අලෝභය, අද්වේෂය, අමෝහය යි
කුශල චිත්තය හා සම්ප්‍රයෝග වන හේතු
ධර්ම තුනෙකි. ඒවාට "කුශල මූලයෝ" යි ද
කියනු ලැබේ.
එහි අලෝභය යනු අන්ධකාරය නසන ආලෝකය සේ ඒ ඒ වස්තූන් හා පුද්ගලයන් සම්බන්ධයෙන් ඇතිවන්නා වූ ලෝභයට
විරුද්ධ වූ ලෝභය දුරු කරන්නා වූ ස්වභාවයෙකි.
ලෝභ නැති බව ම අලෝභය යි වරදවා නො ගත යුතු ය. අද්වේෂය යනු ද්වේෂයට විරුද්ධ ස්වභාවයෙකි. එනම් මෛත්‍රිය යි. අමෝහය යනු ඥානය ය.
මාපියාදීන් විසින් චෛත්‍යාදියට වඳිනු දක්නා වූ මල් පහන් ආදියෙන් පුදනු දක්නා වූ බාල දරුවෝ තුමූ ද අනුන් කරන නිසා එසේ කරති. එහෙත් බුද්ධාදීන්ගේ ගුණ හෝ කර්ම - කර්ම ඵලය හෝ ඒ දරුවෝ නො දනිති.
ඒවා නො දත් මුත් ඔවුන්ගේ ඒ ක්‍රියාවෝ කුශලයෝ වෙති. නො දැන කරන්නා වූ ඒ කුශලයන්හි අලෝභ ද්වේෂ දෙක මුත් අමෝහය නො ලැබේ. එබැවින් ඒවා ද්විහේතුක කුශලයෝ ය.
ද්විහේතුක කුශලය දුබල ය. විපාක
දීමේ දී මඳ වූ ද දුබල වූ ද විපාකයක් ඇති කරන්නේ ය.
යම් කිසිවකු කුශලයක් කරන
කල්හි යටත් පිරිසෙයින් කර්ම - කර්ම ඵල දෙකවත් දැන කරන්නේ නම් එය අලෝභය, අද්වේෂය, අමෝහය යන හේතු තුනෙන්
යුක්ත වීමෙන් ත්‍රිහේතුක කුශලයක් වන්නේ ය.
ත්‍රිහේතුක කුශලය බලවත් ය. එයින් බොහෝ සැප සම්පත් ගෙන දෙනු ලැබේ.
මේ ද්විහේතුක ත්‍රිහේතුක භේදය සෑම කුශලයක් සම්බන්ධයෙන් ම කිය යුතු ය.
කම්පල ගැන සැලකීමක් නො කොට ලෝකාපවාදයෙන් ගැලවීම පිණිස ද, අනුන් දෙන තැන දී නො දී සිටීමට ලජ්ජාව නිසා ද, දෙන්නට කියන තැනැත්තා අමනාප වේය යන බිය නිසා ද, ගරු නම්බු ලබා ගැනීම පිණිස ද, තවත් එබඳු කරුණු නිසා ද දෙන්නා වූ තැනැත්තාට වන්නේ ද්විහේතුක කුශලය ය.
යම් කිසිවකු විසින් දෙන්නට නියම කරන නිසා හෝ ප්‍රතිග්‍රාහකයාගේ ඉල්ලීම නිසා හෝ කුල සිරිත් වශයෙන් හෝ තමාට ම දෙන්නට සිත් වීම නිසා හෝ අන් කරුණක් නිසා හෝ දෙන තැනැත්තා කර්ම - කර්ම ඵලය දක්නා ඥානය පෙරදැරි කරගෙන ප්‍රතිග්‍රාහකයන්ගේ ගුණ සලකා ගෙන දෙන්නේ වේ නම්, ඔහුට එයින් අලෝභද්වේෂා මෝහ සඞ්ඛ්‍යාත හේතුත්‍රයෙන් යුක්ත බැවින් ත්‍රිහේතුක නම් වූ දානමය කුශලය සිදු වේ.
ද්විහේතුක කුශලයෙන් ද්විහේතුක හෝ අහේතුක ප්‍රතිසන්ධියක් ඇති කරනු ලැබේ. අහේතුක ද්විහේතුක ප්‍රතිසන්ධි ඇත්තෝ ඒ ජාතියේ ධ්‍යාන ඉපදවීමට හා සෝවාන් ආදි මාර්ග ඵලයන්ට පැමිණ නිවන් දැකීමට ද අභව්‍යයෝ ය.
ත්‍රිහේතුක කුශලය ද උත්කෘෂ්ටෞමක වශයෙන් දෙවැදෑරුම් වේ.
* ත්‍රිහේතුකෝත්කෘෂ්ට කුශලයෙන්
ත්‍රිහේතුක ප්‍රතිසන්ධිය ඇති කරනු ලැබේ.
* ත්‍රිහේතුකෞමක කුශලයෙන්
ද්විහේතුක ප්‍රතිසන්ධිය ගෙන දෙනු ලැබේ.
ත්‍රිහේතුක ප්‍රතිසන්ධි ඇත්තා වූ
ත්‍රිහේතුක පුද්ගලයෝ ම ඒ ජාතියේ දී ම
නිවන් දැකීමට සුදුස්සෝ වෙති.
කුශල චිත්තය හා සම්ප්‍රයෝග වන හේතු
ධර්ම තුනෙකි. ඒවාට "කුශල මූලයෝ" යි ද
කියනු ලැබේ.
විරුද්ධ වූ ලෝභය දුරු කරන්නා වූ ස්වභාවයෙකි.
දීමේ දී මඳ වූ ද දුබල වූ ද විපාකයක් ඇති කරන්නේ ය.
කල්හි යටත් පිරිසෙයින් කර්ම - කර්ම ඵල දෙකවත් දැන කරන්නේ නම් එය අලෝභය, අද්වේෂය, අමෝහය යන හේතු තුනෙන්
යුක්ත වීමෙන් ත්‍රිහේතුක කුශලයක් වන්නේ ය.
මේ ද්විහේතුක ත්‍රිහේතුක භේදය සෑම කුශලයක් සම්බන්ධයෙන් ම කිය යුතු ය.
* ත්‍රිහේතුකෝත්කෘෂ්ට කුශලයෙන්
ත්‍රිහේතුක ප්‍රතිසන්ධිය ඇති කරනු ලැබේ.
* ත්‍රිහේතුකෞමක කුශලයෙන්
ද්විහේතුක ප්‍රතිසන්ධිය ගෙන දෙනු ලැබේ.
ත්‍රිහේතුක පුද්ගලයෝ ම ඒ ජාතියේ දී ම
නිවන් දැකීමට සුදුස්සෝ වෙති.