කුරාණය ගිණිබත් කිරීමට සැරසේ..
ඇමරිකවේ 9/11 ප්‍රහාරය හේතුකොට ගෙන එම දිනය කුරාණය ගිණිබත් කරන දිනය ලෙස හදුන්වන ලෙස පූජක ටෙරී ජෝන්ස් පවසයි. මොහුගේ වෑයම වන්නේ මෙය සංකේතවත් කරමින් ඉස්ලාමීය බැතිමතුන්ගේ ශුද්ධ වූ ග්රන්ථයක් වන කුරාණයෙහි පිටපත් 200 ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේදී ගිණිතබා විනාශ කිරීමයි.
ඇමරිකා එක්සත් ජනපදයේ ලේකම්වරිය වන හිලරි ක්ලින්ටන් මහත්මිය පවසන්නේ මෙය ඉතා පහත් නින්දිත ක්‍රියාවක් බවයි. මැදපෙරදිග ඉස්ලාමීය මාධ්‍ය මෙම ක්‍රියාවලිය විස්තර කරන්නේ මෙය ලෝකය පුරාම පැතිරී යා හැකි විනාශකාරී ගින්නක ඇවිලීම ලෙසයි.. කෙසේ නමුදු පූජක ටෙරී ජෝන්ස් පවසන්නේ අන්තවාදී ඉස්ලාමීය ක්‍රියා ඉවසා සිටි කාලය හි නිමාව බව පැවසීමේ කාලය එලඹ ඇති බවය. මෙම ආන්දෝලනාත්මක ආරංචිය නිසා මැදපෙරදිග ඇතුලු ඉස්ලාමීය රටවලින් ඇමරිකාවට දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතී..
මූලාශ.
http://www.guardian.co.uk/world/2010/sep/08/hillary-clinton-plan-to-burn-quran-disrespectful