කුමාර් පිළිබද සිංහල erotic එක

obama2

Member
Apr 18, 2012
424
30
0
කුමාර් පිළිබද සිංහල erotic එක

කුමාර් පිළිබද සිංහල erotic එක

Posted on 18 April 2012.
Rating: 0.0/7 (0 votes cast)


පසුගිය දිවයින පුවත් පතක සමන් ගමගේ මාධ්‍යවෙිදියා විසින් ලියූ ජ.වි.පෙත් කඩලා රැගුමක් රඟලා ඉගිල ගිය කුමාර් මහත්තයා නම් ලිපිය ලංකා සී නිවිස් වෙබි අඩවිය විසින් පලකර තිබේ. මෙම ලිපිය මගින් සමන් ගමගේ අපි සැවොම දන්නා කරුණු නැවත වටයකින් පුන පුනා ඉදිරිපත්කර ඇත. මෙහිදි කුමාර් ගුණරත්නම් නැමත්තා පිළිබදව විවිධ කතා කියන සමන් ගමගේ ජන අරගල ව්‍යපාරය ජ.වි.පෙ කැරලිකාර පිළ වශයෙන් නම්කර කුමාර් නම් වෙනස් කිරීම ආදී අප හොදින්ම දන්නා කරුණු පමණක් නැවත නැවතත් කියමින් සිටියි.

ඔහුගේ ලිපියේ අන්තර්ගතයේ අලුතින් හිතන්නට කිසිවක් ඉදිරිපත්කර නොමැති අතර ඔහු තමන්ගේ හිතට නැගෙන සිතුවිලි ඔහුට කැමති ආකාරයට විශ්ලේෂණය කරයි. අපි මෙවැනි දෙකයි පනනේ මෝඩ චන්ඩින් වන මාධ්‍යදෙිීන්ට විවෘතව අභියෝග කරන්නේ කුමාර් ගුණරත්නම් ගැන නොදන්නා තොරතුරු ඉදිරිපත් කර ඇත්තටම ඔහු කවුද යන වග ඉදිරිපත් කරන ලෙසයි. එසේම සමන් ගමගේ රැකියාව කරන දිවයින පුවත්පතෙහි හිමිකරු වන නිමල් වෙල්ගම මේ වන විටත් ගහන විවිධ ගේම් ගැන පුලුවන්නම් ලියන්නට කියායි. කුමාර්ගේ දේශපාලන භාවිතාව ප්‍රශ්ණ කරන්නට පෙර සිය ආයතන ප්‍රධානියාගේ කැත ගේම් ගැන ජනතාවට දැන ගන්නට පුලුවන් නම් ලියන්න යැයි අපි සමන්ට අභියෝග කරන්නෙමු. සිය රැකියාව බෙිරා ගැනීම සදහා ඔහු මේවා නොදන්නා ආකාරයෙන් බාබා පාට් දමන අතරම මෙරට දේශපාලනය කරන උදවියට බොරු චණ්ඩිපාට් දමමින් සිටියි.
මෙවැනි ලිපි සිය වෙබි අඩවියේ පල කරන ලංකා සී නිවිස් වෙබ් අඩවියේ මහත්වරුන්ට අපිට කියන්නට ඇත්තේ විමල් වීරවංශ ජ.වි.පෙන් ඉවත් වූ ඇත්තම තොරතුරු හා මේ මොහොතේ විමල් කරමින් සිටිනා දේවල් ගැන පුලුවන් නම් ලියන්නට කියායි.

කුමාර් ගුණරතනම් ජ.වි.පෙ දෙවන අරගලයෙන් පසු පක්ෂය යළි ගොඩ නගන්නට දැක්වූ දායකත්වය කුමක්ද? වසර 1993 පසු මධ්‍යගත නායකත්වයක් යටතේ කුමාර් වටා ජ.වි.පෙ දේශපාලනය ව්‍යුහගත වූයේ කෙසේද? ජනවාර්ගික යුද්ධයේ දී සිංහල ජාතිවාදී මතවාදය වෙනුවෙන් කුමාර් ගුණරත්නම් දැක්වූ ප්‍රතිචාරය කෙබදුද? අවසානයේ ජ.වි.පෙන් කුමාර් පාර්ශවය බෙදී වෙන්වන්නේ ජාතිවාදයට එරෙහිවද? නැතිනම් වෙනත් හේතුවක් මතද? දෙමල ජාතික අරගලය වෙනුවෙන් පෙනී සිටි හිරු කණ්ඩායමේ රෝහිත භාෂණ සමග කුමාර්ගේ ඇති සම්බන්ධය කුමකදි? මෙවැනි අප නොදන්නා අපහැදිලි කරුණු සිය පුවත්පත මගින් ඉදිරිපත් කරන්න යැයි අප සමන් ගමගේ වැනි බොරු චන්ඩින්ට අභියෝග කරන අතර ජන අරගල ව්‍යපාරයේ ඕපාත මහත්තයා හැර පුබුදු ජයගොඩ, චමීර කොස්වත්ත, උදුල් ප්‍රේමරත්න වැනි මහත්වරුන්ට කුමාර් ගුණරත්නම් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ඉදිරිපත් කරන්න යැයි අපි අභියෝග කරමු. ජන අරගල ව්‍යාපාරයේ ස්වයං විවෙිචනයේ දී පවා කුමාර් මහත්මයා ගැන කිසිවක් කියන්නට අමතක වන්නේ මේ අය ඉතිහාසය නොදන්නා නිසාද?
ඕනෑම පුද්ගලයෙකුට යම් දේශපාලන ව්‍යපාරයක් වෙනුවෙන් සිය නම මාරුකිරීමට අයිතියක් වේ. විජෙවීර විවිධ නම් වලින් පෙනී සිටියාසේම ලෙනින් යන නම පවා වැල්ද්මීර් ඉල්ලිච්ගේ අනවර්ත නාමයකි. දේශපාලනයේ දී නම වැදගත් නොවන බව අදේශපාලනික සමන් ගමගේ නොදන්නා බව අපට පැහැදිලිය. වියට්නාම් විප්ලවයේ නිර්මාතෘ හෝ චී මිං සහෝදරයාට නම් හතලිස් හතරක් තිබුනු බව මේ බූරුවන් දන්නේ නැත. පුද්ගලයෙකුගේ නම යනු සදාචාරය සමග සම්බන්ධ දෙයක් නොවන අතර මේ කාලකන්නින් තවමත් ජීවත් වන්නේ දෙමාපියන් විසින් ලබාදුන් නම ස්වභාවික යැයි සිතා සිටින ග්‍රෝත්‍රික යුගයකය. නම යන්න ස්වභාවික දෙයක් නොවන අතර එය කැමති අයෙකුට කැමති පරිදි වෙනස් කරන්නට අයිතියක් වේ. මේ වන විටත් පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ වන අපේ ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ ලෙස සිය නම වෙනස් කර තිබෙන්නේ මේ නිසයි. කුමාර් ගුණරත්නම්ට නම වෙනස් කරන්නට සේම දේශපාලනය කරන්නට ඇති අයිතිය ප්‍රශ්න කරන මේ මෝඩ චන්ඩීන් දිවයින පත්තර කන්තෝරුවේ නිමල් වෙල්ගම සමග ගතකරන ජීවිතය ගැන නොදන්නා අයට අවශ්‍ය නම් දැන ගන්නට අප කියා දෙන්නට පුලුවන.



http://3mana.com