කුරිරු ඒකාධිපතින්ගෙ කුරිරු අවසානය
ජෝසෆ් ස්ටාලින් - රුසියාව ඒකාධිපති සමාජවාදි පාලනයක් කරා ගෙන යාමට ස්ටාලින් කටයුතුකළ අතර, මිලියන ගණනක පිරිසක් මෙකල මොහුගේ අදූරදර්ශී පාලනය නිසා කෑමක් බීමක් හරිහැටි නොමැතිව දුක් වින්දේය, එමෙන්ම සිය පාලනයට එරෙහිවූ සියල්ලන්ම මරා දැමීමට ස්ටාලින් කටයුතු කළේය, අවසන ඇතිවූ ආඝාත රෝග තත්වයක් හේතුවෙන්(මොළයට ලේ නොයාමෙන්) මොහු මරණයට පත්විය...
බෙනීටෝ මුසෝලීනි - ඉතාලියේ අගමැති ලෙසින් කෲර පාලනයක් ගෙන ගිය මුසෝලීනි ලෝක යුද සමයේ ලක්ෂ 4කට වැඩි ගණනක පිරිසක් මරා දමා තිබිණි, එමෙන්ම හිට්ලර් සමඟ එකතුව, සමස්ථ ලෝකයම ලෝක යුද්ධයක් කරා ගෙන යාමට ඔහු වගකිව යුත්තෙකි,බල ලෝභයෙන් මත්ව ඉතියෝපියාව ආක්‍රමණයට මොහු ගත් පියවර නිසා ලක්ෂ ගණනක අසරණයින්ට අවසන සිය ජීවිත වලින් වන්දි ගෙවීමට සිදුවිණ,මෙසේ කුරිරු අයුරින් හැසිරුණු මුසෝලීනිගෙ අවසානයද කුරිරු එකක්ම විය, සමාජවාදී ක්‍රියාකාරීන් විසින් එල්ලා ගල් ගසා මුසෝලිනිව මරාදමා තිබුණේ ඉතා සාහසික අන්දමිනි
ඇඩොල්ෆ් හිට්ලර් - සැවොම දන්නා කෲර ජර්මානු ඒකාධිපතියා, හිට්ලර් විසින් මරාදමන ලද නාසීන්ගේ ගණන කෝටි එක හමාරක් පමණ වන බවයි සඳහන් වන්නේ, ලෝක යුද්දයකට ලොවම ඇදගෙන ගිය හිට්ලර්, පසුව මිය යන්නේද, තම හිසට සියතින්ම වෙඩි තබා ගැනීමෙනි, හිට්ලර් නිසා ජර්මනියට පසු කලෙක සම්බාධකද පැනවෙන අතර, ලෝක යුද්දයෙන් සිදුවූ විනාශය නිසා අදටත් අසරණයින් රැසක් ඊට වන්දි ගෙවයි
ඉඩි අමින් - උගන්ඩානු ඒකාධිපති පාලකයා වූ ඉඩි අමීන්ගේ පාලන කාලය 1971 සිට වසර 8ක කෙටි කාලයකට සීමා වුවද, එයින් සිදුවූ විනාශය අති මහත්ය, රටේ නීතිය සත පහකට මායිම් නොකළ ඉඩි අමීන් විසින් මරා දැමූ ජීවිත ගණන ලක්ෂ 50කටද වැඩි බවයි සඳහන්වෙන්නෙ..කුරිරු ඉඩි අමීන්ගේ මරණයද එවැනිම එකක් වූ අතර, වකුගඩු අක්‍රියවීමෙන් ඔහු මරණයට පත්ව තිබිණි..
සදාම් හුසේන් - වත්මන් ඒකාධිපතිත්වයේ සංකේතයක් වූ ඉරාක ජනාධිපති හුසේන් විසින් මරා දැමූ ජීවිත ගණන මිලියන 2 ඉක්මවනව, ඉරානය හා කුවේටය ආක්‍රමණය කරමින් එල්ල කළ ප්‍රහාර හා, කුර්දි, ෂබාක්, ඇසිරියන්වරු ඉලක්කකර එල්ලකළ ප්‍රහාර නිසා ලක්ෂ ගණන් පිරිස් මියගොස් තිබුණා, සදාම් හුසේන්ගේ ඒකාධ්පතිත්වය නිසා, ඇමෙරිකානු හමුදාවට ඉරාකයට ඇතුලුවීම පහසුවූ අතර,අවසානයේ ඉරාකය සුන්බුන් ගොඩක් වූ අතර,සදාම් හුසේන් මනුෂ්‍ය ඝාතන චෝදනා මත එල්ලා මරාදැමිණි....
කිම් ජොන් ඉල් - වත්මන් උතුරු කොරියානු ජනපති කිම් ජොන් උන්ගේ පියාවූ ඉල් ද පුත්‍රයා මෙන්ම ඒකාධිපතියෙකි,ලක්ෂ 30ක් පමණ සිය පාලන සමයේදී අත්තනෝමතික ලෙසින් සිරභාරයට ගැනීමට කිම් ජොන් කටයුතු කළ අතර, අවසානයේ හෘදයාබාධයක් සෑදිම නිසා මරණයට පත්විය..
කර්නල් මුවම්මර් ගඩාෆි - හමුදා කුමන්ත්රණයකින් බලය ලබාගත් ඒකාධ්පති නායක ගඩාෆිගේ පාලන කාලය තුල ලිබියාවේ ආර්ථික වර්ධනයක් පෙන්නුම් කළද, මාධ්‍ය නිදහස, අදහස් දැක්වීමේ නිදහස, ප්‍රජාත්‍රන්ත්‍රවාදය සම්පූර්ණයෙන්ම අහුරාදමා තිබිණි, ගඩාෆිට විරුද්ධව අදහස් දැක්වූ විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්, විරෝධතාකරුවන් ප්‍රසිද්ධියේ මරාදමා රූපවාහිහියෙන් විකාශය කිරීමට තරම් ඔහු කුරිරු විය, අවසානයේ අරාබි වසන්තය ලෙසින් මැදපෙරදිග කලාපය පුරා හමාගිය නිදහසේ විප්ලය ලිබියාවටද පැමිණෙන්නට විය, ගඩාෆිගේ පාලනයෙන් හෙම්බත්වී සිටි තරුණ පිරිස් ආයුධ අතට ගැනීමට පෙළඹුණ අතර, විප්ලවය අවසානයේ, ජීවග්‍රහණයෙන් අල්ලාගත් ගඩාෆි විප්ලවකරුවන් විසින් ලිබියාවේ පාරවල් දිගේ ඇදගෙන ගොස් මරාදමන ලදි,..පසුව ලිබියාව ඇමෙරිකානු පාලනයට නතුවූ අතර එයින් ගඩාෆි පාලනයේ අවසානය සනිටුහන්විය..
කිම් ඉල් සුං - උතුරු කොරියාව වසර 50ක් පමණ පාලනය කළ ඒකාධිපති පාලකයා වූ කිම්, සිය පාලන කාලය තුල මරාදැමූ ජීවිත ගණන මිලියන 1.6ක් පමණ වෙනව, නීතියට ගරු නොකළ මොහු නඩු විභාගයකින් තොරව මරාදැමූ පිරිස ලක්ෂ ගණනක්, එමෙන්ම තදබල ඇමෙරිකානු විරෝධියෙකු වූ මොහු, රට තුල සිදුවන සියලු අර්බුධ වලට වගකිවයුත්තේ ඇමරිකාව යැයි නිතරම ඇමරිකාවට චෝදනා කිරීමටද පෙළඹ සිටි අයෙක්..දුක්ඛදායි මරණයක් වන මොහුගේ මරණයද සිදුවන්නේ හෘදයාබාදයක් නිසා..
ජෙනරල් ඔගස්ටෝ පිනෝචේ - චිලී රාජ්‍යයේ ප්‍රජාත්‍රන්තවාදී ලෙස පත්වූ ජනපති, සැල්වදෝර් අලෙන්දේ ගේ රජය බලහත්කාරයෙන් පෙරලා පිනෝචෝ විසින් තම රජය පිහිටුවාගත් මොහු, ප්රජාත්රන්ත්ර විරෝධී මිලිටරි පාලනයක් ගෙන යමින් විශාල ප්‍රමාණයක් මරාදැමූ අතර, අවසන හෘදය හා පෙනහළු අකර්මණ්‍ය වීමෙන් මරණයට පත්වෙන ලදි..
නිකොලා සියුස්කු - රුමේනියානු ඒකාධිපති පාලක සියුස්කු, වෘත්තියෙන් හමුදා නිළධාරියෙකි, බලයට පත්වී කෙටි කලකින් ඒකාධිපති ලක්ෂණ පෙන්වීමට ගත් සියුස්කුගේ පාලන කාලය තුල, රුමේනියාව ණය බරින් හෙම්බත්ව තිබූ අතර, ආර්ථිකය පතුලටම කඩාවැටෙන්නට විය, ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් දියත්කරමින් මොහු ජනගහණය 2000ට අඩු සෑම ගම්මානයක්ම විනාශකර දැමීය, මෙනිසා මොහුට එරෙහිව ක්‍රමයෙන් විරෝධතා රට තුල ගොඩනැගෙන්නට වූ අතර, දිනක් මෙලෙස වූ සාමකාමී විරෝධතාවකට සියුස්කු වෙඩි තැබීමට අණකළේය, ඉන් විශාල සිවිල් වැසියන් පිරිසක් මිය ගිය අතර, සියුස්කුට එරෙහි විරෝධතා දැඩි වන්නට විය...අවසානයේ, හමුදාව සමඟ එක්වූ කැරලිකරුවන් ඒකාධිපති සියුස්කු අල්ලා පැයක පමණ නඩු විභාගකින් අනතුරුව, වෙඩි තබා මරා දමන ලදි..
- මාධව විශ්වනාත් -

Last edited: