මම 3 පන්තියෙ කියලා මතක. අපේ පන්තියේ ළමයෙක් හිටියා.එයා අපේ ගමේමයි. ඇත්ත නම නොකියා මම මෙතන එයාට සුරංග කියන්නම්. ඒ වගේම ඒ දවස් වල මගේ හොඳම යාළුවාට මම නුවන් කියලා කියන්නම්. අපේ අම්මා දවසක් කිව්වා මතකයි සුරංග ගැන. "එයාල පලි මිනිස්සු", "අපිට වඩා පහත්" ඔන්න ඔහොම කතා ටිකක්. ඉතින් 3 පන්තියේ අපි කීප දෙනෙක් දවසක් මොකොක් හරි දෙයක් කරන්න යනකොට මම මැද්දට පැනලා කිව්වා "සුරංග අපිත් එක්ක ඉන්න එපා. එයා පලි. අපිට වඩා පහත්" කියලා. මට අදටත් යන්තන් මතකයි සුරංග දුකෙන් මගෙ දිහා බලන් හිටියා. එයා වචනයක්වත් කිව්වේ නෑ. ඒත් නුවන් කිව්වා "ඉතිං හොඳයි නේ බුද්ධාගමත් පාලිනේ" කියලා. කතාව එතනින් ඉවරයි. ඔයාලට තේරෙනවා නේ. ඒ කියපු කතා මටවත් මගේ යාළුවටවත් හරියට තේරිලත් නෑ. අපි පුංචි කාලේ නොදැනුවත්කමට ඔහේ ගිරව් වගේ කියවනවා. හැබැයි ඒ කියන්නේ අපේ අවට සමජය, විශේෂයෙන් දෙමව්පියො කියන දේවල් අහගෙන ඒවා අශ්‍රයෙන්. පස්සේ කාලෙක මට තේරුණා මම කිව්ව කතාවේ වැරැද්ද. මම බොධිවංශයේ(පන්නයො කියන්නේත් ඒකටමයි මම හිතන්නේ. මම එච්චර ඕවා ගැන දන්නේ නෑ. ). මගේ යාලුවා නුවන් ගොවි. ඒ කියන්නේ කුලය ගැන බැලුවොත් මම එයාට වඩා පහලින්.ඉතින් එයා ඔයවගේම කතාවක් මට කිව්වා නම් මමත් සුරංග වගේ අසරණ වෙන්න තිබුණා. මම වෙන මුකුත් කියන්න යන්නේ නෑ.ඉතින් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න.
