කුමාර ගුනරත්න ඝාතනය වෙයි

srilanka.

Banned
Jul 12, 2011
302
47
0
කුමාර ගුනරත්න ඝාතනය වෙයි

ජනතා විමුක්ති පෙරමුණේ අභ්‍යන්තර නායකයෙකු වන පේ‍්‍රමකුමාර ගුණරත්නම් නොහොතේ කුමාර මහතා වහාම අත්අඩංගුවට ගෙන ඝාතනය කරන ලෙස ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ආරක්‍ෂක අංශ ප‍්‍රධානීන්ට නියෝග කර තිබේ.

ඒ අනුව රාජ්‍ය බුද්ධි සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායකයන් කිහිප දෙනෙකු හමුවී මොහු පිළිබඳව තොරතුරු විමසා ඇත.
කුමාර ගුණරත්නම් මහතා ජාත්‍යන්තර සබඳතා ඇති ක‍්‍රියාකාරිකයෙකු බව සඳහන් කර ඇති ආරක්ෂක ලේකම්වරයා මොහු අනාගතයේදී බරපතළ තර්ජනයක් විය හැකි බවට අනතුරු හඟවා තිබේ.
ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් කරනු ලැබූ විමල් වීරවංශ කණ්ඩායම විසින් ලබා දුන් තොරතුරු මත ගුණරත්නම් මහතා පිළිබඳව ආරක්ෂක අංශ සෝදිසියෙන් සිටි අතර එම තත්ත්වය හමුවේ ඔහු විදේශ ගතව පක්‍ෂයේ සංවිධාන කටයුතු මෙහෙයවා තිබේ.
ජනතා විමුක්ති පෙරමුණේ මතවාදීමය අර්බුදයත් සමඟ ඔහු මේ වන විට ලංකාවට පැමිණ ඇති අතර විමල් වීරවංශ කණ්ඩායම ආරක්ෂක ලේකම්වරයාට දැනුම් දී ඇත.