"කුවේණි"

MiyuB

Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    මේක අහල බැලුවද මචං? පිස්සු හැදෙනවා වීඩියෝ එක බැලුවම..:yes::yes:
    බලපු එවුන් මොකද හිතන්නේ..මෙච්චර කාලෙකට ආපු හොදම නිර්මාණයක් මන් හිතන්නේ..:yes::love:



    කුවේණිය කියවීම - මේ ගීතයේ අන්තර්ගතයේ සිටින්නේ ඔබ අප හඳුනන සත්සියයක් මල් මාලා ගෙතූ කුවේණිය පමණක් නොවන බව මුලින්ම සඳහන් කල යුතුමයි. මැය මෙසේ නොවඩින්නට ආයාචනා කරන විජයලාද ඊයේ අද මෙන්ම හෙටත් මේ ලංකාව මත තවත් මවකගේම කුසකින් ගොඩබැස තවත් කුවේණියන් හට බොහෝ විපත් සිදුකරනු ඇත.

    බඹරුන් පසුපස දිව නොගියද අවමන් විඳින මල් කුලය⁣ට අයත් කුවේණිය හුදෙක් කලු පැහැති නපුරු යක්ෂ රැජිනක් ලෙස ඉතිහාසය අපට උගන්වනු ඇත. කපටි ආත්මාර්ථකාමී විජයාවරංගනය හුදෙක් බඹරෙකුගේ සෙල්ලක්කාරකමක් ලෙස නොසළකා හැරෙනු ඇත. නිරිඳෙකු ලෙස ගරු බුහුමන් ලබනු ඇත.

    දරුවන් සමග කුවේණියගේ තනිවීම කිසිදු ඉතිහාස පොතක සංවේගය දනවන ලෙස රචනා වී නොමැත. කුවේණියගේ කැපවීම, ස්වාමි භක්තිය සහ දාරක ස්නේහය කිසිවෙකු අගය කලේද නැත. එසේ තනිවන පලමු කුවේණියගෙන් මේ රටේ පීතෘමූලික සමාජය බිහිවේ. ගැහැණිය හුදෙක් වින්දනය සපයන්නියක්, දරුවන් බිහිකරන්නියක් පමණක් ලෙස සලකන්නට පටන් ගැනේ. එමෙන්ම කුවේණියගෙන් රටේ රැජිණි පෙලපතද අහවරවේ.

    ගැහැණියකගේ සමාජයීය භූමිකාව කොතරම් පහත් තැනක පවතීද යන්න අපට හොඳින්ම පැහැදිලි වන්නේ ඇයගේ මල්වර වීම හෙවත් දරැවන් පිලිසිඳීමට සූදානම්බව අඬබෙර ගසා සැමරීමෙන්ය. එදිනම ඇයගේ අනෙකුත් ගැහැණු නෑදෑයන් සහ යෙහෙළියන් එකතුව ඇයගේ නිදහස් මනස⁣ට ගැහැණුබව නම් විෂබීජය කවනු ඇත.

    ඇය ආදරය නම් ගැටලුව⁣ට සමීප වන්නේ මෙවන් පසුබිමක් හරහාය.
    ගැහැණියකුගේ අතීතය හොයන පිරිමියෙකු සහ පිරිමියෙකුගේ අනාගතය හොයන ගැහැණියෙකු අතර මේ නොගැලපීමම මේ ආදරය නම් අර්බුදකාරී ඇලීම ඇයට තවත් සුන්දර කරයි. මේ නොගැලපීම පවතිනා තාක් කල් ආදරය පවතිනු ඇත. නමුත් තම වර්තමානය සහ අනාගතය ගැන හිතන අසංවේදී ආත්මාර්ථකාමී පිරිමියෙකු ආලයෙන් අන්ද වුනු සංවේදී ගැහැණියක හා පැටලීම බොහෝ අර්බුදවලට හේතුවනු ඇත. එදා, අද සහ හෙට ඇසෙන බොහෝ කුවේණියන්ගේ කතාවල යථාර්ථය මෙයයි.

    අවසානයේදී එක් පිරිමියෙක් වස්තුව ලෙසද තවත් පිරිමියෙකු බඩුව ලෙසද ගැහැණියව වාස්තවීකරණය කරනු ඇත. එසේ වන්නට ඇයව රැජිණක් කලේද වෛශ්‍යාවක් කලේද තමාම බව ඔවුහු කිසිදිනක පිලිනොගනු ඇත.

    මේ ගීතය අසා පමණක් තිබූ බොහෝ දෙනෙක් මෙම ගීතයේ රෑප රචනාවෙන් බලාපොරොත්තු වන්නට ඇත්තේ ඉතිහාසගත ජවනිකා රැගත් නූතන සිංහල සිනමාවේ දක්නට ඇති ඒකාකාරී රජකතාවකට සමාන යමක්ය. නමුත් ඒ බොහෝ දෙනා ගීතය අසා තිබෙන්නේ වැරදියටය. වන්ද්‍රසේන තලංගමයන් මේ ගීතය රචනා කිරීමේදී පැරණි කාව්‍යමය වහරක් භාවිතා කොට තිබුනද චරිත අත්ලගේ විසින් ඒ සඳහා යොදාගන්නේ ඉතා නූතන Drum N Bass සංගීත රටාවයි. රිද්ම වීරවර්ධනගේ ගායනයේ ගැබ්ව ඇත්තේ උතුරු ඉන්දියානු ශෛලියයි. සර්වකාලීනව අදාල කතා වස්තුවක් හරහා අතීතය හා වර්තමානය යා කරමින් ගොඩනැගෙන මේ නිර්මාණය මෙතරම් විශිෂ්ට වන්නේම මේ එකිනෙකට නොගැලපීමයි.

    -Prathap Eash-
     
    Last edited:
    • Like
    Reactions: somalal

    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,785
    251
    83
    පෘතුවියේ
    සින්දුවනම් ටිකක් පරණයි. වීඩියෝ එක පට්ට. පොරගේ තව සින්දු තිබ්බා සුපිරි. ගලන ගග, සඳ වතියේ එහෙම කියලා.
     

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    සින්දුවනම් ටිකක් පරණයි. වීඩියෝ එක පට්ට. පොරගේ තව සින්දු තිබ්බා සුපිරි. ගලන ගග, සඳ වතියේ එහෙම කියලා.

    ඔව් බන්..වීඩියෝ එක හින්ද දැම්මේ..මත සින්දුව අහල පට්ට ගහල තිබ්බේ//:yes:
     

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    සින්දුවනම් ටිකක් පරණයි. වීඩියෝ එක පට්ට. පොරගේ තව සින්දු තිබ්බා සුපිරි. ගලන ගග, සඳ වතියේ එහෙම කියලා.


    රාධාවණී ❤️❤️
    සොයා ආවා
    සොදුරු සිත්තම්

    මේ ඔක්කොම් සුපිරි