කුරුණෑගල සිසුවියන් අපයෝජනය විදුහල්පති සඟවයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    කුරුණෑගල මිශ්‍ර පාසලක හය වසරේ ඉගෙනුම ලබන සිසුවියන් පිරිසක් අපයෝජනය කළ බව කියන ගුරුවරයෙකුට එල්ලවී ඇති චෝදනා යට ගැසීමට එම පාසලේ විදුහල්පතිවරයා සමග අධ්‍යාපනයට සම්බන්ධ නිලධාරීන් පිරිසක් කටයුතු කරමින් සිටින බැවින් ඒ සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදු කරන ලෙස

    එම පාසලේ දෙමාපියන් සහ ආදි සිසුන් වයඹ පළාත් ආණ්ඩුකාරවරයාගෙන් සහ වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇත. අවුරුදු 57ක් වයැසැති චෝදනාවට ලක්ව සිටින ගුරුවරයා අවිවාහකයෙකු බවද ඔහු විහාරස්ථානයක නැවතී සිටින්නෙකු බවද කියයි. එම පාසලේ හයවන වසරට ඉංග්‍රීසි විෂය උගන්වන මෙම ගුරුවරයා අතින් සිසුවියක අපයෝජනයට ලක්වීමේ සිදුවීමක් පළමු වරට වාර්තා වී ඇත්තේ පසුගිය වසරේ නොවැම්බර් මාසයේදීය. එම සිදුවීමෙන් අනතුරුව එම පන්තියේම ඉගෙනුම ලබන තවත් සිසුවියන් සිවු දෙනෙකුද මොහු අතින් අපයෝජනයට ලක්ව ඇති බව පැවසේ.



    අපයෝජනයට ලක්වූ එක් සිසුවියක් ඒ බව තම මවට පැවසීමෙන් අනතුරුව මෙම අපයෝජනය පිළිබඳ සියලු තොරතුරු අනාවරණය වී තිබේ. පන්ති කාමරයේ ඉගැන්වීම් කරන අතරවාරයේදී එම සිසුවියන් අපයෝජනයට ලක් කර ඇති බව වාර්තාවේ. මෙම අපයෝජන සිදුවීම පාසලේ තවත් ගුරුවරියන් දෙදෙනෙකුද සියැසින්ම දැක ඇති බවද දෙමාපියෝ පවසති. ඉන් එක් ගුරුවරියක් මේ වනවිට විශ්‍රාම ලබා සිටියි.

    අපයෝජනයට ලක්වූ සිසුවියන්ගේ දෙමාපියන් ඒ පිළිබඳ විදුහල්පතිවරයාට දැනුම්දී චූදිත ගුරුවරයා සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ඉල්ලා ඇතත් මෙය විදුහලේ කීර්ති නාමයට හානියක් වන බැවින් එය රහසක්ව තබා ගන්නා ලෙස විදුහල්පතිවරයා අතවරයට ලක්වූ සිසුවියන්ට සහ දෙමාපියන්ට දන්වා ඇති බවද වාර්තාවේ.

    මෙම සිදුවීම සම්බන්ධයෙන් එසේ කටයුතු කර ඇති විදුහල්පතිවරයා චූදිත ගුරුවරයාට එරෙහිව කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් නොගෙන රහසිගතවම පසුගිය ජනවාරි මාසයේදී ඔහු කුරුණෑගල නගරයට ආසන්නව පිහිටි වෙතත් පාසලකට මාරුකර යැවීමට පියවර ගෙන ඇති බව කියයි.



    විදුහල්පතිවරයාගෙන් තම දරුවන්ට සාධාරණයක් ඉටු නොවන බව වටහාගත් දෙමාපියන් විදුහල් ආදි සිසුන්ද සමග එක්ව මේ සම්බන්ධයෙන් කොළඹ ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලි කිරීමට පියවර ගෙන ඇත.

    අපයෝජනයට ලක්ව සිටින සිසුවියන් හා ඔවුන්ගේ දෙමාපියන් මේ වනවිට වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ විමර්ශන අංශයට ඔවුන්ගේ ප්‍රකාශ ලබාදී ඇති බවද කියයි. නමුත් චූදිත ගුරුවරයාට ස්ථාන මාරුවක් ලබා දීම හැර ඔහුට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් මෙතෙක් ගෙන නැති බවට දෙමාපියෝ චෝදනා කරති. සිසුවියන් අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියට අදාළව මෙතෙක් ගෙන ඇති විමර්ශන සම්බන්ධයෙන් කරුණු දන්වා එවන ලෙස ළමා හා කාන්තා කාර්යාංශය විසින් වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අවස්ථා දෙකකදී ලියාපදිංචි තැපැලෙන් යොමු කරන ලද ලිපි දෙකක්ද මේ වනවිට අස්ථානගතව ඇති බවටද එම විදුහලේ දෙමාපියන් හා ආදි සිසුන් චෝදනා කරති.



    අපයෝජන සිද්ධියට චෝදනාවට ලක්ව සිටින ඉංග්‍රීසි ගරුවරයා මෙම පාසලට මාරුවක් ලැබ පැමිණීමට පෙර සේවය කළ වැල්ලව ප්‍රදේශයේ පිහිටි පාසලකදීද මෙවැනිම ආකාරයේ චෝදනාවකට ලක්වූ අයෙකු බවද දෙමාපියෝ පෙන්වා දෙති. එම චෝදනාවට අදාළව ඔහුට එරෙහිව තිබූ පැමිණිලි සම්බන්ධයෙන්ද අධ්‍යාපන දෙපාර්තමේන්තුව මෙතෙක් කිසිදු විමර්ශනයක් සිදු නොකර ඔහු තම දරුවන් ඉගෙනුම ලබන පාසලට මාරු කර එවූ බවද ඔවුහු කියති. චූදිත ගුරුවරයා සහ ඔහු රැකීමට උත්සාහ ගන්නා විදුහල්පති සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ඉල්ලමින් දෙමාපියන් විශාල පිරිසකගේ අත්සනින් යුතු ලිපියක් වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාට සහ වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නයනා කාරියවසම් මහත්මිය වෙත මේ වනවිට භාරදී තිබේ. මීට අමතරව මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සහ අධ්‍යාපන අමාත්‍යවරයාට දන්වා යැවීමටද ඔවුන් පියවර ගෙන ඇත.

    මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නයනා කාරියවසම් මහත්මිය සඳහන් කළේ මෙම සිද්ධිය පිළිබඳව මේ වනවිට විමර්ශනයක් සිදු කෙරෙමින් පවතින බවද එහි වාර්තාවක් ඉක්මනින් තමන් වෙත ලබා දෙන ලෙසද වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරියට දන්වා ඇති බවත්ය.
     
    • Wow
    Reactions: Bitter Truth

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    මේ පීඩෝ පක්කුනං කැරිම කාලකන්ණි වේසිගෙ පුතාලා. කෙලින්ම පයිය කපලා දැම්මනං හරි. ඒවා වහලා ඒවට උඩගෙඩි දෙන පක්කුන්ව උල තියලා ඉන්න ඕන ඔක්කොටම කලින් 😡
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    Screenshot 2024-08-13 091314.png


    2IuZ6nj.gif

    මූ... ළමා හා කාන්තා කාර්‍යාංශයෙ වැඩ කරන පොරක්ද කොහෙද
    දැම්මොත් ත්‍රෙඩ් එකක් අපයෝජනමයි
     

    Maskoora

    Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113
    View attachment 234598

    2IuZ6nj.gif

    මූ... ළමා හා කාන්තා කාර්‍යාංශයෙ වැඩ කරන පොරක්ද කොහෙද
    දැම්මොත් ත්‍රෙඩ් එකක් අපයෝජනමයි
    කොහේවත් ඔබා ගන්න බැරිවෙලා මොට්ට වෙච්ච අහවල් එකක් තියාගෙන වේලි වේලි ඉන්න නාකියෙක් බන්.. :ROFLMAO: :ROFLMAO:
     

    Similar threads