----කුරුමිණියා : The Untold Story---
කුරුමිණියා එදින තමා ජීවත් වන පොට් එකෙන් එලියට පැමිණ බැලුවේ හදිසියේ ඇසුනු ශබ්දයක් නිසාවෙනි.එලියට ආ විගස ඌ දුටුවේ එකල විලියම් ටෙල් අනිත් උන්ගේ ඔලුව උඩ ඇපල් ගෙඩි තබා ඒ වෙතට විදින ලද ඊතල ගමන් කල සරල රේඛාවෙන්ම තම නිවස වෙත එන වස්තුවකි. සාමාන්‍යයෙන් මිනිසෙකු වලකජ්ජ ගැසීමට මොහොතකට පෙර මාරයා විසින් මිනිසාට ඔහුගේ අතීතය සිහිනයක ස්වරූපයෙන් තත්පර කිහිපයකදී පෙන්වන බව පිලිගත් තියරියකි. ඒ තියරිය සතුන්ටත් පොදු බව කන්ෆර්ම් කරමින් කුරුමිණියාටද සිය අතීතය පෙනෙන්නට විය.
එකල යන්නට තැනක් නොමැතිව, කන්නට දෙයක් නොමැතිව හැමිනෙන ලයින් එකේ සිටි කුරුමිණියාගේ වාසනාවකට මෙන් ඌට අහම්බයෙන් සෙට් වූ පොට් එක එකල සිට මේ මොහොත තෙක් උගේ නිවස විය. ඒ ඉංජිනේරුවෙකු වීමට ඉගෙන ගෙන පේමන්ට් එකේ සෙරෙප්පු විකුණන ඩයල් එකකගේ නිවසේ දර ලිපට උඩින් අයිනක තිබූ කළුවර පොට් එකකි. තමාගේ අනිත් සහචර ජනතාව මීට වඩා සුවසේ තැන්වල වෙසෙන බව දැන සිටි මුත් කුරුමිණියාට මේ පොට් එකේ ජීවත් වීම වෙනම ආතල් එකක් විය. එය හරියට කූඹියෝ එකේ ජෙහාන් ප්‍රනාන්දු, ආතල් පාතක් නැතුව සිටින විට සෙට් වූ ගරාවැටුන ගොඩනැගිල්ලේ බින්න බැස ලල් එකේ ජීවත් වීමට සමාන කල හැක.
කෙසේ වුවත් කුරුමිණියා සිය නව නවාතැන කර ගත් ස්ථානයේ අන් කවරකුටවත් නැති වාසියක්ද තිබුනි. ඒ සෙරෙප්පු විකුණන ඩයල් එකගේ ගෑණි උයන පිහන විට කුරුමිණියාගේ පොට් එකට නිතරම දුම වැදීමය. මේ නිසා ඌට ඕනෑ වෙලාවට ආතල් එකේ දුමක් ඇදගෙන දෙයියනේ කියා සිටීමට හැකිවිය. මෙලෙස කුරුමිණියා සුවසේ ජීවත් වූ සැටි ඌට මතක් විය.
එහෙත් සියල්ල වෙනස් වුනේ ඌට මේ පොට් එක සෙට් වී මාස හතරකට පමණ පසුය. මේ වන විට සෙරෙප්පු හදන එකාගේ පුතාට වසර තුනක් සපිර තිබුනි. පොඩි එකාට මේ නත්තල් කාලයේ නිතර නත්තල් සීයා යන වචනය අසන්නට ලැබුනි. මේ මොකාදැයි වැඩිදුර සමීක්ෂණය කිරීමේදී නත්තල් සීයා යනු සුදු රැවුල වවාගත් ඩයබෙටීස් තිබෙන මහත ඩයල් එකක් බවත්, ඔහුට කැහිල්ල නිසා ලොව වටා දුවලා පුතීලාට තෑගි බෙදමින් යන බවත් පොඩි එකා සොයාගත්තේය. ඒ යකා තෑගි බෙදන්නට එන්නේ නිවෙස්වල ගිණි උඳුන්වලින් බැස බවත් ඔහු දැනගත්තේය.
මේ පොඩි එකාට තිබුනේ මන්ද මානසික එකක් ලෙස සමාජය සැලකූ අමුතු ඉමැජිනේෂන් එකකි. තම නිවසටත්, වටේ නිවෙස්වලටත් අර යකා මෙතෙක් කල් නොආවේ ඒ එකකවත් ගිණි උඳුන් නැති නිසා බව ඔහු නිගමනය කළේය. ඒ අනුව වැඩිදුරට සිතන කල මේකාට ගිනි උඳුන කෙසේ වෙතත් නිවසේ ලිප උඩින් බැස ඒමට හැකි නේදැයි ඌට සිහිවිය. ඒ මොහොතේම කුස්සියේ කොස්ස අතට ගත් පොඩි එකා සෙනිකව දිව ගියේ කුස්සියේ අඟුරුවලින් වැසී තිබුනු ලිප උඩ හැකි පමණින් පිරිසිදු කිරීමටය. ඩයල් එක සිය මව මකුළු දැල් කඩන ආකාරයට මොහොතක් ලිප උඩ බිත්ති පිරිසිදු කර දැන් නත්තල් සීයා එනු ඇතැයි සිතා යටගිය දවස බරණැස් නුවර ගිරි නම් නිඝන්ඨයාට කොසොල් රජතුමා කහවනු පන්සියයක් දුන් අවස්ථාවේ නිඝන්ඨයා ප්‍රීතියෙන් ඔකඳ වූ තරම් ඔකඳ වී යන්නට ගියේය.
පොඩි එකාට ආතල් එකක් වුවත් මේ ක්‍රියාවෙන් කුරුමිණියාගේ ජීවන තත්වය අමුවෙන්ම බිඳ වැටී තිබුනි. මාස ගණනකට තම නිවහන වූ තම ජීවය බඳු වූ ස්ථානය විනාශ වී යනු දැක හඳවත බිඳගත් කුරුමිණියා නිවසේ වහල උඩට වී සිතන්නට විය. ඒ මොහොතේම මහ වැස්සක් ඇද හැලුනු අතර රෝමැන්ටික් ෆිල්ම් එකක කෙල්ල කොල්ලාට බූට් එක තබා ගිය පසු කොල්ලා එල්ලෙන්නට යන සීන් එකට ගැලපෙන තරම් කොලිටියක් මේ වැස්ස තුලින් පෙන්නුම් කෙරුණි.
සියල්ල අනිත්‍ය බව අවසානයේදී තේරුම් ගත් කුරුමිණියා සිය තටු තෙමෙන්නට ගත් මොහොතේ තටු සලා දමා තෙරක් නොපෙනෙන ඉමක් නොදන්නා අනාගතය කරා පියාඹන්නට විය. අවසානයේ ඌටම පියෑඹීම එපා වුනු මොහොත වන විට පළාතම කළුවරින් වෙලී තිබුනි. ලෑන්ඩ් කරන්නට තැනක් සෙවූ කුරුමිණියා පෙට්ටි වගයක් ගොඩ ගසා තිබූ තැනකට ගොඩ බැස එක් පෙට්ටියකට ඇතුලට ගියේය. උගේ පුදුමයට මෙන් පෙට්ටිය තුල තිබූ දෑ පියෙස්ට්‍රා මෙට්ට මෙන් සිනිඳු විය. පැය කීපයකට පෙර තමා අත් දුටු විනාශය සිහි කරමින් සිටි කුරුමිණියාට නොදැනීම නින්ද ගොස් තිබුනි.
අනතුරුව සිදු වූ දෑ මා ලිවීම අනවශ්‍යය. එහෙත් ඔබ දැනගත යුතු කරුණු කිහිපයක් පමණක් මම සඳහන් කරන්නෙමි.
-කවුරුන් කළු කුරුමිණියාට මොන විද්‍යාත්මක නාම දුන්නත් ඌ කළු වූයේ ලිප උඩ බිත්ති කුහරයේ වෙසෙන කල ගෑවුනු අඟුරු නිසාය.
-ආතක් පාතක් නොදන්නා රටක තම භාෂාව නොදන්නා ආගන්තුක කුරුමිණියන් අතර අපේ කුරුමිණියා අතරමංව ඇත.
-රටක ආර්ථිකය බිඳ හෙලීමට හේතුව කුරුමිණියාගේ ආත්මාර්ථකාමී කමද, මිනිසාගේ කුරිරුකමද යන්න සිතා බැලිය යුතුය.
-ඔබ, මා, අප සැම මෙන්ම කුරුමිණියාද දැන් අසරණය.
-කුරුමිණියාට අප අනුකම්පා කරන්නේනම් අපද කුරුමිණියාගේ අනුකම්පාවට ලක්වනු ඇත.
THE END
උපුටා ගැනීම FB