Questions කුරුණෑගල පොල් ඉඩම්

reddit

Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    masekata akkarakin ena labe..

    පොල් 3000 rs70 gane dunnath bn ithin 210,000/=. ithin aduma 25 k wath enawane.

    hodata saaththu karanawanam pol akkarekin gedi 700 k ganna puluwan.

    pol kadana minissunta, ahulana ayata kuliya dennath onine bn,
     
    JILL_PUK

    Active member
  • Oct 24, 2017
    315
    191
    43
    හරියට කරනවනම් සෑහෙන ලාබයක් තියනවා. හැබැයි හරියට කරන්න ඕන.

    හොඳ ඉඩමක් වෙන්න ඕන. හොඳ ගස් ජාතියක් හිටවලා තියෙන්න ඕන. PP තමා හොඳ. TT වල අස්වැන්න අඩුයි. කප්රුවන වගේ අලුත් ප්‍රෙභ්ද වල ආයුකාලය අඩුයි, පලිබෝධයකයන්ට තියන ප්‍රතිරෝධය අඩුයි. රතු කුරුමිණියො ෂොට් එක දීල දානවා ඩිං ගාල. මොරොක්ටෝල් නම් මරු. නමුත් පැල හොයාගන්න එක මාරම අමාරුයි.

    පොල් අක්කරේක හිටවන ක්‍රමය අනුව ගස් 64 සිට 72 දක්වා අතර ප්‍රමාණයක් තියනවා. 64 තමයි හොඳ ගාන. නැත්තං ගස් ලොකු වෙනකොට ගස්වල හේඩෑව ගස්වලට ඇවිත් ආදායම අඩුවෙනවා.

    වතුර තියෙන්න ඕන. පොල් ගහකට දවසට ලීටර් 60ක් ඕන. ඉඩම් වියලියි නම් පොල් ගස් දෙකක් හෝ පොල් අල්ලිය මැද්දෙ වලක් කපලා පොල්ලෙලි දාල තියන්න පුලුවන්. එහෙම නැත්තං බින්දු ජල සම්පාදනය හෝ හෝස්වලින් වතුර ගහන්න ඕන. පායලා සති තුනක් විතර ගියාට පස්සෙ වතුර ගහන්න ඕන සතියකට සැරයක්.

    ගස් හොඳට සරු නම් අවුරුද්දකට සැරයක් එහෙම නැතිනම් මාස හයකට සැරයක් පෝර දාන්න ඕන. අපිට පෝර වර්ග වෙනම අරගන ම්‍රශ්‍ර කරගන්නත් පුලුවන්... මිශ්‍රකරපු පෝර තියනවා ගන්න. ඩිමෝ, CIC , පොල් ඩබල්.. ඔය වගේ.. ගහකට කිලෝ තුනක් වගේ වැටෙන්න.

    එහෙම නැතිනම් කොම්පෝස්ට් පෝර (කිලෝ 25/50) අතර ගාණක් දාන්න ඕන
    එහෙමත් නැතිනම් කුකුල් පෝර (පරණ වෙච්චි බිත්තර ෆා්ම් වල ඒව) ගහකට කිලෝ 50ක් විතර.
    මම කරන්නෙ එක අවුරුද්දක මිශ්‍ර පෝර නම් අනිත් අවුරුද්දෙ කාබනික පෝර විදිහට මාරු කරකර දාන එක.
    වැටෙන වැටෙන පොල් අත්ත කප කපා ගහ වටේට දාන්න ඕන.

    ඉඩම් හාන්න හැරෝ කරන්න හොඳ නෑ නිතර. වැහි කාලෙට තණකොල දාපුවාම පායපුවාම තණකොල කප්පලා දාන්න ඕන. නැත්තං පෝර ගහට උරාගන්නවා.

    මාසෙකට සැරයක් පොල් කඩන්න පුලුවන්. මාස එකහමාරකට සැරයක් කැඩුවොත් අවුරුද්දකට වලු 12යි කඩන්න පුලුවන් වෙන්නෙ ගහකින්. හැබැයි හරියටම මාසෙන් කැඩුවොත් අවුරුද්දකට ගහකින් වලු 18ක් කඩන්න පුලුවන්.

    පොල් ඉඩම් අක්කර පහක් හයක් හෝ ඊට අඩුනම් මහලොකුවට ශ්‍රමය අවශ්‍ය නෑ. අවශ්‍ය වෙලාවට වැඩකරන අය ගෙන්නගත්තාම ඇති.

    මේ විදිහට කරනවා නම් පොල් වැඩිම කාලවල අක්කරෙන් ගෙඩි 1000 කඩන්න පුලුවන්. අඩුම කාලවලත් 700~800 වගේ කඩන්න පුලුවන්. පොල් ගණන් නගිනවා බහිනවා අවුරුද්ද පුරාම. සාමාන්‍යෙයන් අඩුම වෙන්නෙ මැයි මාසෙ. මැයි වල තමයි පොල් ප්‍රමාණය වැඩිපුරම කැඩෙන්නෙ. ඒ නිසා පොල් මිල අඩු උනාට කැඩෙන පොල් ප්‍රමාණය වැඩි නිසා ගාණ බැලන්ස්...

    තව අමතර ආදායමකට යටිවගාවක් දාන්න පුලුවන්. පොල් අල්ලිය මැද්දෙ කජු හිටවන එක තමා ලේසිම වැඩේ. කජුවලට ලෙඩ අඩුයි, පෝර ඕන නෑ. ගහ ඔහේ හැදෙනවා. අවුරුදු පහකින් විතර කඩන්න පුලුවන් කජු. එහෙම නැතිනම් පුවක් හිටවන්න පුලුවන්.

    තව මොනාහරි දැනගන්න ඕන්නං අහපං.....

    උඹ හරියට සාත්තුකරන්නෙ නැතිව ඇති.
    adoo thaanks bokka......
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,658
    4,322
    113
    දැනට තියන හොදම ආයෝජන වලින් එකක් තමයි පොල් ඉඩම්. ආදායමක් ගන්න ගමන් ඉඩම් වල value එක නගිනවා.
    අලුත්ම වත්තක අක්කර 1 කට පොල් 300-600 අතර තමයි පුළුවන්. අක්කර 1 කට 1000 වගේ කඩන්න පුලුවන් වතු විකුනන්න නෑ බං. එහෙම වත්තක වටිනාකම දන්නා අය විකුනන්න යන්නෙ නෑ ලොකු හේතුවක් නැතුව. හැබැයි උබට වත්ත ඒ තත්වෙට ගන්න පුළුවන්. ඒකට අඩුම අවුරුදු 5 යනව.

    උබලා අලුතෙන්ම ඉඩමක් ගන්න ඉන්නවනම් පොල් වලින්ම ආදායම් හොයන්න එපා. පොල් වලින් සාමාන්‍ය ආදායමක් ආවත් කෙසෙල් වගේ අතුරු බෝග වලින් සතියට හොද ආදායමක් ගන්න පුළුවන්. මුල් කාලේ ටිකක් අමාරුයි වැඩේ. ආදායම් එද්දි ඉඩම් වටිනාකම් වැඩි වෙද්දී තේරෙයි වැඩේ රස.

    Kurunegala හොඳම පොල් ඉඩමක් (පොල් 1000 වගේ කඩන්න පුලුවන්) අක්කර 1ක් 4M+ වෙනවාමයි.

    සල්ලි, වෙලාව, ඉවසීම අඩු පුද්ගලයෙක් නම් ඉඩම් වැඩේට අත ගහන්න එපා.

    හැබැයි මමනම් recommend කරන්නේ වත්තක් අරන් මොනව හරි වවන්න කියල. ඉස්සරහට හැමදේම සල්ලි වලට හැරෙන යුගයක් එනව පුතා.
     
    • Like
    Reactions: aneasarayana

    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93

    kurunagala mon wage pathi da hoda?
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,658
    4,322
    113
    kurunagala mon wage pathi da hoda?

    වැල්ලව, රිදීගම, මැල්සිරිපුර වගේ පැති අවුලක් නෑ. කොහොමත් දැදුරු ඔය ජලාශයට කිට්ටු වෙන තරමට හොඳයි.
     
    • Like
    Reactions: sakuntha1996

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    දැනට තියන හොදම ආයෝජන වලින් එකක් තමයි පොල් ඉඩම්. ආදායමක් ගන්න ගමන් ඉඩම් වල value එක නගිනවා.
    අලුත්ම වත්තක අක්කර 1 කට පොල් 300-600 අතර තමයි පුළුවන්. අක්කර 1 කට 1000 වගේ කඩන්න පුලුවන් වතු විකුනන්න නෑ බං. එහෙම වත්තක වටිනාකම දන්නා අය විකුනන්න යන්නෙ නෑ ලොකු හේතුවක් නැතුව. හැබැයි උබට වත්ත ඒ තත්වෙට ගන්න පුළුවන්. ඒකට අඩුම අවුරුදු 5 යනව.

    උබලා අලුතෙන්ම ඉඩමක් ගන්න ඉන්නවනම් පොල් වලින්ම ආදායම් හොයන්න එපා. පොල් වලින් සාමාන්‍ය ආදායමක් ආවත් කෙසෙල් වගේ අතුරු බෝග වලින් සතියට හොද ආදායමක් ගන්න පුළුවන්. මුල් කාලේ ටිකක් අමාරුයි වැඩේ. ආදායම් එද්දි ඉඩම් වටිනාකම් වැඩි වෙද්දී තේරෙයි වැඩේ රස.

    Kurunegala හොඳම පොල් ඉඩමක් (පොල් 1000 වගේ කඩන්න පුලුවන්) අක්කර 1ක් 4M+ වෙනවාමයි.

    සල්ලි, වෙලාව, ඉවසීම අඩු පුද්ගලයෙක් නම් ඉඩම් වැඩේට අත ගහන්න එපා.

    හැබැයි මමනම් recommend කරන්නේ වත්තක් අරන් මොනව හරි වවන්න කියල. ඉස්සරහට හැමදේම සල්ලි වලට හැරෙන යුගයක් එනව පුතා.

    +++++++++++++++

    පොල් පැල ලොකු වෙනකල් කරන්න අතුරු බෝග අයිඩියා තියනවා ඕන තරං.

    1) කෙසෙල් - හරියට පටක රෝපණය කරපු කෝලිකුට්ටු ටිකක්, මොන්දං ටිකක් දාගත්තනං මාස නමය අවුරුද්ද යද්දි සතියකට වතාව ගානෙ කෙසෙල් කපන්න පුලුවන්. එක පාරක් පැල හිටවලා වතුර පෝර දාල තියාගත්තාම අවුරුදු දහයක් විතර ඔටෝ රන් වෙනවා. කාලෙන් කාලෙට පඳුරෙන් කෙසෙල් පැල ගලවන්න විතරයි ඕන.
    2) මිරිස් - කාලෙ බලල හිටෙව්වනං සල්ලි තමා
    3) කොමඩු - ස්ප්‍රින්කල්ස් ගහලා හරි ප්‍රෙභ්දයක් හිටෙව්වනං හොඳ ආදායම. දවස් 55න් කඩන්න පුලුවන්. කිනාරි තමයි හොඳ.
    4) අන්නසි - ටිකක් කරදරයි. වල් ගලවල්ල ගියාම ඉකෙනව. හැබැයි ලාබයි
    5) බුලත් - අමාරුයි/ හරියට කරන්න ඕන. ආදායම මරු...

    කලින් කිව්වත් වගේ කම්මැලි නැතිව කැපවෙලා වැඩකරන්න ඕන. එච්චරයි...

    වැල්ලව, රිදීගම, මැල්සිරිපුර වගේ පැති අවුලක් නෑ. කොහොමත් දැදුරු ඔය ජලාශයට කිට්ටු වෙන තරමට හොඳයි.

    ඔය ලයින් එකේ තියනවා තනිකර මොරොක්ටෝල් විතරක් තියන වත්තක්. බහුතර පොල් බීජවලට තමා ගන්නෙ. අයිතිකරු හිටපු PM
    ------ Post added on Feb 12, 2021 at 5:46 PM
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,658
    4,322
    113
    +++++++++++++++

    පොල් පැල ලොකු වෙනකල් කරන්න අතුරු බෝග අයිඩියා තියනවා ඕන තරං.

    1) කෙසෙල් - හරියට පටක රෝපණය කරපු කෝලිකුට්ටු ටිකක්, මොන්දං ටිකක් දාගත්තනං මාස නමය අවුරුද්ද යද්දි සතියකට වතාව ගානෙ කෙසෙල් කපන්න පුලුවන්. එක පාරක් පැල හිටවලා වතුර පෝර දාල තියාගත්තාම අවුරුදු දහයක් විතර ඔටෝ රන් වෙනවා. කාලෙන් කාලෙට පඳුරෙන් කෙසෙල් පැල ගලවන්න විතරයි ඕන.
    2) මිරිස් - කාලෙ බලල හිටෙව්වනං සල්ලි තමා
    3) කොමඩු - ස්ප්‍රින්කල්ස් ගහලා හරි ප්‍රෙභ්දයක් හිටෙව්වනං හොඳ ආදායම. දවස් 55න් කඩන්න පුලුවන්. කිනාරි තමයි හොඳ.
    4) අන්නසි - ටිකක් කරදරයි. වල් ගලවල්ල ගියාම ඉකෙනව. හැබැයි ලාබයි
    5) බුලත් - අමාරුයි/ හරියට කරන්න ඕන. ආදායම මරු...

    කලින් කිව්වත් වගේ කම්මැලි නැතිව කැපවෙලා වැඩකරන්න ඕන. එච්චරයි...

    රස දැනගත්තම වතු වලින් හෙලවෙන් නැති වෙයි. සල්ලි එක්ක පට්ටම නිදහසක් එනව බං.
     
    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    ඔය පොල් වතු අරන් දාල උබල colombo ඉදියම ඕව හොරු කඩන් යන්නේ නැද්ද බන්
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඔය පොල් වතු අරන් දාල උබල colombo ඉදියම ඕව හොරු කඩන් යන්නේ නැද්ද බන්
    අපිනං මෙහෙමනේ ඉන්නෙ. ඒ හින්දා අවුලක් නෑ. කෝමටත් හොරු ලොවෙත් එන්නෙ නෑ. ආවොත් පෝරියල් එක හම්බවෙනව කියල දන්න හින්ද
     
    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    අපිනං මෙහෙමනේ ඉන්නෙ. ඒ හින්දා අවුලක් නෑ. කෝමටත් හොරු ලොවෙත් එන්නෙ නෑ. ආවොත් පෝරියල් එක හම්බවෙනව කියල දන්න හින්ද
    එක තමයි දුර ඉන්න මිනිස්සු ඕව අරන් maintain කරන්නේ කොහොමද බන්
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    එක තමයි දුර ඉන්න මිනිස්සු ඕව අරන් maintain කරන්නේ කොහොමද බන්
    එහෙම කරන අයත් ඉන්නව. හැබැයි එයාලට වැඩකරන විස්වාසවන්ත මිනිස්සු ඉන්නව. එහෙම විස්වාසවන්ත සේවකයො ඉද්දි අවුලක් නෑ. හැබැයි ඉතිං ⁣එහෙම සේවකයො තියාගන්න ඉඩම් ලොකු වෙන්න ඕන. නැත්තං වැඩක් නෑ.
     
    • Like
    Reactions: idhasitha

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,658
    4,322
    113
    ඔය පොල් වතු අරන් දාල උබල colombo ඉදියම ඕව හොරු කඩන් යන්නේ නැද්ද බන්

    මෙහෙමයි බං මිනිහෙක් පොල් ගෙඩියක් අහුලාගතතට ලොකු සීන් දාන්න හොඳ නෑ. වටේ ඉන්න එවුන් හොඳින් තියාගන්න ඕන. උන්ම ඔත්තු දෙනව එතකොට. හැබැයි හොරෙන් පොල් කඩන්න රඟන සිද්ධි වලට ආවම රිදෙන්න දෙන්න ඕනේ.

    හැම වෙලේම thug සිද්ධි නැතුව ඕන වෙලාවට වැඩේ කරන්න ඕනේ.

    අනික හරියට කරොත් උබලා කොළඹ අතහැරලා එනවා වත්තට.. weekend යනව කොළඹ පොඩි change එකකට වගේ 😇😇