කුලියාපිටිය වාහන එකලස් කිරීමේ කර්මාන්තශාලාව විවෘත වෙයි.

monson

Well-known member
  • May 7, 2007
    18,850
    14,679
    113
    Hyundai, Mahindra assembly plants ගෙනාපු රනිල් ගෙන් තවත් එකක් 😍

    දකුණු ආසියාවේ දැවැන්තම වාහන එකලස් කිරීමේ කර්මාන්තශාලාව ජනපති අතින් කුලියාපිටියේ දී විවෘත කෙරේ​

    • රටේ ආර්ථිකය ශක්තිමත් කෙරෙන ව්‍යාපෘති විරෝධතා හමුවේ නතර කර දැමීමට කිසිවෙකුටත් ඉඩ දෙන්නේ නැහැ.
    • 2015 ආරම්භ කළ ව්‍යාපෘතිය වසර 10ක් ප්‍රමාද වීම නිසා මෙරට තරුණ තරුණියන්ට හිමිවීමට තිබු රැකියා අවස්ථා රැසක් අහිමි වුණා.
    • වෙස්ටර්න් ඔටෝමොබයිල් නව කර්මාන්ත ශාලාව මගින් කුලියාපිටියත්, රටත් විශාල දියුණුවකට ලක් වෙනවා- ජනපති.
    මෙරට වාහන එකලස් කිරීමේ ක්ෂේත්‍රයේ සුවි‍ශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් කුලියාපිටිය වෙස්ටර්න් ඔටෝමොබයිල් ඇසෙම්බ්ලි ප්‍රයිවට් ලිමිටඩ් (WAA) නවීන වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව අද (17) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කෙරිණි.

    දකුණු ආසියාවේ දැවැන්තම වාහන එක්ලස් කිරීමේ කර්මාන්තශාලාව වන වෙස්ටර්න් ඔටෝමොබයිල් ඇසෙම්බ්ලි ප්‍රයිවට් ලිමිටඩ් කර්මාන්ත ශාලාව සඳහා වැය කර ඇති මුදල ඩොලර් මිලියන 27කි. මෙම කර්මාන්තශාලාවේ එකලස් කරන ලද පළමු වාහනය වන ආසන 15 ක මගී වෑන් රථයක් මෙම මාසය අවසානයේ වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිතය.

    ගෝලීය මෝටර් රථ විශේෂඥයින් විසින් නිර්මාණය කර ඇති ඉහළම මට්ටමේ ජාත්‍යන්තර යන්ත්‍රෝපකරණ වලින් සමන්විත මෙම කර්මාන්තශාලාව මඟින් තරුණ තරුණියන්ට සෘජු සහ වක්‍ර රැකියා අවස්ථා රැසක් නිර්මාණය කෙරේ. එසේම ගෝලීය කර්මාන්ත අවශ්‍යතාවලට අනුකූලව ජාත්‍යන්තර මට්ටමේ වෘත්තීය පුහුණු ආයතනයක් ද මෙහි පවත්වාගෙන යන අතර මෙරට තරුණ තරුණියන්ට එම පුහුණුව මඟින් විදේශ රැකියාවන් සඳහා යොමුවීමට අවස්ථාව සැලසෙනු ඇත.

    අද පස්වරුවේ කුලියාපිටිය වෙස්ටර්න් ඔටෝමොබයිල් ඇසෙම්බ්ලි ප්‍රයිවට් ලිමිටඩ් (WAA) නවීන වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමරු ඵලකය නිරාවරණය කර කර්මාන්ත ශාලාව විවෘත කළේය.

    අනතුරුව එහි නිරීක්ෂණ චාරිකාවක නිරතවෙමින් කාර්ය මණ්ඩලය සමඟ ද සුහද කතා බහක නිරත විය.

    අනතුරුව පැවති උත්සව සභාව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ මෙරට ආර්ථිකය ශක්තිමත් කෙරෙන ව්‍යාපෘති විරෝධතා හමුවේ නතර කර දැමීමට කිසිවෙකුට ඉඩ නොදෙන බවයි.

    වෙස්ටර්න් ඔටෝමොබයිල් කර්මාන්තශාලාවේ කටයුතු 2015 වසරේදී ආරම්භ වුවද එම කටයුතු ඉදිරියට ගෙන යාම වෙනුවෙන් කිසිවෙකු සහාය ලබා නොදුන් බව ද ජනාධිපතිවරයා සිහිපත් කළේය.

    තමා රට භාරගත්තේ රට දියුණු කෙරෙන සංවර්ධනය ව්‍යාපෘති ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට බව අවධාරණය කළ ජනාධිපතිවරයා වසර දෙකකින් නිම කිරීමට නියමිතව තිබූ මෙම ව්‍යාපෘතිය සඳහා වසර 10ක් ගත කිරීම නිසා මෙරට තරුණ තරුණියන්ට හිමිවීමට තිබු රැකියා අවස්ථා රැසක් අහිමි වූ බවද සඳහන් කළේය.

    එසේම මෙම නව කර්මාන්ත ශාලාව මගින් කුලියාපිටිය ඇතුළු මුළු රටේම ආර්ථිකය ශක්තිමත් කෙරෙන බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

    උත්සව සභාව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

    අප මෙම කර්මාන්තශාලාව ආරම්භ කිරීම අනුමත කළේ 2015 වසරේදීයි. නමුත් එදා සිටම මීට විරුද්ධව විශාල විරෝධතා ගෙන ගියා. පාර්ලිමේනතුවේ පරීක්ෂණ කළා. අවසානයේ 2019 වසරේදී ආරම්භ කිරීමට තිබූ මෙම ව්‍යාපෘතිය කොවිඩ් සහ ආර්ථික අර්බුදය නිසා අතපසු වුණා.

    මා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු මෙම ව්‍යාපෘති සියල්ල නැවත ආරම්භ කිරීමට තීරණය කළා. ඒ අනුව වෙස්ටර්න් ඔටෝමොබයිල් සමාගමේ වැඩකටයුතු අද ආරම්භ වී තිබෙනවා. මේ කර්මාන්තශාලාව මඟින් වර්ෂයකට වාහන 50,000ක් නිෂ්පාදනය කිරීමට හැකියාව තිබෙනවා. මේ සමග අපට අපේ අපනයන ක්ෂේත්‍රය ශක්තිමත් කර ගත හැකියි.

    මෙම කර්මාන්තශාලාව වසර දෙකකින් ආරම්භ කිරීමට නියමිතව වුවද මේ සඳහා අපට වසර 10ක කාලයක් ගත වුණා. බොහෝදෙනා උත්සාහ කළේ මෙයට විරුද්ධව කටයුතු කිරීමටයි. කිසිවෙක් පක්ෂව වැඩකටයුතු කිරීමට උත්සාහ කළේ නැහැ. ඒ සියලුදෙනා උත්සාහ කළේ මම ව්‍යාපෘතිය නතර කර දැමීමටයි. මෙම කර්මාන්තශාලාව තුළින් රැකියා අවස්ථා උදාකර ගැනීමට තිබු අවස්ථා අප අහිමි කරගත්තා. ඉදිරියට එවැනි තත්ත්වයක් ඇතිවීමට මම ඉඩ දෙන්නේ නැහැ.

    මම මේ රට භාරගෙන ඉදිරියට ගෙන යන්නේ මෙම වැඩසටහන් නිසි අයුරින් ක්‍රියාත්මක කිරීමටයි. මෙම කර්මාන්තශාලාව කුලියාපිටිය දියුණුවේ එක කොටසක් බව කිවයුතුයි. මේ සමඟ කුලියාපිටිය දියුණුව ආරම්භ වෙනවා. අප බිංගිරියේ අක්කර දහසක ආයෝජන කලාපයක් ඇති කරනවා. ඒ වගේම සංචාරක කලාපයක් වෙනුවෙන් ඉරණවිල ප්‍රදේශයේ අක්කර 500ක් වෙන් කර තිබෙනවා. ඒ අනුව සංචාරක සහ නිෂ්පාදන කලාපයක් මෙම ප්‍රදේශවලට ලැබෙනවා.

    මෙම නව රැකියා අවස්ථා සමග පුහුණු පිරිස් අවශ්‍ය වෙනවා. ඒ නිසා ඉංජිනේරුවන් සංඛ්‍යාව වැඩි කර ගැනීමටත්, පුහුණු පිරිස වැඩිකර ගැනීමටත් අප බලාපොරොත්තු වෙනවා. අප කුරුණෑගල විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය ඇති කරනවා. 21 වන ශතවර්ෂයේ මැද භාගයට අප ගමන් කළ යුතුයි. එය අතහැර යාමට හැකියාවක් නැහැ.

    අද චීන සමාගම් මෙම අයෝජන සඳහා පැමිණ සිටින අයුරින් යුරෝපා සමාගම්ද ඉදිරියේ දි මෙහි පැමිණෙනවා. ඔවුන් සිටින්නේ අප නිල වශයෙන් බංකොලොත්භාවයෙන් නිදහස් වන තුරුයි. අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ මෙරටට ණය ලබාදුන් රටවල් 18 සමග සාකච්ඡා කර තිබෙනවා. අප දැන් පුද්ගලික බැදුම්කරුවන් සමඟ අවසාන වටයේ සාකච්ඡාවල නිරත වෙනවා. එම එකඟතා අනුව අප ඉදිරියට යනවා.

    මම උත්සාහ කරන්නේ වයඹ විශාල දියුණුවක් ඇති කිරීම සඳහායි. ගම්පහ දියුණු කළ අන්දමින් අප වයඹ එම දියුණුව ඇති කරනවා. එහි ආරම්භයක් ලෙස මම කර්මාන්තශාලාව හදුන්වා දිය හැකියි. සියලුදෙනාට ස්තූතිවන්ත වෙමින් මෙම සමාගම මඟින් අපේ රටේ ආර්ථිකයට ශක්තියක් ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.

    ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, හිටපු අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් යන මහත්වරුන්ද, වෙස්ටර්න් ඔටෝමොබයිල් ඇසෙම්බ්ලි ප්‍රයිවට් ලිමිටඩ්හි අධ්‍යක්ෂවරුන් වන ජෙරාඩ් ප්‍රනාන්දු, මිකායිල් සෙල්වනායගම් යන මහත්වරුන් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් සහ කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


    https://pmd.gov.lk/si/පුවත්/දකුණු-ආසියාවේ-දැවැන්තම-ව/

    rQO0d3N.jpeg

    M3ViV4F.jpeg

    17Wsd4E.jpeg

    xa9HrSu.jpeg

    EBQQgPs.jpeg

    snjd1E2.jpeg

    2z9eeaP.jpeg

    9CR82zf.jpeg

    GTbk6eI.jpeg

    t5MM3vT.jpeg






    Western Automobile Assembly Pvt Ltd, a company under Senok Automobiles, has invested US$ 27 million on a vehicle assembly plant in Sri Lanka. The facility is a Board of Investment (BOI) approved semi-knocked down plant located in an 11 hectare land in Kuliyapitiya.

    The company made this announcement last Tuesday during a media briefing at the Galle Face Hotel in Colombo.

    Western Automobile Assembly (WAA) Director, Gerard Fernando said, “We have invested more than $27 million on the assembly plant and fulfilled the BOI investment criteria.” Initially commercial and sports utility vehicles (SUVs) will be assembled in the plant. Two Chinese brands ‘Foton’ and ‘Great Wall Motor’ (GWM) have signed agreements with WAA to assemble the Foton 15 seater passenger vans and GWM SUV’s in Sri Lanka, he added.

    It was also mentioned at the event that the company has hired more than 100 direct employees including automobile engineering graduates and diploma holders of automobile technology to work within the plant. There is also a cadre of 25 employees for roles within HR, administration and maintenance. The company has established partnerships with several local service business providers in the area such as security, logistics and transport, catering, and laundry, creating a broader positive impact on the local area economy.

    The plant has been designed by global automotive experts and outfitted with premium international machinery. Its efficient assembly process is based on lean manufacturing principles and a flexible and transparent set up capable of handling the requirements of multiple brands.

    Adhering to international safety and quality standards, the facility is poised to become a leading automotive hub in the region.

    In addition the company is committed to training and development. There is an onsite training institute of international standards to provide vocational training aligned with global industry requirements. This initiative aims to offer significant employment opportunities for young associates both locally and internationally, further enhancing the microeconomic environment of the country.

    This project represents a substantial investment in both the automotive industry, and the economic vitality of Sri Lanka.

    The company is dedicated to enhancing the production capabilities, providing essential employment, and offering education and training opportunities that will contribute to the overall development of the local economy.

    - https://www.sundaytimes.lk/240915/b...hicle-assembly-plant-in-sri-lanka-571037.html
     
    Last edited:

    laka007

    Well-known member
  • Oct 18, 2008
    6,942
    5,106
    113

    දකුණු ආසියාවේ දැවැන්තම....​

    කට කාට හරි ජොබ් එනවනම් හොදයි... එකම අවුල අපි හදන්නෙම ලොකුම එවනේ. අන්තිමට ලොකුම සුදු අලි බොරුව වෙනවා. මෙකට එසේ නොවේවා කියලා ප්‍රර්තනා කරනවා
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    39,042
    1
    88,233
    113
    32
    Kalutara
    හාමු ගෑවුනත් හරි වෝක්ස්වැගන් කොම්පැනියත් අකුළෝලම යන්නයි හදන්නේ


    🤔

    දැක්කනේ රනිලප්පච්චි දුර බලලා වෝක්ස්වැගන් ලංකාවට ගෙන්නුවේ නැත්තේ. ගෙනාවා නම් උනුත් අකුලගෙන යනවනේ ලංකාවෙන්.
     

    tKia

    Well-known member
  • May 3, 2023
    278
    436
    63
    at least he was able to open a factory that assembles Foton vehicles instead Volkswagen just before the election. I think it is too late for him as always
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    16,986
    29,241
    113
    9CR82zf.jpeg


    me lights yatin yanne paint karapu chassis eka nemei finalized wahane. chassis 3k thiyanawa e arenna factory floor ekama his. van 3ka chasis thiyeddi final product eka cab ekak

    staged shit
    මේකත් අර සිරා හදිස්සියේ නෙළුම් කුළුණ ඕපන් කරලා වහලා තිබ්බා වගේ තමයි.
    Season 9 Lol GIF by The Office


    automotive-production-line-welding-car-body-modern-car-assembly-plant.jpg

    anik ratawala assembly line.
    ------ Post added on Sep 17, 2024 at 7:31 PM
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    12,157
    14,717
    113
    මට නම් මේක ෆැක්ටරියක් වගේ පේන්නේ නෑ. ටිකක් කෞතුකාගාරයක් වගේ. මික්ස්චර් බයිට් හදන එවුන් ගාව තියෙනවා බං ඔයිට වඩා මැෂින්.
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    9,365
    13,050
    113
    Moka haduwath honda detata hondai kiyanna one. Habai meka me chande nisa dena carrot alayak. Election ekak tiyeddi boru karanna one nane ban.
    Kamak na Anura awama Ranil patan gatta wade continue karan yai
     
    • Like
    Reactions: Xi Jinping