කුල භේදය අනාගතේදි...

May 24, 2017
21
7
0
colombo තමයි
කුල භේදය අනාගතේදි...

--- PC Games කුල භේදය ---
"ඔය කොල්ලා ගහන්නෙ Dota විතරමයි. අපි අනාදිමත් කාලෙක ඉඳන් COD සෙල්ලම් කරපු මිනිස්සු. අඩුම තරමෙ ඒ කොල්ලා OverWatch වත් සෙල්ලම් කරනවා නම් කමක් නෑ. COD කුලේ උන්ට ඔය Dota කුලේ උන් පෑහෙන්නෙ නෑ. ඒක නිසා දුවේ මේ මඟුල කරන්න වෙන්නෙ උඹට මගේ මලකඳ උඩින් තමයි."
---
--- Comic කුල භේදය ---
"අපිට මේ සම්බන්ධෙ නවත්තන්න වෙනවා අයියෙ..."
"ඒ මොකද නංගි මේ එක පාරටම...?"
"අයියලා DC කුලේ කියලා අපේ ගෙදරින් දැන ගෙන. අපි Marvel කුලේ අයියෙ. ඔයාලා එක්ක පෑහෙන්න අපිට බෑ. අනික මේ සම්බන්ධෙට ඔයාලගෙ ගෙදරින් කවමදාකවත් කැමති වෙන්නෙ නැති නිසා අපේ අම්මා මට මේ සම්බන්ධෙ නවත්තන්න කිවුවා අයියෙ."
"ඔයාට පුළුවන්ද නංගි මාව අමතක කරන්න...?"
"බ්ලැක් පැන්තර් පල්ලා මම ඔයාව අමතක කරලා වෙන කවුරුත් කසාද බඳින්නෙ නෑ අයියෙ. මැරෙනකන්ම තනියෙන් ඉන්නවා..."
"බැට් මෑන් පල්ලා නංගි මම ඔයාව කොහොම හරි කසාද බඳිනවා ගෙවල් දෙකෙන්ම කැමැත්ත අරන්..."
---
--- Auto, Manual Transmission කුල භේදය ---
"මොකද නෝනෙ තරහින් වගේ...?"
"බලන්නකො ඒයි අද අර හන්දියෙ ගෙදර ගෑනි මම වාහනේ එද්දි මාව ඉස්සර කරගෙන ගියානෙ. අපි "මැනුවල් ගියර්" කුලේ මිනිස්සු. ඔය ගෑනිගෙ හත්මුතු පරම්පරාවම "ඔටෝ ගියර්" කුලේ. එහෙවු එකේ ඕකිට කොහෙන්ද එච්චර හයියක් මාව ඉස්සර කරගෙන යන්න. හම්බෙච්ච දෙන්කො මම ඕකිට කියලා දෙන්න ඕකිගෙ තරම."
---
--- Apple, Samsung කුල භේදය ---
"අම්මෙ මම අර නංගිට කැමතීයි..."
"මොන නංගිටද...? අර ඇපල් ෆෝන් එකක් තියන නැට්ටිච්චිටද...? පුතේ මේක හොඳට මතක තියා ගනින්. අපේ ගෙවල් වලට ඔය ඇපල් කුලේ එවුන් ඉස්සරහා ගෙට්ටුවෙන්වත් ආවෙ නෑ. එච්චර නම්බුකාර විදිහට අපි අපේ සැම්සුන් කුලේ රැක්කෙ. ඔය කෙල්ල අතෑරලා දාපන්. ඕවා කවදාවත් සිද්ධ වෙන දේවල් නෙවෙයි..."
---
--- nVidea, AMD කුල භේදය ---
"මගෙ හොඳ පුතා. මම හිතුවා පුතා ඒ ගෑනු ලමයට කැමති වෙයි කියලා. බලන්නකො ඒ දරුවත් nVidea කුලේ. අපිත් nVidea කුලේ. හොඳටම ගැලපෙනවනේ. මම බයේ හිටියෙ පුතා අර අල්ලපු ගෙදර AMD කුලේ නැට්ටිච්චිට වහ වැටෙයි කියලා."
---
--- Indian, Japan Vehicles කුල භේදය ---
"ඇයි නෝනෙ දානෙට අර වංගුවෙ ගෙදර අයට ආරාධනා කරේ නැත්තෙ...?"
"ඔයා මාර කතානෙ කියන්නෙ. ඕකුන්ගෙ පරම්පරාවම මරුටි සුසුකි. ඔයා කියන්නෙ මේ මරුටි සුසුකි කුලේ මිනිස්සුන්ව අපේ මේ ටොයෝටා කුලේ නෑදෑයො ඔක්කොම එන උත්සවේකට ගෙන්න ගන්න කියලද...? ඇත්තටම පිස්සු හැදීගෙන එනවද ඔහේට...?"
---
--- Apple, ROG Notebook කුල භේදය ---
"දුව... මෙහාට එනවා..."
"ඇයි තාත්තෙ...?"
"තමුසෙ කවුරු එක්කද අද අර ජෝඩු දාලා පාරෙ ගියේ...?"
"තාත්තෙ... ඒ තමයි මේ... එයා තමයි මේ..."
"එයා මෙයා නෙවෙයි. තමුන්ගෙ අතේ Republic of Gamers ලොගෝ එක ගහපු ලැප් එකක් තියාගෙන Apple ලෝගෝ එක ගහපු ලැප් එකක් අතේ තියන කොල්ලෙක් එක්ක ටවුන් එකේ රස්තියාදුවෙ යන්න ඇත්තටම ලැජ්ජා නැද්ද තමුසෙට...?"
"තාත්තෙ මට එයාවමයි බඳින්න ඕන. මට ඔය ROG, Apple කුල භේද වැඩක් නෑ. මම එයාට ඇත්තටම ආදරෙයි..."
"උඹට ඕන විදිහට නටන්න දෙන්න නම් මේ තාත්තා මැරෙන්න ඕන. ගිය සතියෙ Asus ලගේ අළුත්ම ROG ලැප් එකක් ගත්තා මගේ හොඳම යාළුවගෙ පුතා. මම ඌව උඹට කතා කරනවා."
"අනේ තාත්තෙ..."
---
--- Linux, Windows කුල භේදය ---
"නෝනෙ දැක්කද අර ගේට්ස් බිල්ගෙ පුතාගෙ ගණන්. ඕකුන් Linux කුලේ උන්. ඒ උනාට ඉන්නෙ නම් windows කුලේ මිනිස්සු වගේ. Windows ලැප්ටොප් එකකට Linux දා ගත්ත පලියට ඕකුන්ට පුළුවන්ද අපිත් එක්ක පෑහෙන්න."
---
උපුටාගැනීම අවසන්.
 

mag123

Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    --- nVidea, AMD කුල භේදය ---
    "මගෙ හොඳ පුතා. මම හිතුවා පුතා ඒ ගෑනු ලමයට කැමති වෙයි කියලා. බලන්නකො ඒ දරුවත් nVidea කුලේ. අපිත් nVidea කුලේ. හොඳටම ගැලපෙනවනේ. මම බයේ හිටියෙ පුතා අර අල්ලපු ගෙදර AMD කුලේ නැට්ටිච්චිට වහ වැටෙයි කියලා.":D
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    sira kathawa. godak un brand name ekak thoraganne quality ekata wada thamange boru poshkama pennanna. oka ithin nature of humans. anith unta bennata ape yati hitheth oya adahas adu wediyen thiyanawa.
     
    May 24, 2017
    21
    7
    0
    colombo තමයි
    :love:
    pattai machan

    --- nVidea, AMD කුල භේදය ---
    "මගෙ හොඳ පුතා. මම හිතුවා පුතා ඒ ගෑනු ලමයට කැමති වෙයි කියලා. බලන්නකො ඒ දරුවත් nVidea කුලේ. අපිත් nVidea කුලේ. හොඳටම ගැලපෙනවනේ. මම බයේ හිටියෙ පුතා අර අල්ලපු ගෙදර AMD කුලේ නැට්ටිච්චිට වහ වැටෙයි කියලා.":D