කුරුළෑ ඇතිවීමට හිස්‌හොරි බලපායිද?

Apr 8, 2011
569
117
0
හෙළදිව
කුරුළෑ ඇතිවීමට හිස්‌හොරි බලපායිද?

කුරුළෑ ඇතිවීමට හිස්‌හොරි බලපායිද?


සාමාන්‍යයෙන් කතාවටත් කියනවානේ හිසේ ඇතිවන හිස්‌හොරි මුහුණට වැටුණාම කුරුළෑ හටගන්නවා කියලා. මේ ගැන අවධානය යොමු කරලා බලමු. හිස්‌හොරි කියන රක්‌තයා තත්ත්වය බහුලව තිබෙන විට කැසීමේදී සහ පනාව මගින් පීරීමේදී මේවා මුහුණට වැටිය හැකියි. මෙය ශරීර අභ්‍යන්තරයෙන්ම පැතිර යා හැකි තත්ත්වයක්‌. අපි කලිනුත් සඳහන් කළා මෙන් මුහුණේ, ඉකිලි, කිහිලිවලත් හිස්‌හොරි හටගන්නට පුළුවන්. ඇතැම් විට කෙනෙකුට හිසේ හිස්‌හොරි නොතිබී වෙනත් තැන්වල තිබෙන්නට පුළුවන්. මුහුණේ පැතිරෙන හිස්‌හොරි නාසය දෙපස, යටිතොලට පහළිsන්, නිකට ප්‍රදේශයේ, ඇහිබැම, කන ඉදිරිපස වැනි තැන්වල පැතිරිය හැකියි. එමෙන්ම ඇතැම් අයට දෙකම්මුල් හරහාත් මේවා පැතිරිය හැකියි. හිස්‌හොරි මුහුණට පැතිරුනු විට රතුපාට බිබිලි ආකාරයෙන් දිස්‌වෙනවා. මෙන්න මේ නිසයි කුරුළෑ සහ හිස්‌හොරි අතර වැරදි වැටහීම් ඇතිවෙන්නේ.

මේවා කුරුළෑ ලෙස වටහාගෙන බෙහෙත් කරන්න ගියවිට හිස්‌හොරි තත්ත්වය උග්‍ර අතට පත්වෙනවා. හොඳින් මතක තබාගන්න මුහුණේ ඇතිවෙන හිස්‌හොරි කැසීමට හේතු නොවන බව. මෙන්න මේ කාරණය තුළින් කුරුළෑ සහ හිස්‌හොරි බිබිළි වෙන් වෙන් ව හඳුනාගැනීමට හැකිවෙනවා.

හිස්‌හොරිවලට කරන ප්‍රතිකාර නොදැනුවත්කමින් කුරුළෑවලට කිරීමෙන් මෙම තත්ත්වය ඇතිවිය හැකියි. ඇතැම් විට අප සඳහන් කළා මෙන් හිස්‌හොරි නිසා රතුපාට බිබිලි ඇතිවෙනවා වෙනුවට අපි මුලින් සඳහන් කළ තැන්වල කළු පැහැති ආකාරයට දිස්‌වී සම ඉවත් වන ආකාරයක්‌පෙන්වන්නත් පුළුවනි. මෙය මුහුණ පුරාම පැතිරිය හැකියි. අපි ස්‌මයිල් ලයින් එක කළුවෙලා කියන්නෙත් මෙවැනි තත්ත්වයටයි. එම නිසා මෙතනදීත් පෞද්ගලික පිරිසිදුතාවට ඉතා වැදගත් වෙනවා සේම තුවාය, කොට්‌ට උරය, පනා, මුහුණට ගල්වන ආලේපන ඉතා පිරිසිදුව තබාගැනීම වැදගත්.

මේ සඳහා නිවැරදි ප්‍රතිකාර ගැනීමෙන් මෙම තත්ත්වය සම්පූර්ණයෙන් ඉවත් කරගත හැකියි.



චර්ම රෝග විශේෂඥ වෛද්‍ය
අසෝක කමලදාස