කුරක්කන්

djjaya

Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    6815521536_035aa7ba3a_z.jpg


    කුරක්කන් ආහාරයට ගැනීම බෝ නොවන් රෝගවලින් වැළැකීමට හොඳ උපක්‍රමයක්
    පසුගිය දිනවල පිටිවලින් සෑදූ ආහාරවලින් නම් අඩුවක් නැහැ. විවිධ රසකැවිලි වර්ග නිවසේදීම පිළියෙල කරගෙන පමණක් නොව වෙළඳපොලෙන් මිළදී ගෙනත් මෙවර අවුරුදු කෑ හැටි මතක් වෙනවා. ගෙවී යන බක්මහ අවසානයේ අපව ලෙඩ කරවන්නේ මේ විවිධ රසකැවිලි අප සිරුරේ අධික ලෙස තැන්පත් වීම නිසාය.

    එසේ කියන්නේ පිටි ආහාර අපට එතරම් ගුණදායක නොවන නිසාය. හේතුව දියවැඩියාව, අධික තරබාරුව, කොලෙස්ටරෝල්, අධික රුධිර පීඩනය වැනි රෝග අපගේ ජීවිතවලට තර්ජනයක් වන්නට මේ පිටි සහිත ආහාර උදව්වන නිසාය. පිටි සහිත ආහාර ගැනීම නිසා එසේ සිදුවූනත් සමහර පිටිවර්ග වලින් එසේ අප ජීවිතයට හානියක් සිදු නොවෙනවා යැයි කිව්වොත් ඔබ පුදුම වන්නේද? ඒ ගැන කථා කරන්නට මා වෛද්‍ය චන්ද්‍රිකා වැලිවිටිගොඩ හමුවූවා.

    පිටිවලින් සෑදූ ආහාර අද බහුලව පවතින මුත් ඉන් අපගේ සිරුරට ගුණදායක පිටි වර්ගයක් ලෙස කුරක්කන් හඳුන්වා දිය හැකියි. නමුත් තිරිඟු පිටි ආහාර අද බොහෝ සේ වෙළඳපොලේ තිබෙනවා. පිෂ්ඨය අධිකව ඇති තිරිඟු පිටි ආහාර අප සිරුරට එතරම් ගුණදායක වන්නේ නැහැ. මේ ඝණයට අයත් අනිත් මහා ධාන්‍ය වර්ග අතර ඉරිඟු, බඩඉරිඟු, සහල්වලද පිෂ්ඨය වැඩියි. නමුත් කුරක්කන්වල පිෂ්ඨය ඇත්තේ අඩුවෙනි. දේශීය වෛද්‍ය ක්‍රමයට අනුව කුරක්කන් කුඩා ධාන්‍ය වර්ගයකි. මෙනේරි, තණහාල්, ඕලුහාල්, අමුහාල් මේ කුඩා ධාන්‍ය ගණයට අයත් අනෙකුත් ධාන්‍යයි.

    කුරක්කන් පිටි

    කුරක්කන් පිටි නිපදවන්නේ මෙහි ඇට යොදාගෙනයි. ඇටය තුල පිටි අඩුවෙන් අන්තර්ගතයි. මෙහි පොත්තේ විටමින් හා ඛනිජ ලවන බහුලව අන්තර්ගතයි. ප්‍රධාන පෝෂක කොටස්වලින් එකක් වන පිෂ්ඨය හෙවත් කාබෝහයිඩ්‍රේට් ඇත්තේ අවම වශයෙනුයි. එය කුඩා ධාන්‍ය වර්ගවල පවතින සුවිශේෂී ගුණාංගයක්. කුඩා ධාන්‍යවල ප්‍රෝටීන් බහුලයි. කුඩා ධාන්‍යවල ඒවායේ ප්‍රතිශතයක් සාපේක්ෂව කුරක්කන්වල බහුලව ඇත. ඒ නිසා දිරවීමේ කාලය වැඩියෙන් ගනී.

    කුරහන්වලින් සෑදූ ආහාර

    කුරහන් ඇට, ඇට විදිහට ආහාරයට ගන්නේ නැහැ. සෙසු ධාන්‍ය වර්ග පිරිපහදු කර (පොත්ත ඉවත්කර) ආහාරයට ගත්තද කුරහන් එසේ කරගත නොහැකියි. හේතුව එය දිරවීමේ ඇති අපහසුව නිසාය. එය සැමවිටම ආහාරයට ගත යුතු වන්නේ පිටි බවට පරිවර්තනය කිරිමෙන්ය. පිට්ටු, රොටී, ඉඳි ආප්ප සහ හැලප, කුරහන්වලින් සකසා ගත හැකි ආහාරයන්ය. අතීතයේ සිට පැවත එන ආහාරයක් ලෙස කුරහන් තලප ප්‍රචලිත වී ඇත්තේ ගැමි සමාජය තුළය. ගැමියාට එය සුපුරුදු ආහාරයක් වන්නේ හොඳට කට සැර මස් හෝ මාළු හොද්දක් සමඟ ගැනීමෙනි.

    ශක්ති ජනකයි

    කහට හා මිහිරි රසයකින් යුක්ත කුරහන් ප්‍රෝටීන් බහුල නිසා ශක්ති ජනකබවින් යුක්තයි. වනයේ ජීවත් වූ මිනිසා මුල් කාලයේ කුරහන් තලප සප්පායම් වූයේ කටට රසයක් මින් දැනෙන නිසා මස් හොද්දක් සමඟයි. කිසිදු පැණි රස මිශ්‍රණයකින් තොරව රළුවට හොද්දක් සමඟ කුරහන් තලප ආහාරයට ගැනීම ගැමි සම්ප්‍රදායයි. ඒ නිසා ඔවුන්ගේ ශරීර ශක්තිය, සුදුසු පරිදි හොඳින් වර්ධනය වනු ඇත. දියවැඩියා රෝගී තත්ත්ව ඇතිවීම, මේදය අධික වීම වැනි රෝග අඩුවිය හැකියි. එවැනි ආහාර රටා භාවිතය බෝ නොවන රෝගවලින් බේරීමට හොඳ උපක්‍රමයක් වනු ඇත.

    ජීවන පැවැත්ම

    නිරෝගී වීම නිසා ජීවිත පැවැත්ම සාර්ථක මෙන්ම සුවසේ ගෙවන්නට පුළුවනි. මේ හේතුවෙන් පාන්පිටි වර්ගවලට වඩා පෝෂ්‍යදායී කුරහන් පිටිවලින් සෑදූ ආහාර ඔබ වෙත ළං කර ගැනීම වඩාත් ප්‍රතිඵල ගෙනදේ. මෙහි පවතින අධික ප්‍රෝටීන් නිසා ශක්තිජනක වීම හා විටමින් ඛනිජ ලවන වර්ග හේතුවෙන් සිරුරට අවශ්‍ය පෝෂණය ලැබී නිරෝගී දිවි පැවැත්මකට හිමිකම් කියන්නට හැකිවනු ඇත. ප්‍රිය උපදවන ආහාරයක් ද වේ. කුරහන් පිටිවලින් සැකසූ ඉඳි ආප්ප, පිට්ටු , රොටී ඔබගේ ආහාර රටාවට එකතු කර ගතහොත් එය ජීවිතයේ දිගු ගමනකට ඉඩ සලසනු ඇත.

    ස්වර්ණා ආරියවංශ
    කුරක්කන් 100ඨ ක තිබෙන පෝෂණ අගයන්

    ශක්තිය - කිලෝ කැලරි 332

    මේදය - ග්රූම් 1.7

    ප්‍රෝටීන් - ග්රූම් 6.5

    යකඩ - මිලි ග්රූම් 4.0

    කැල්සියම් - මිලි ග්රූම් 350

    කැරොටීන් - මයික්‍රොග්රූම් 60
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචං උබ පට්ට පොස්ට් ගොඩක් දාලා තියනවා රේප් දෙන්නේ පුළුවන් උන ගමන් දෙනවා