කුලය නිසා ගෙදරින් ප්‍රශ්ණයක් - අදහසක් දෙන&#353

කුලය නිසා ගෙදරින් ප්‍රශ්ණයක් - අදහසක් දෙන&#353

මම EK සෙට් වෙලා සෑහෙන කල් උනාට මම වැඩිය ලොග් වෙන්නෙ නෑ මචන්. මගේ රස්සාවයි ඉගෙන ගන්න වැඩ නිසයි.

මේකේ යන සමහර Discussion මම දැකලා තියනවා. සමහරුන්ගේ අදහස් සෑහෙන්න හොදයි. ඒ නිසා මම මගේ ප්‍රශ්ණෙට පොඩි පිළිතුරක් බලාපොරොත්තු වෙනවා.

මේකයි කතාව....

මචන්ලා මම වැඩ කරන්නෙ පිටරට. මම ගිය මාසෙ නිවාඩු ආවා ටික දවසකට. ඒ කාලෙ ඇතුලත මම සෑහෙන්න Proposals බලන්න ගියා. එක කෙල්ලෙක්වත් මට හිතට ඇල්ලුවෙ නෑ මචන්ලා. ගොඩාක් කෙල්ලන්ගෙ චරිතය උනත් එච්චරම හොද උනේ නෑ.ඒ මදිවට කොහෙන්ද කාපු එකක් නිසා දවස් දෙකක් එක දිගට වමනෙත් ගියා බන්.
අන්තිමට ඔය මගුල් බලන එක මටම එපා උනා. :D

ඔය අතරතුර අපේ ගමට එහා ගමේ කෙල්ලෙක් මගේ ඇහැ ගැටුනා. හොදයි.. පිළිවෙලයි. ගොඩක්ම ලස්සන නැති උනාට වැදගත් විදිහට පාරෙ බැහැලා එක්ක ගියහැකි. බොරු ආටෝප නැති නිසා ලේසියෙන් Maintain කරන්නත් පුලුවන්. ඒකි ගැන විස්තර එහෙම හොයලා බලපුවාම කොල්ලෙක් ඉදලා නෑ. Sure එකටම.
කෙල්ලගෙ යාළුවා මගේ යාළුවෙක් බදින්න ඉන්න එකක්. ඒ නිසා මම යාළුවා මාර්ගයෙන් එක එක පනිවිඩ කෙල්ලට යැවුවා. මමත් ඉතින් පොඩ්ඩක් පේන්න ගියා නිතරම. කොහොම හරි ඒ කෙල්ල කියලා තිබුනා ගෙදරින් කැමති වෙන එකකට තමයි කමති වෙන්නෙ කියලා.
පස්සෙ මම ආපහු එන්න කිට්ටු කරලා කෙල්ලගෙන් ම ඇහුවා. ඒකි කිවුවා එකිට මුකුත් කියන්න බෑ ගෙදරට කතා කරන්න එහනම් කියල. මම අන්තිමට එකිගෙ අයියට කතා කරලා පස්සෙ එකිගෙ අම්මටත් කතා කලා. අම්මා මගේ විස්තර ටික අහලා මගේ වෙලාව ඉල්ලගත්තා එවා ගැලපෙනවා නම් තව දුරටත් කතා කරමු කියලා.
මේ ලගදි දවසක කෙල්ලගෙ අය්යා මට කතා කරලා කිව්වා වෙලාව ගැලපෙනවා අපේ ගෙදර එක්ක කතා කරන්න කියලා මට. මම මේ ගැන අපේ ගෙදරට කිවුවහම මෙන්න මේ ප්‍රශ්ණ ටිකට මට මුහුන දෙන්න සිද්ද උනා.

1.කෙල්ලගේ කුලේ හොයාගෙන ඒක අපිට ගැලපෙන්නෙ නෑ කියලා කැමති නෑ.
2. කෙල්ලගේ තාත්තා මොකද කරන්නෙ අහපුවාම එයා බස් driver කෙනෙක් ඒකත් ප්‍රශ්ණයක් කිවුවා.
3. කෙල්ල දෙවෙනි පාර උසස්පෙල කරල ප්‍රතිපල එනකම් අපේ පැත්තෙ ලොකු රෙදි කඩේක වැඩට එනවා. කඩේ වැඩ කරන කෙල්ලෙක් කියල ඒකටත් බෑ කිව්වා.
4. අන්තිමට ඒ පවුල දුප්පත් අපි එක්ක ගැලපෙන්නෙ නෑ කියලා එකටත් ලෙඩේ ඇද්දා.

අන්තිමට කෙල්ල හොදද නරකද කලුද සුදුද කියලා අහන්නෙ බලන්නෙ නැතුවම අපේ ගෙදර උන් එක හෙලා මේකට විරුද්ධ උනා.

මට අවුරුදු 27i, කෙල්ලට 20i.

කෙල්ල හොදයි චරිතෙ ගැන කියන්න කිසිම ප්‍රශ්නයක් නෑ කියලා මට ඒකිව පොඩි කාලෙ ඉදලා දන්න කීප දෙනෙක් ගෙන්ම දැනගන්න ලැබුනා. ඒ නිසා එයා ගැන මට ප්‍රශ්ණයක් නෑ.

මම මොකක්ද ඊලගට කරන්නෙ කියලා හිතාගන්න බැරුව ඉන්නෙ..:confused::(
 
Orange.UK

Junior member
  • Oct 8, 2015
    257
    18
    18
    atthatama kiwoth ubala gedara ewunta pissu machan. ubala gedara ewunuth mage wifege wage gal yuge jeewath wena un

    oya kiyala ekak hari sadarana hethu neme wirudda wenda. uba kiyana hatiyata oya kella ubata dahakin hoya ganda bari kellek

    uba rata gihin awith sallith athe thiyenawa kiyala dannawa nan wena kellek nan ahapu gaman ha kiyanne. gedarin ahanda kiyapu ekenma wadagath kama penawa machan

    oya kulawal hoyana unta one wesa baduwak hari kaman na hoda kule :P

    man nan kiyanne oya kella hugakma hoda kellek. duka therena kellek. ubata jeewath wenda lesi machan oya wage kellek bandoth
     
    • Like
    Reactions: ZeeMARZ

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,327
    1,372
    113
    Colombo
    Manjhi The Mountain Man කියලා ෆිල්ම් එකක් තියෙනවා. ඒකේ කුල භේදේ හොදට පෙන්නනවා ඉන්දියාවේ. උඹ මේක ගෙදර උන්ට පෙන්නපන්. ටිකක් හරි තේරෙයි කොච්චර මෝඩ ද කියලා.
     
    atthatama kiwoth ubala gedara ewunta pissu machan. ubala gedara ewunuth mage wifege wage gal yuge jeewath wena un

    oya kiyala ekak hari sadarana hethu neme wirudda wenda. uba kiyana hatiyata oya kella ubata dahakin hoya ganda bari kellek

    uba rata gihin awith sallith athe thiyenawa kiyala dannawa nan wena kellek nan ahapu gaman ha kiyanne. gedarin ahanda kiyapu ekenma wadagath kama penawa machan

    oya kulawal hoyana unta one wesa baduwak hari kaman na hoda kule :P

    man nan kiyanne oya kella hugakma hoda kellek. duka therena kellek. ubata jeewath wenda lesi machan oya wage kellek bandoth

    ඔව් මචන්.. මේ වගේ කෙල්ලෙක් ආයේ හොයාගන්න වෙන්න නැති නිසයි මම උනත් මේක අත හරින්න කැමති නැත්තෙ. උඹේ අදහසට බොහොම ස්තූති සහෝ..
    :yes:
    REP+
     
    Orange.UK

    Junior member
  • Oct 8, 2015
    257
    18
    18
    oya kula case 1 nisa ambaneta prashna awa ban matath. man adu kule kiyala. mage wife kelin hitiya mona de unath mawama one kiyala
    ape nan love 1k machan

    ubalage gedara ewunta pahadili karala deepan ban
    amma thattha unath harima moda widihata hithanne machan

    ubalage paula unath maha loku koti pathiyo kiyala man hithanne na. a paula duppath kiyala hithanda

    gedara ayata therum karanda try karapan. ubalage ammala thatthala hoyana widihata ubata me athme kasadayak karanda wenne na

    hmabunath kohe hari yana gon baduwak hambei :P
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,252
    113
    Gotham City
    මෙහෙමයි කෙල්ලගේ චරිතේ හොඳ \\ඇති.ඒත් ඉතිං උඹේ පවුලේ කැමැත්ත නැතුව හිතුවක්කාරෙට බැන්දෝත් ප්‍රශ්නේ තව උත්සන්න වෙනවා .උඹ වෙනම ගෙයක් අරගෙන වෙනම පදිංචි වෙලා වෙනම ජීවත් වෙන්න අදහස් කරනවානම් ඔය ගැටළුව ටිකක් විසඳෙයි .ඒත් උඹේ හිතට වද දේවි උඹේ ගෙදර අකමැත්ත මතක් වෙද්දි .ඒ වගේම උඹේ ගෙදරින් උඹට ලැබෙන්න තියෙන දේපළත් නොලැබේවි .
    අනේ මන්දා .කෙල්ලගේ චරිතේ නරකයි කියන්නේ නැහැ .මම කුල භේදෙටත් විරුද්ධයි .ඒත් සමහරක් අඩු කුලේ යයි සම්මත් එවුන්ගේ අඩුකුලේ ගතිය කාලයාගේ ඇවැමෙන් ඉස්මතු වෙනවා. ඒකිගේ අයියා මොනවගේ ඩයල් එකක්ද ? අම්මා කොහොම කෙනෙක්ද ??

    • Like
    Reactions: ZeeMARZ

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    Kulaya bullshit, owa ganan gannama epa

    kella duppath thatta bus driver wela ubala hoda salli karayonam tikak pawul wala aya move weddi awul wenna puluwan. Habai ubata hoda income ekak tiyanawanam kellawa hadala ubage level ekatama ganna puluwan. Eka nisa loku prashnayak nemei :)

    Kella kadayaka weda karapu hodai ban wena ewun ekka yalu wela datha galawanawata wada :)

    Kella ubata hodatama hoda nam uba kelin thiranayak ganin, mokada badala ubane inne.
     
    • Like
    Reactions: ZeeMARZ

    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    ගෙදරින් අහපන් වන්ශේ කබල් ගාන්නද කියලා... තාත්තා බස් ඩ්‍රිවර් කියන එක උඹෙ කසාදෙට බලපාන්නේ කොහොමද? කුලේ වැඩක් නෑ.. කුලේ තියන් උන් ගෙ කොලේ හරි නෑ.. කඩුළු 10 පැනපු උන් ඉන්නවා කුලේ හොඳ.. දුප්පත් කම කියන එක එකීගෙ වැරද්දක් නෙමි.. එකි ඔන කමින් දුප්පත් පවුලක ඉපදුනා නෙමිනේ... අනික එකී නැති කමටනේ රෙදි කඩේක වැඩට යන්නේ.. ලැජ්ජව පැත්තකින් තියලා.. සෝබන එකියක් නම් ගෙදට්ට වෙල මෝස්තර කර කර ඉඳී.. අනික උඹෙ අම්මලට කියපන් කුල වගෙ පුහු දේවල් පස්සෙ යන්න එපා..කියලා...අම්මලා බුදුන් වැන්දට බුදු හාමුදුරුවොත් කුලය පිටුදැකපු කෙනෙක්.. වැදගත් වෙන්නේ.. පුද්ගලය කරන කියන් දේවල්...

    මේවග් දෙවල් හෙව්වට කමක් නෑ..

    කෙල්ලගෙ දෙමාපියන් ගෙ හැසිරීම- මේ කෙන් කියන්නෙ උගත් කමම නෙමි.. තැනකට ගියාම හැසිරෙන විදිය.

    දෙමව්පියො/ සහොදරයො නිති විරෝදී දෙවල් වල්ට සම්බන්දධ කියන එක..

    ප්‍රශනයක් ආවොත් කතාකරන්න පුලුවන්ද කියන එක...

    ඔක්කොටම කලින්.. උඹලා දෙන්න ගැලපෙනවද කියන එක
     
    • Like
    Reactions: ZeeMARZ

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    ගෙදර එවුන්ට පිස්සු බන්. යකෝ ගෙදර අනික් එවුන් නෙමෙයිනෙ කසාද බඳින්න යන්නෙ උඹනෙ. ඉතින් උඹට ගැලපෙන කෙල්ලෙක් හොයා ගනින්. අන්තිමට ගෙදර අය කොහෙ හරි යන සක්කර වට්ටමක් උඹේ ඇඟේ එල්ලයි. ඒත් ඒ පව් ඔක්කොටම කර ගහන්න වෙන්නෙ උඹට තනියම කියලත් හිතාගෙන කරන දෙයක් කරපන්. :angry::angry::angry::angry:
     
    • Like
    Reactions: ZeeMARZ

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මෙහෙමයි කෙල්ලගේ චරිතේ හොඳ \\ඇති.ඒත් ඉතිං උඹේ පවුලේ කැමැත්ත නැතුව හිතුවක්කාරෙට බැන්දෝත් ප්‍රශ්නේ තව උත්සන්න වෙනවා .උඹ වෙනම ගෙයක් අරගෙන වෙනම පදිංචි වෙලා වෙනම ජීවත් වෙන්න අදහස් කරනවානම් ඔය ගැටළුව ටිකක් විසඳෙයි .ඒත් උඹේ හිතට වද දේවි උඹේ ගෙදර අකමැත්ත මතක් වෙද්දි .ඒ වගේම උඹේ ගෙදරින් උඹට ලැබෙන්න තියෙන දේපළත් නොලැබේවි .
    අනේ මන්දා .කෙල්ලගේ චරිතේ නරකයි කියන්නේ නැහැ .මම කුල භේදෙටත් විරුද්ධයි .ඒත් සමහරක් අඩු කුලේ යයි සම්මත් එවුන්ගේ අඩුකුලේ ගතිය කාලයාගේ ඇවැමෙන් ඉස්මතු වෙනවා. ඒකිගේ අයියා මොනවගේ ඩයල් එකක්ද ? අම්මා කොහොම කෙනෙක්ද ??

    agree, could not say more
     
    අපේ ගෙදරින් කියන්නෙත් මචන් කාලයක් යනකොට ඒ මිනිස්සුන්ගෙ ගතිගුන අපි එක්ක ගැලපෙන්නෙ නැති වෙයි කියලා.. අම්මා අය්යා බොහොම නිහතමානී මිනිස්සු මචන්.. මම කොහොමත් කෙල්ලව මෙහෙ ගේනවා මචන් බැන්දට පස්සෙ. එක නිසා එහෙම ප්‍රශ්ණයක් නෑ. ඒත් ගෙදර කියන දේ අහක දාන්න බෑ මචන්.. එකයි ප්‍රශ්ණෙ.

    REP+
     
    John Player

    Member
    Nov 7, 2014
    61
    3
    0
    kellawa gedarata horen marry karala rata palayan.lamayek ehema hadagena ayeth waren.gedara unta thiyena prashana serama nathi wela yai podi ekek adaddi
     
    • Like
    Reactions: ZeeMARZ

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    kohomath ithin hadissi wenne nethuwa hitapan.uba awegeta ohoma dan ivvata passe mind change wunoth.anika kellek gena eka parata conclusion walata enna epa.penawane meke dana thread hodata hitapu kello eka parata polawa kadan wetuna wage wenas wena heti.mohomath witarak gena hitan nethuwa ube future ekata match wena widiye ekak daganna.gedarain ohoma kiyana eka sadaranai eka parenstla wunama tamai terenne.ehema kiyala baduwak bedagena wedakuth ne.ekak matte marenne nethuwa compatible ekak daganain depattama hariyanna.
     
    • Like
    Reactions: ZeeMARZ