කුලාවක ජාතකය

chanaka

Well-known member
  • May 4, 2006
    3,231
    822
    113
    කුලාවක ජාතකය
    ​
    එකල දෙව්ලොව දෙවිවරු වගේම අසුරයන්ද එකට වාසය කලා..අසුරයොයි දෙවිවරුයි එකට වසන්න බැරි නිසා සක්දෙවිඳු මේ අසුරයන්ව පන්නා දමන්න උපායක් කල්පනා කලා ඉතිං දවසක් සක්දෙවිඳු දෙව්ලොව මේ ඔක්කොටම ලොකු උත්සවයක් ලෑස්තිකරා කන්නද බොන්නද හැම දෙයක්ම අඩු පාඩු නැතුව තිබ්බා..දෙව්ලොව පානයක් තිබුණා "ගණ්ඩපානය" කියලා..මේක වැඩිපුර බිව්වම මත් වෙනවා.. ඉතිං සක්දෙවිඳු තමන්ගේ දේව පිරිසට කිව්වා
    "මා ප්‍රිය මිත්‍රයනි, නුඹලා ඔය පානය බොන්න එපා! අසුරයන් මත් වෙන තුරු ඔවුන්ට ඔය පානය පොවනු!

    WhatsApp Image 2026-10-21 at 13.09.39 (1).jpeg
    ​

    දෙවිවරුත් අසුරයන්ට ඇති වෙන්න "ගන්ඩපාණය" පෙව්වා.. දැන් අසුරයන්ට හොදටම වෙරි..සක්දෙවිදු දේව පිරිසට කිව්වා දැන් ඔය අසුරයන්ව කකුල් දෙකෙන් අල්ලා සිනේරු පර්වතය පාමුලට විසි කරන්න කියලා මේ සිනේරු පර්වතය පාමුල මුහුදත් ඇසුරු කරගෙන තමයි අසුර භවන පිහිටා තියෙන්නේ..තව්තිසා දෙව්ලොව තරම්ම මේ අසුර භවන විශාලයි..දෙව්ලොව තියෙනවා නේ "පරසතු"වෘක්ෂය... ඒ වගේම අසුර භවනේ තියෙනවා "චිත්තපාටලී" නමින් කල්පයක් පුරා පවතින රුකක්..ඉතිං අසුරයන්ට සිහිය එද්දි චිත්තපාටලී රුකේ මල් පිපී තියෙනවා දැක්කා කට්ටිය කල්පනා කරනවා දැන්

    ‘ "හෑ… බොලේ, මේ අපි හිටපු දිව්‍ය ලෝකය නොවෙයිද?

    අපි හිටපු දෙව්ලොව තිබුනේ පරසතුමල් නොවැ… එහෙනම් මේ ශක්‍රයා තමයි අපට ඇති පදමට බොන්ට දීලා මත් කරවා මුහුද පිටට දමා තිබෙන්නේ"
    අසුරයන් මෙහෙම කතාවුනා...“අපි ශක්‍රයා සමග සටනට යමු. අපේ දේව නගරය ආපසු ගම්මු” කියලා..ඔවුන් කුහුඹි රැලක් කණුවකට නගිනවා වගේ සිනේරු පර්වතේ වටේ ඇවිදිමින් සිටගත්තා... එතකොට සක්දෙවිඳු අසුරයන් යුද්ධයට එන බව දැක දිව්‍ය පිරිසත් සමග යුද්ධයට ගියා..


    WhatsApp Image 2026-10-21 at 13.35.09.jpeg
    ​

    මේ යුද්ධයේදි සක් දෙවිඳු ඇතුලු පිරිස පරාද වුනා..යොදුන් 150ක් දිග වෛජයන්ත රථයෙන් සක්දෙවිඳු සහ මාතලී පලා යන්න උනා මෙහෙම යනකොට ඉඹුල් වනයකට ඇතුලු වුන සක්දෙවිඳු සහ මාතලී ඉතා වේගයෙන් යන නිසා ඉඹුල් කැලයේ තිබුණු ගස් අතු කොල කැඩී ගියා..
    මේ ඉඹුල් කැලේ ගුරුළෝ වාසය කලා..අර ගස්,අතු කඩාගෙන වැටෙද්දී ගස්වල ඉන්න ගුරුළන්ගේ චූටි පැටව් කූඩු වලින් මුහුදට වැටෙන්න පටන් ගත්තා.. මුහුදට වැටෙන ගුරුළු පැටව් මහා හයියෙක් කෑ ගහන්න පටන් ගත්තා...සක්දෙවිඳුට මේක ඇහුනා.. එතකොට සක් දෙවිඳු මාතලී ඇමතුවා.

    ​
    “සගය මාතලී, මොකක්ද ඒ ශබ්දය? මහත් ඝෝෂාවකින් හඬ නගනවා වගෙයි”

    “දේවයන් වහන්ස, රථයේ වේගය නිසා, එහි හැපී මුහුදට වැටෙන ගුරුළු පැටව් මරණ භයින් විලාප දෙන හඬයි ඒ ඇසෙන්නේ”


    858266187_2327762254657531_1547600261885906387_n.jpg
    ​

    එතකොට සක්දෙවිඳු මාතලීට මෙහෙම කිව්වා.

    “සගය මාතලී, අහෝ! අපි නිසා මේ සත්තු විපතට පත්වෙන්ට එපා..අපි ඉසුරු සම්පත් රැකගන්ට සතුන් මරන්නේ නෑ.. මේ සත්තුන්ව බේරා ගැනීම වෙනුවෙන් අපි අසුරයන්ට ජීවිතය දෙමු..මාතලී, ඔය රථය ආපසු හරවා ගන්න..”​

    සක් දෙවිඳුගේ වචනය ඇසූ මාතලී වෙනත් මගකින් යන්ට රථය දෙව්ලොව පැත්තට හැරෙව්වා.
    රථය හරවනවා දැක්ක ව අසුරයෝ මෙහෙම හිතුවා...‘ඒකාන්තයෙන් ම අනිත් සක්වල වලින් ශක්‍රයෝ එනවා වගෙයි.. බලය ලබාගෙන අපට ආයෙත් බැටදෙන්ට තමයි සක්‍රයා රථය හැරෙව්වේ’ කියලා අසුරයෝ බියට පත්වුනා..යුද්ධ නොකර අසුර භවනට ම පලා ගියා.. සක්දෙවිඳුන්ගේ මෛත්‍රිය නිසා පැරදී සිටි යුද්ධය යලි ජය ගත්තා.. යුද්ධය ජයගෙන සක්දෙවිඳුන් යළි දේවනගරයට පිවිසුනා. චාතුම්මහාරාජික, තාවතිංස යන දිව්‍ය ලෝකවල දෙව් පිරිස පිරිවරාගෙන නගරය මැද සිටගත්තා.. එසැණින් ම පොළව බිඳී යොදුන් දහසක් උසැති වෛජයන්ත ප්‍රාසාදය උඩට මතුවුනා.. සක්දෙවිඳුට ජය ලැබීමෙන් උඩට නැගුන ප්‍රාසාදය නිසා එයට ‘වෛජයන්ත ප්‍රාසාදය’ කියන නම ඇති වුනා..

    WhatsApp Image 2026-10-21 at 14.47.33 (1).jpeg


    ඉන්පසු සක් දෙවිඳු අසුරයන්ට තව්තිසාවට එන්ට බැරිවෙන්ට පස් තැනක රැකවල් තැබුවා..එනම් නාග, ගුරුළු, කුම්භාණ්ඩ, යක්ෂ සහ සතර වරම් මහ රජවරුන්ය.”
    ​
    ​
    දේව නගරයත් අසුර නගරයත් අතර යුද්ධයක් ඇතිවීම වළක්වනු පිණිස කටයුතු යෙදූ නිසා ඒ නගර දෙකට ‘යුද්ධ නොකරනා පුරයෝ’ යන අර්ථයෙන් ‘අයුද්ධපුරයෝ’ යන නම ලැබුනා.යම් කලක අසුරයෝ බලවත් වෙනවාද, එතකොට දෙවිවරු පලා ගිහින් දේව නගරයට පිවිසිලා දොරටුව වසාගත් විට අසුරයන් ලක්ෂයක් ආවත් දෙවියන්ට මොකුත් කරන්ට බැහැ..යම් කලෙක දෙවිවරු බලවත් වෙනවාද, එතකොට අසුරයෝ අසුර නගරයට දුවගෙන ඇවිත් දොරටු වසාගත්තාට පස්සේ ශක්‍රයන් ලක්ෂයක් ආවත් කිසිවක් කරන්ට බැහැ. ඒ නිසයි මේ නගර වලට ‘අයුද්ධපුරයෝ’ කියන නම ලැබුවේ...
    ඉතින් සක්දෙවිඳු අසුරයන් පරදා කිසිවෙකුටවත් හිංසාවක් නොකර තමන්ගේ මෙත් බලයෙන් ජයගත්තා..

    ගොඩක් අය වජ්‍රපාණි" යක්ෂයා කියන්නේ සක්දෙවිඳුට කියලා කිව්වම, සමහර අය හිතනවා "වජ්‍රපාණි" කියන්නේ සක්දෙවිදු කිපෙන වෙලාවට ආවේශ වන චරිතයක් කියලා..ඒක ඇත්තටම වැරදි අදහසක් සක්දෙවිඳු, වජ්‍රපාණි යක්ෂයා වෙලා එන්නේත් "සච්චක" සහ "අම්බට්ඨ" දමනය කරන්න විතරයි.. ඒ අවස්ථා දෙකේ ඇරෙන්න "වජ්‍රපාණි" යක්ෂයා ලෙස පෙනීසිටි බවට සඳහනක් නෑ.
     

    Attachments

    • WhatsApp Image 2026-10-21 at 14.47.33.jpeg
      WhatsApp Image 2026-10-21 at 14.47.33.jpeg
      222.5 KB · Views: 5
    • WhatsApp Image 2026-10-21 at 14.47.33 (1).jpeg
      WhatsApp Image 2026-10-21 at 14.47.33 (1).jpeg
      43.8 KB · Views: 5
    • WhatsApp Image 2026-10-21 at 14.47.33 (1).jpeg
      WhatsApp Image 2026-10-21 at 14.47.33 (1).jpeg
      43.8 KB · Views: 5

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,524
    1,315
    113
    United States
    ගුරුළු පැටව් ටික බේරගන්න රථේ ආපහු හරවපු තැන තමයි මචං මුළු කතාවෙම හිතට වැදුනම තැන, බලේට වඩා කරුණාව ලොකුයි කියලා එතනින්ම තේරෙනවා
     
    • Haha
    Reactions: Z e u s

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,231
    822
    113
    ගුරුළු පැටව් ටික බේරගන්න රථේ ආපහු හරවපු තැන තමයි මචං මුළු කතාවෙම හිතට වැදුනම තැන, බලේට වඩා කරුණාව ලොකුයි කියලා එතනින්ම තේරෙනවා
    :yes: :yes:
     
    • Like
    Reactions: NRTG