අපේ වත්තට එන කුරුලු අමුත්තෝ...
ආ.. ෆොටෝ ටික දාන්න කලින් වත්තට කුරුල්ලන් ගෙන්වා ගන්න කරන්න පුළුවන් පොඩි උපක්‍රම කීපයකුත් කියන්නම්. මේවා මම අත්හදා බලලා ටක්කෙටම හරිගිහිපුවා. ප්‍රධාන දේ තමයි කුරුල්ලන්ට වතුර බොන්න, නාන්න පොඩි වතුර භාජනයක් තියන්න. පූසෝ වගේ සත්තුන්ට ලං වෙන්න බැරි තරම් උඩකින් තියන්න මතක තියාගන්න. අපේ ගෙදර තියෙන වතුර භාජනේ නිසා මට ලැබිච්ච ප්‍රයෝජන අනන්තයි. මේ ඉන්නේ ඒ වතුර එකේ නාන කුරුල්ලෙක්.
මේ ඉන්නේ දම් සූටික්කාගේ ගෑනු සතා. (දම් සූටික්කි). (Purple Sunbird)
මේ ඉන්නේ ලෝටෙන්ගේ සූටික්කා. (Loten's Sunbird)
මේ ඉන්නේ අවිච්චියා. (Indian Pitta)
මෙයා තමයි පෙරදිගු සිතැසියා (Oriental White-Eye)
ඔන්න එයාගේ තව එකක් දැම්මා.
මේ ඉන්නේ ජෙර්දන්ගේ කොළ රිසියා - Jerdon's LeafBird (Female)
වත්තේ දකින්න ලැබෙන අනිත් කුරුළු විශේෂ වලත් පින්තූර ඉස්සරහට දාන්නම්. මේ පින්තූර ටික ගන්නත් සෑහෙන ඉවසීමකින් බලා ඉන්න සිද්ධ වුණා. මොකද මෙහෙම හිටියට මේ කුරුල්ලෝ හරිම ආඩම්බරයි. අපේ වත්තේ ඉන්න සමනල් විශේෂ ගැන ඊළඟ ලිපිය ලියන්නත් අදහසක් තියනවා. එහෙනම් ඊළග ලිපියෙන් හමුවෙමු.
මෙම තොරතුරු හා සියලු ඡායාරූප මාගේ බ්ලොග් අඩවිය වන http://sobaroo.blogspot.com හි පළ වූ ඒවාය. මෙහි එන සියලු ඡායාරූප මා විසින් ගන්නා ලද ඒවා වන අතර යම් අයෙකුට යම් අවශ්‍යතාවයක් උදෙසා මෙම තොරතුරු හෝ ඡායාරූප භාවිත කිරීමට අවශ්‍ය නම් ඒ වෙනුවෙන් කිසිදු බාධාවක් නැත. ඇත්ත වශයෙන්ම එය මගේ දැඩි සතුටටද හේතුවෙයි. නමුත් ඡායාරූප මත මා තබා ඇති හංවඩුව ඉවත් නොකිරීමට කාරුණික වන්න.

