වඩා සොඳ මහතෙක් කවරෙද

    පාසල් යන්නේ දෙව්ලොව මෙන්නේ
    දැක දරුවන්නේ මුහුනු පිපෙන්නේ
    එහි කියැවීමට ලියුමට ගැණුමට
    කව් ගී කීමට දෙවැනිද කා හට

    නින්දට යන තැන කුලදෙවි වඳිමින්
    කටයුතු පසුදින සලකයි නුවණින
    සොඳ දේ සිතුමත් සිතු දේ කීමත්
    කී දේ කැරුමත් නොහරී සිරිමත්

    මාපිය සහ ගුරු නෑදෑ සොහොවුරු
    සැමටම කීකරු සැපතෙකි මේ දරු
    මාපිය සහ ගුරු නෑදෑ සොහොවුරු
    සැමටම කීකරු සැපතෙකි මේ දරු


    ****

    විශාරද නන්දා මාලිනී-සිරිමත් මගෙ සකි



     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    කුමරතුඟුන්ගේ කවි

    කුමාරතුංග මුනිදාස ශූරීන් විසින් රචිත කවි පංතියක්.

    රෝස ගස

    රෝස ගසින්
    මල් අවලා
    තෝස වැඩෙයි
    සිත විපුලා

    මේ සමාන
    කුමන මලා
    දෑස කුමට
    මෙය නොබලා

    ලොල් වඩමූ
    මල් කඩමූ
    වැල් ගොතමූ
    බෙල්ලෙ ලමූ

    මාගේ නංගිගෙ
    කම්මුල
    වාගේ රුව
    ඇති මේ මල
    ඈගේ මෙන්
    සිඹිනෙමි බල
    කාගේ සිත
    නොකෙරෙද ලොල

    ලොල් වඩමූ
    මල් කඩමූ
    වැල් ගොතමූ
    බෙල්ලෙ ලමූ

    මෙන්න මෙ හොර
    මී මැස්සා
    පැන්නෙ මලට
    ලෙස පිස්සා
    ගන්නට රොන්
    උගෙ රිස්සා
    යන්නට දෙමු
    මල ගස්සා

    ලොල් වඩමූ
    මල් කඩමූ
    වැල් ගොතමූ
    බෙල්ලෙ ලමූ


    ****

    විශාරද නන්දා මාලිනී-රෝස ගසින්


     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    කුමරතුඟුන්ගේ කවි

    කුමාරතුංග මුනිදාස ශූරීන් විසින් රචිත කවි පංතියක්.

    පොරණ පඬින් කළ පත පොත
    නුවණ ලැබෙයි කියැවුව හොත
    නො දැන අකුරු කියවනු නැත
    අකුරු තමා නැණ ගෙන දෙත

    නුවණ ලබා දෙන දෙවියෝ
    අකුරු ය ඉන් නො වනු වියෝ
    එ අකුරු මැනැවින් සෙවියෝ
    වෙති රට සලකන කිවියෝ

    නිවැරැදි හඬ නගා කියව
    හොඳ හැඩයට අකුරු ලියව
    ගී ද මිහිරි හඬින් ගයව
    ගිය ගිය තැන සැප සපයව

    පුරුදු නොකළ හොත් දිනැ දින
    නිසි පල නො ලැබෙයි අකුරින
    ආදරයෙන් බැතින් එයින
    අකුරු පුරුදු කරනු නිතින

    පළමුව ඔබගේ සැලැකිලි
    ලැබුණොත් අකුරට නො පැකිලි
    දෙවනු ව අකුරේ සැලැකිලි
    ලැබේ ය දුක් වී වැලැකිලි

    අකුරු ඔබට අහර සොයා
    ඔබ නම රට පුරා කියා
    මෙ ලොව එ ලොව සැප සපයා
    ජය දෙයි සැම තැන ම සියා

    කුමරුන් කුමරියන් අමර
    වැ නිය අකුරු ඔබ පිරිවර
    මුල දී නොගතොත් තර කර
    නො ලැබේ මතු කල අවසර

    උදයෙ ම නින්දෙන් නැගෙන්නැ
    පිරිසිදු වී තැනෙක ඉන්නැ
    අකුරට බුහුමන් කරන්නැ
    නුවණ වඩින දොර හරින්නැ

    ඉතින් ඇතැ යි පසු නො බසිනු
    නැවත නැවත පුරුදු කරනු
    බුරුලක් වෑයමට නො දෙනු
    බැරි ම තැනක් අසා උගනු


    පෙර කල ඔබ වැනි දරුවෝ
    ඉගෙන අකුරු මරු මැරුවෝ
    අලසව එ අකුරු වැරුවෝ
    නම ගම සමඟින් දිරුවෝ

    ළමා කලය අකුරට හුරු
    යන්නට එය නිකම් නො හරු
    සොඳට පිහිට වෙති ගුරුවරු
    වන්නට බල උන් හට ගුරු

    ඉපිද මෙ ලොව කිම වෙසෙසක්
    නො කොට මළොත් නොවිඳ සැපක්
    වෙසෙසින් කරනට කිසිවක්
    අකුරිනි ලැබෙතොත් පිහිටක්

    ලොවට උපන්නේ පුත ඔබ
    යම් කිසිවක් පිණිස යැ සුබ
    එ සිදු කරන්නට ඉඩ ලැබ
    ගත හැකි අකුරිනි සිත තබ

    ගුරු දෙ ගුරුන් ඈ හැය ‍ දෙන
    ලවා දැන් ම හොඳ යැ කියන
    බස කියවා නොගත හොතින
    විපත පෙනේ මතුවට මතුවට එන

    අකුරට දැන් වන්න දාස
    අකුරු පසු වැ වේ යැ දාස
    සිදු වෙයි ඔබ හැම අදාස
    පැමිණෙයි සැප දාස දාස

    -අකුරු සැහැල්ල


    උපුටා ගත්තෙ මෙතැනින්
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    කුමරතුඟුන්ගේ කවි

    කුමාරතුංග මුනිදාස ශූරීන් විසින් රචිත කවි පංතියක්.

    දරු සුරතල්

    මගේ පුතා මගෙ දෑතට එන්න මේ
    ඇතිද රෝස මලේ අගයෙක් ඉතින්
    දැක ඔබේ මුහුණේ සුරතල් සිනා
    මැලැවුණේ මේ මලයි පිපුණෙමි මමයි

    සඳ කැලුම් දෙවියන්ගෙ අමා දියෙන්
    මැඩැ සමන් කුසුමන් පතැ ලා සෙමෙන්
    සිය වරක් පුලුනේ පෙඳ ගින් පෙළූ
    ඇදැ තිබීද බඹා ඔබ ගේ සිනා

    පුත මමූණ ඔබේ කොමළත් දෙකින්
    අම රසෙන් තෙමනා කලැ මේ ලෙසින්
    කුමට මම පතනෙම් සුව දෙවු ලොවේ
    එ සුව මේ නොලබන්නයි සිතම්

    පතපොතේ නැති මුත් ඔබගේ වදන්
    එ බදු මීරි කවක් තැනුවෙක් නොවේ
    කිම ද ගී බඳනා දන එවන්
    රස යෙදීම නොදන්නෙ උගත් නමුත්

    මහ තොසින් කිපෙමින් ඇස ගිනි බලා
    කොමළ අත් පොඩියක් ඔසවා එයින්
    මසිත දුක් ගිරි මත් හෙණ පාර දී
    පළ කරන්න විකුම් බල බාලයන්

    පය තුබූ හ‍‍ඬෙනුත් දැනැ මා එති
    හැරැ සියල්ල නගා පිය නාදයක්
    දන ගගා අවුදින් පැන ලා ගෙලේ
    ලණූ නොගත් අතිනුයි බැඳ ලන්නෙ මා

    පිය වදන් බෙණෙමින් සැණෙකින් අවුත්
    සනසමින් දෙ අතින් ඇර ගත් සෙමේ
    ලනු වස් මගේ ආදරයේ තරම්
    වියැළි නෙත් හැඩුමක් ‍නොහඬන්නෙ ඇයි

    සපනෙකැයි කියුමෙන් කට නෑ ඉඩෙක්
    පය නගන්නට ඇයි සැක මේ තරම්
    ඉගැනුමක් කො ද වී තොර වෑයමින්
    ඇඟිලි අක් ගෙන වත් නැගිටින්නැ මා

     

    pads

    Member
    May 18, 2007
    2,935
    34
    0
    kuwait
    ගොඩක් කාලෙකට පස්සෙ දැකපු ගොඩක් වැදගත් ලිපි කිහිපයක්
    බොහොම් ස්තුතියි නංගී
     

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    සොයුරිය ඔබ විසින් මේ හුයට කරන්නවූ සේවය අති විශිෂ්ඨයි. නූර්ති ගී, ලමා ගී, රට රටවල ජන කතා,සඳුන් සමඟ එකතුවී ශාන්ති කර්ම වැනි තේමාවන් යටතේ අපි සියළුදෙනාම දැනුවත් කිරීම පිලිබඳව හදවතින්ම සුභපතන අතර , තවතවත් ඔබට ශක්තිය, ධෛර්ය ලැබේවා.
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    කුමාරතුංග මුනිදාස ශූරින් ගැන ලියැවුනු ගීයක්, අහලම බලන්න කට්ටියම :)

    කුමරතුඟුන් ගේ අගේ
    දවසැ දවසැ හෙළ දැයේ
    ඉර වගේ හඳ වගේ
    ජයට පතළ වේ

    මගෙ රට මගෙ දැය නිසා
    යුද වැද සතුරන් නසා
    ම දිවි ගියත් කිම අසා
    දැයට පණ පෙවූ

    කුමරතුඟුන් ගේ අගේ...

    බසේ අවුල් ගැට මුදා
    රැසේ ඇළුම් ගෙන බදා
    දෙසේ සැබෑ කොට උදා
    තෙ රුවනක් මැ වූ

    කුමරතුඟුන්ගේ අගේ...

    දෙවියකු කීවත් එපා
    පිළිගන්නට දෙස් නොපා
    එ හඬින් අඩි බිම දපා
    හෙළ මොළ මෙළැ වූ

    කුමරතුඟුන්ගේ අගේ...

    නොයෙක් නොයෙක් දේ බදා
    බිඳුණු මෙ දැය බස සදා
    එකට එකතු කොට යොදා
    හෙළ හවුල් මැවූ

    කුමරතුඟුන්ගේ අගේ...

    පද: අරිසෙන් අහුබුදු ශූරීන්