~~//...කුවේණි ගේ රෝස පාට ජංගිය..!!!
කුවේණි ගේ රෝස පාට ජංගිය..!!!
www.srilankaxnews.com -Friday, 01 June 2012 09:43
මහානාම හාමුදුරුවෝ මහාවංශය ලියද්දී විජය කුමාරයා ආතක් පාතක් නැතිව මහමුහුදේ අතරමංව මේ ගොඩබිමට කඩාපත් වන විට කුවේණිය කපු කටිමින් සිටියා යයි ලීවේ, නොදැනුවත්ව නොවේ. සිංහල ජාතියේ සංස්කෘතික ශිෂ්ඨත්වය ගෙනහැර පෑමට අවශ්‍ය නිසාය. එම කාලයේ හැටියට කපු කටින්නේ විලිවහ ගැනීම කෙසේ වෙතත් පාරිසරික සාධක වල බලපෑම අවම කර ගැනීම ට වස්තරයක් ඕනෑ වූ නිසා යැයි සිතිය හැක. ඒහෙත් එදා කපු රෙදි තිබුනානම් ඇදුම මසා ඇඳ ගන්නට නොහැකියාවක් තිබෙන්නට නොහැකි බව අද ශිෂ්ඨසම්පන්නැයි සිතා සිටින කිසිවෙකුට කල්පනා කරන්නටද පුලුවන.
සුගත් සමරකෝන්ගේ විජය කුවේණි නැරඹුවානම් ඊටත් එහා ගොස් තවතව දේවල් ගැන දැන ගන්නට පුලුවන් කමක් ලැබේ. රෙදි නිපදවා තමන්ට ගැලපේන ඇඳුම් මසා ගැනීමට මේ සිංහල ජාතියේ මූලාරම්බකයන්ට හැකියාවක් තුබුනේනම් ජංගියක් මසා ඇඳ ගැනීම පමණක් නොව ඒවා ලා රෝස පාටින් වර්ණ ගන්වා අඳින්න තරම් මේ සිංහලයාගේ ආදී මුතුන් මිත්තන්ට දියුණු ලිංගික සංස්කෘතියකුත් තිබුණා යැයි සුගත් සමරකෝන් තමන්ගේ චිත්තර පටයෙන් පෙන්වන්නේ අතිමහත් ආඩම්බරයකින්ය. ඒ සදහා සෑහෙන මහන්සි වී කුවේණිය ලෙස රඟන දුලානි අනුරාධාගේ කකුල් දෙක යටින් කැමරාව තබා රෝස පාට ජංගිය, ජාති ආලයෙන් ඔද වැඩී සිටින ප්‍රේක්ෂකයාට පෙන්වන්නේ වෙන මානසික විකෘතිතාවයක් නිසා හෝ නොදැනුවත්ව සිදු වූවක් ලෙස හෝ නොවේ. කලින් කීවාසේම සිංහල ජාතිය ශිෂ්ඨත්වය පෙන්වන්නටය. ඒ ගැන කිසිවකුත් සැක කළ යුතු නොවේ.