කුරුණෑගල පොළොව යට පිපිරීම්

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,711
    4,597
    113
    කුරුණෑගල පොළොව යට පිපිරීම්

    කුරුණෑගල, මහව ප්‍රදේශයේ පොළොව පතුලේ පසුගිය දින කිහිපයේම පිපිරීම් සිදුවී ඇති බව වාර්තා වේ. මෙම පිපිරීම් හේතුවෙන් අවට පිහිටි කිසිදු දේපලකට හානියක් සිදුවී නොමැත. නමුත් මෙම පිපිරීම් මොනවාදැයි භූ විද්‍යාඥයින් අතර ද විවිධ මතභේද පැන නැගී තිබේ.

    ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසන්නේ පොළොව යට පිහිටි හුණුගල් ස්ථර චලනය වීම හේතුවෙන් මෙම පිපිරීම් ඇතිවන්නට ඉඩ තිබෙන බවයි. කෙසේ වෙතත් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂන පැවැත්වෙමින් තිබේ.