කුහකකම වෙනුවෙන් අපි

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
කුහකකම වෙනුවෙන් අපි

CWW_Kannangara.jpg
මේ සටහන ලිවීමට පෙලඹවූයේ එංගලන්තයේ සිටින මනීෂ චාමර අමරසේකර තම ෆේස්බුක් ගිණුමට තැබු සටහනක් මා තුළ ඇතිකළ කම්පනයයි. සැතපුම් දහස් ගණනක් ඈතින් සිටිය ද තවමත් රට තොට සිදුවන දෑ පිළිබඳ උනන්දුවෙන් සිටින්නකු වන මනීෂ “කොටා” තිබු සටහන සැබැවින්ම, සංවේදී එකක් ම විය. ඔහු ලියා තිබුණේ නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස සැලකෙන සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මහතා පිළිබඳවය. “චේ ගැන පොස්ට් දුටුවෙමි. සැමරුම් උත්සව පාපැදි සවාරි දුටුවෙමි. ඔහු ලංකාවට හෝ මෙහි මිනිසුන්ට කළ දෙයක් මා නම් අසා නැත. පසුගිය 13 වැනිදා නිදහස් අධ්‍යාපනයේ පියා වන කන්නන්ගර මහතාගේ 132 වැනි ජන්ම දිනය යෙදී තිබිණි. සැමරුම් නැත. පෝස්ට් නැත. නිදහස් අධ්‍යාපනයේ අයිතිකරුවන් වී සිටින අන්තරයට අදාළම නැත. කැම්පස්වල චේගේ රූපය ඇතිමුත් කන්නන්ගරගේ රූපය නැත. ඔහු නිදහස් අධ්‍යාපන පනත හඳුන්වා දෙන විට ජවිපෙ, එජාප හෝ ශ්‍රීලනිපය බිහි වී වත් නැත. බණ්ඩාරනායකලා, සේනානායකලා, රාජපක්ෂලා, ඉල්මහ විරුවන් සමරන රටේ එතුමා ගැන පුවතක්වත් පළ නොවීම කනගාටුදායකය. එතුමා නොසිටින්නට අද බහුතරයක් අයට චේ සමරන්න තියා චේ වචනයවත් කියවීමට හැකියාවක් නොතිබෙන්නට තිබිණි. ලංකාව වටේ ඇති අනිත් රටවල සාක්ෂරතාව බැලීම පමණක් මා කියන දෙය තේරුම් ගැනීමට ඉවහල් වනු ඇත.” (උපුටා ගැනුම අවසන්)

මේ රට වෙනුවෙන් කිසිදු සාධනීය මැදිහත් වීමක් සිදු කර නොමැති පුද්ගලයන් සැමරීමට දින ගණන් කාලය කා දමන රටක පිටු ගණන් කඩදාසි කොළ නාස්ති කරන පැය ගණන් තම මාධ්‍ය අවකාශය අවභාවිතාවේ යොදවන රටක සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර වැනි මාහැඟි සේවාවක් මේ රට වෙනුවෙන් කළ පුද්ගලයකු අමතක වීම යනු එක් අතකින් විමතිය දනවන කාරණයක් ම නොවේ. තාක්ෂණයෙන් ඩිජිටල් වූවත් සංස්කෘතියෙත් තවමත් ගල් යුගයේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ගේ සැබෑ ස්වභාවය මෙයයි. එසේ කියා ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර වැන්නකු පහසුවෙන් අපට අමතක කළ හැකි ද යන්න පැහැදිලි ප්‍රශ්නාර්ථයකි. ඒ ඔහු මේ රට වෙනුවෙන් කර ඇති අද්විතීය මෙහෙවර දෙස අවධානය යොමු කරන ‍කලය.

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දැවැන්ත විප්ලවයක් කන්නන්ගර මහතාගේ මැදිහත් වීම තුළ මෙරට සමාජ දේහය තුළ සිදු විණි. නිදහස් අධ්‍යාපන පනත හඳුන්වා දෙමින් අධ්‍යාපනයට ප්‍රවේශ වීමට ඇති අයිතිය ඈත ගම්බද දරුවන්ට ලබා දීම තුළ සිදු වූ විප්ලවය පිළිබඳව අටුවා ටීකා ටිප්පණි පැවසීම අවශ්‍ය නැත. කැලේ පිපුණු මල් කැලේම පර වී නොයන්නට එය ඉඩ සැලසුවේය. තවත් සරලව කිවහොත් නිදහස් අධ්‍යාපනය නොතිබිණි නම් ඈත ගම්වල අති බහුතරයක් දෙනා අධිපති ගෙවල්වල මෙහෙකරුවන් වන්නට ඉඩ තිබිණි. මේ සියලු අර්ථයන් ගෙන බලද්දී ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර යනු දැවැන්ත යුග පුරුෂයෙක්මය.

1945 ජූලියේදී නිදහස් අධ්‍යාපන පනත සම්මත වීමෙන් පසු කන්නන්ගර මහතා සභා ගැබෙන් පිටතට පැමිණෙද්දී ඔහු අසලට අමුත්තෙක් කිට්ටු විය. ඒ එවකට කොළඹ ඉන්දියානු මහකොමසාරිස්වරයා ලෙස කටයුතු කළ එච්.එම්. ආනේ මහතාය.

“අයියා අපේ රටේ ඉපදිලා මේ වගේ පනතක් ඉදිරිපත් කළා නම් දෙවියන්ට වගේ සලකනවා.” ඔහු කන්නන්ගර මහතාට අත දෙමින් එසේ පැවසුවේය. ඉන්දියානුවන් එසේ කරන බව පැවසුව ද අපේ අය නම් කන්නන්ගර මහතාට 1947 මහ මැතිවරණයේදී ඉහළම සැලකිල්ල දැක්වූයේ ඔහුව පරාජයට පත් කරමිනි. නිදහස් අධ්‍යාපනයේ පියා ගෙදර යවමින් ධන කුවේරයකු වූ විල්මට් ඒ. පෙරේරාව රටේ ව්‍යවස්ථාදායකයට පත් කිරීමට තරම් පස්යොදුන් කෝරලයේ ජනතාව එදා අකෘතඥ වී තිබිණි.

දේශපාලනඥයකු ලෙස කන්නන්ගර මහතාගේ අගය වැඩි කරනුයේ ඔහු එය තම පැවැත්ම වෙනුවෙන් කිසිදා භාවිත නොකළ කෙනකු බැවිනි. වසර විස්සකට වැඩි කාලයක් රටේ ව්‍යවස්ථාදායකය නියෝජනය කළ ද පෞද්ගලිකව ලාභ උපරීම කරගැනීමේ අදහසක් ඔහුට කිසි දිනක නොතිබිණි. ඒ නිසාම ජිවිතයේ සැඳෑ කාලය සතුටින් ගෙවීමට තරම් හැකියාවක් ඔහුට නොවීය. 1961 ඔක්තෝබර් මස 26 වැනි දින නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායක ආර්.එස්. පැල්පොල මහතා වෙත කන්නන්ගර මහතා යැවූ ලිපිය අපට පෙන්වා දෙනුයේ අවංක දේශපාලනඥයකුගේ ශෝකාලාපය මිස වෙනෙකක් නොවේ. ජීවත්වීම සඳහා තමනට පිං පඩියක් ඉල්ලමින් කන්නන්ගර මහතා යැවූ ඒ මුල් ලිපියේ කොටස් දෙකක් මෙසේ උපුටා දක්වමි.

සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර

නො. 36,

තිඹිරිගස්යාය පාර,

හැව්ලොක් ටවුම,

කොළඹ 06.

1961 ඔක්තෝබර් මස 26 දිනදීය.

ශ්‍රී ලංකා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායක ගරු ආර්.එස්. පැල්පොල මැතිතුමා වෙතයි.

රජයේ ඉහළම රාජ්‍ය සභාවල සියවස් කාලකටත් වැඩි කාලයක් සේවය කිරීමෙන් පසුව මා දැනට පත්වී තිබෙන අසරණ තත්ත්වයන් නිසා හදිසි මූල්‍යමය ආධාරයක් අපේක්ෂාවෙන් මෙම ඉල්ලීම ඔබතුමා වෙත ඉදිරිපත් කරන බව ගෞරවාන්විතව දන්වා සිටිමි.

මගේ මේ ඉල්ලීම ඉදිරිපත් කිරීමට හේතු සාධක වශයෙන් පහත සඳහන් වැදගත් කරුණු කිහිපය ඔබතුමා ඉදිරියේ තැබීමට අදහස් කරමි.

ආයෝජනවලින්, නිවාසවලින්, ඉඩකඩම්වලින් හෝ වෙනත් ප්‍රභවයන්ගෙන් මට කිසිදු පෞද්ගලික ආදායමක් නොලැබෙන බැවින් මා වසර ගණනාවකම යැපුණේ මගේ මිත්‍රයින්ගෙන් හා හිතවතුන්ගෙන් ලැබුණු පරිත්‍යාගවලිනි. මගේ සෞඛ්‍ය රැකගැනීම සඳහා කළ යුතු අත්‍යවශ්‍ය වියදම් වෙනුවෙන් ගෙවිය යුතු බිල්පත් දිනපතා ගොඩගැසෙමින් පවතී. මිත්‍රයන්ගෙන් හා නැදෑයන්ගෙන් සහනාධාර යැදීම සියවසකින් තුනෙන් එකක් තරම් වූ කාලයක් තිස්සේ රජයේ ඇමැති තනතුරක් දැරූ මා වැන්නකුට කිසිසේත් තරම් නොවන බවට ඔබතුමා ද එකඟ වනු ඇත යනු මාගේ විශ්වාසයයි.

රජයෙන් ක්ෂණික සහනයක් අපේක්ෂාවෙන් මගේ මේ ආයාචනය ඔබතුමා වෙත ඉදිරිපත් කරන්නේ අද මා මුහුණ පා සිටින අවාසනාවන්ත තත්ත්වය නිසාම බැව් සැලකුව මැනවි. එසේම සියවස් කාලකට වැඩි කාලයක් තිස්සේ මගෙන් කිසියම් ගෞරවයකට හා පිළිගැනීමකට ලක් වූ සේවයක් ඉටු වී ඇති බව ද මා අදහස් කරන නිසාත්ය.

ඒ වගත් මෙසේම

ඔබතුමාගේ යටහත් කීකරු සේවක

සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර

(මුල් ලිපියේ කොටස් දෙකක් පමණි)

ජාතියට දේශයට නිදහස් අධ්‍යාපනයේ ආශීර්වාදය ලබා දුන් ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර ඇමැතිතුමාට අවසානයේදී අත් වූයේ එවන් දුක්ඛදායක ඉරණමකි.

මේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් එතුමාට පාර්ලිමේන්තුවෙන් රුපියල් දසදහසක පාරිතෝෂික මුදලක් ගෙවූ අතර, පසුව මසකට රුපියල් 500 බැගින් පින් පඩියක් පිරිනැමිණ.

පසුව බලයට පැමිණි රජය යටතේ එම මුදල රුපියල් 1000 දක්වා වැඩි කරන ලදී. මේ ආකාරයට දුක්ඛිත දිවියක් ගෙවූ කන්නන්ගර මහතා 1969 සැප්තැම්බර් 23 වැනිදා මිය පරලොව ගියේ තවත් අමතක කර දමනු ලැබූ පුද්ගලයකු වශයෙනි.

සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර වැනි පරමාදර්ශි දේශපාලනඥයන්ගෙන් ආදර්ශ ලබා ගන්නවා වෙනුවට අපේ බහුතරයක් දේශපාලනඥයන් පෙලඹී ඇත්තේ ඊට පිටුපෑමටය. ඒ වග පෙන්වීමට උදාහරණ අනන්තවත් සැපයිය හැකිය. එජාප හා ශ්‍රීලනිපය නියෝජනය කරන ඇමැතිවරුන් දෙදෙනකු හබරාදුව ප්‍රදේශයේ එකම පාරක් දෙකොනින් විවෘත කර රට හිනස්සවා තවම ගතව ඇත්තේ දින කිහිපයකි. සිනාසීම වෙනුවට මෙම කාරණය දේශපාලනඥයන්ගේ කාර්යභාරය කුමක් විය යුතු ද යන්න සිතා බැලීමේ අවස්ථාවක් අපට ලබා දෙයි. 1948 සිට ක්‍රියාත්මක ජනප්‍රිය දේශපාලන සංස්කෘතියෙන් පිට පැනීමට තවමත් අපේ දේශපාලනඥයන්ට නොහැකි වී ඇති බව පීත්ත පටි කපමින් කරන මේ මාදිලියේ විවෘත කිරීම්වලට තවමත් ඔවුන් සම්බන්ධ වීමෙන් පෙනී යයි. ජනතා කැමැත්ත දිනු දේශපාලනඥයකුගේ කාර්යභාරය විය යුත්තේ පීත්ත පටි කැපීම, ඡන්දදායකයන්ගේ මඟුලට, අවමඟුලට සහභාගි වීම නොව රට හා එහි වැසියන් වෙනුවෙන් ප්‍රතිපත්ති සම්පාදනයයි. මෙසේ පීත්ත පටි කැපීමට යෑමෙන් සිදු වනුයේ ප්‍රතිපත්ති සම්පාදනයට ඇති කාලය අපතේ යෑමකි. ප්‍රාදේශීය හා පළාත් සභා මට්ටම නියෝජනය කරමින් ඒ ඒ තලවල දේශපාලනඥයන් කොතරම් සිටිය ද පාරක් විවෘත කිරීමට වීදි ලාම්පු විවෘත කිරීම වැනි සරල කාරණාවලට පවා සම්බන්ධ වීමට කැමැත්ත දක්වන ජාතික තලයේ දේශපාලනඥයන් අතිබහුතරයක් මේ රටේ සිටිති. පීත්ත පටි කැපීමට දක්වන උනන්දුව ප්‍රතිපත්ති සම්පාදනයට හා සමාන්තර වෙනත් රටවල සාර්ථකත්වයේ අත්දැකීම් ගැන කියැවීමට ඔවුන් වැය කළේ නම් සැබැවින්ම මේ රට සුරපුරයක් බවට පත් වී බොහෝ කල්ය.

හුදු ප්‍රදර්ශන කාමයට අමතරව වරප්‍රසාද පසුපස හඹා යෑමට වත්මන් දේශපාලනඥයන් තුළ ඇති කැමැත්ත රටේ දේශපාලනය තවත් දුර්වර්ණ ගන්වයි. දේශපාලන බලය හා වරප්‍රසාද අතර ඉතා කිට්ටු සම්බන්ධතාවක් ශ්‍රී ලංකාව වැනි දේශපාලන වශයෙන් අව-සංවර්ධිත රටක පැහැදිලිවම දැකගත හැකිය. සාමාන්‍යයෙන් දියුණු යැයි සම්මත රටවල බලයට පත්වීම යන යෙදුම හෝ දේශපාලන ශබ්ද කෝෂය තුළ දක්නට නොමැති අතර ඒ වෙනුවට ඇත්තේ ‘කමින් ටු ඔෆිස්’ නොඑසේ නම්: කාර්යාලයට පැමිණ රාජකාරි කටයුතු ඇරැඹීම යන්නය.

බොහෝ රටවල් ‘කමින් ටු ඔෆිස්’ කියද්දී අපි තවමත් ‘කමින් ටු පවර්’ යනුවෙන් කියමින් සිටින්නෙමු. එය, අපට ගැටලුවක් වුවද දේශපාලනඥයන්ට නම් වරප්‍රසාදවලින් තොරව පැවැත්මක් නොමැති බව දිගින් දිගටම පෙනෙන්නට තිබීම අතිශයින්ම කනගාටුදායකය.

-චාමර ලක්ෂාන් කුමාර විසිනි-
 
kungpupanda

Member
Jun 3, 2012
433
293
0
චීනේ
පෝස්ට් නැත. නිදහස් අධ්‍යාපනයේ අයිතිකරුවන් වී සිටින අන්තරයට අදාළම නැත. කැම්පස්වල චේගේ රූපය ඇතිමුත් කන්නන්ගරගේ රූපය නැත. ඔහු නිදහස් අධ්‍යාපන පනත හඳුන්වා දෙන විට ජවිපෙ, එජාප හෝ ශ්‍රීලනිපය බිහි වී වත් නැත. බණ්ඩාරනායකලා, සේනානායකලා, රාජපක්ෂලා, ඉල්මහ විරුවන් සමරන රටේ එතුමා ගැන පුවතක්වත් පළ නොවීම කනගාටුදායකය. එතුමා නොසිටින්නට අද බහුතරයක් අයට චේ සමරන්න තියා චේ වචනයවත් කියවීමට හැකියාවක් නොතිබෙන්නට තිබිණි. ලංකාව වටේ ඇති අනිත් රටවල සාක්ෂරතාව බැලීම පමණක් මා කියන දෙය තේරුම් ගැනීමට ඉවහල් වනු ඇත.” (උපුටා ගැනුම අවසන්)

:no::no::sorry::sorry:
 
Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සහෝදරයා ,
    ඔබ තුල සම්ජවාදය ගැන ඇති දරුණු හිත් වේදනාව දනිමි ..කන්නන්ගර සැමරීම සහ චේ සැමරීම කරනා දෙකකි ...ඔබලා fb එකේ පොස්ට් දම දමා ඉන්නේ නැතුව ..පාරට බැහැලා කන්නන්ගර සැමරුමක් සංවිධානය කිරීමේ හැකියාවක් නැති පිරිසක් ලෙස දකිමි ..දේසපාලන අදහස් සදහා කන්නන්ගර අදාල නොකර ගන්න ..ඔහු ජාතික වස්තුවකි ....
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,364
    1
    4,065
    113
    MP CWWC was the chairman of the committee that was created by the legislator to consider proposal of free education. He was from Matugama electorate and late father of slain minister Lalith Athulathmudali's father W.Athulathmudali surrendered the electorate to him for contest.
    In the committee that comprised 5 members for the consideration of free education there were two opponents- one was MP CWWWC
    It was Senator Abayarathna Rathnayake who comprised majority 3 who persuaded CWWC to support the 'free education' proposal. He had indicated that since MP CWWC has to go before the electorate and seek votes unlike the Senators , he needs to support the proposal of the commission. Being an intelligent politician he understood it and voted with the majority in the commission to propose the free education.
    It is wrong to say UNP was not created at that time as it was the party of MP CWWC.
    MP Wilmat Perera , cannot be labled as 'wealthy business man' he was a philanthropist and a great educator. He was involved in the 'free India movment' and was instrumental in bringing Sir Jawahal Lal Hehru , and his daughter Indira Ghandi to his great education institution Sri Pali at horana. Even SWRD attended this function. MP Wilmat Perera's great education institution was nationalized and he died heart broken. He was against capitalistic idias and was assiciated with people like late NM Perera and also contested under Sama Samaja party.
    MP CWWC then championed the idea of free education as his idea! He did a lot but initially he was against it!
    This is hard truth and Senator Abaya Rathnayake did not claim any thing !
    such were the people we had in our legislation.
    These facts were reveled at 96 and 100 year commommoration of the senator in the Sri Lanka Daily News. No one contradicted this though it was certainly a sruprise to me - a product of free education.
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,288
    1
    13,181
    113
    Gotham City
    මන් දැක්කා ජපුර කැම්පස් එකෙ සමාජවාදි සෙට් එකකගෙ පොස්ට් එකක් .එකා අනුව එකල වාමාංශිකයන්ගෙ දැඩි බලපැම නිසාළු කන්නන්ගරට නිදහස් අධ්‍යාපනය ගෙන්න් සිද්ද උනෙ. අනෙ වාමාංශික ප*ය තමා. කරපු එක බලපෑමක් කියන්න කියපන්.

    තව දෙයක් නිදහස් අධ්‍යාපනය කන්නන්ගර මහත්තයා ගෙනාවට මොකද එකෙ නිදහස නමට විතරයි අද තියෙන්නෙ. 77 පත්වෙච්ච යු ඇන් පි ආණ්ඩුවත් එහි අධ්‍යාපන ඇමතිව සිටි රනිල් වික්‍රමසිංහටත් පින්සිද්ධ වෙන්නෙ නිදහස් අධ්‍යාපනය ටිකෙන් ටික වියැකෙන්න ගත්තා. කන්නන්ගර මහත්තයා ඇති කරපු මධ්‍යමාහා විද්‍යාල සංකල්පය දියුණු නොකර ජනප්‍රිය පාසල් කියලා මඟුලක් ගෙනල්ලා ඒ ජනප්‍රිය පාසල් වලට බුද්ධිය සපයන ආයතන බවට අනෙක් මධ්‍යමහා විද්‍යාල , මහා විද්‍යාල සහ අනෙකුත් පාසල් පත්කලා .එකෙන් උනෙ බුද්ධිමතුන් බිහිවෙනවා වෙනුවට කුහකයන් ,ඊනියා උගතුන් බිහිවෙන්න ගත්ත එක .

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    සිංහලයා ඔහොම තමා බන් ....චේ සහ කන්නගර පටලා නොගන්න
     
    Mister TT

    Active member
  • Dec 4, 2014
    582
    224
    43
    41
    Kalutara
    මන් දැක්කා ජපුර කැම්පස් එකෙ සමාජවාදි සෙට් එකකගෙ පොස්ට් එකක් .එකා අනුව එකල වාමාංශිකයන්ගෙ දැඩි බලපැම නිසාළු කන්නන්ගරට නිදහස් අධ්‍යාපනය ගෙන්න් සිද්ද උනෙ. අනෙ වාමාංශික ප*ය තමා. කරපු එක බලපෑමක් කියන්න කියපන්.

    තව දෙයක් නිදහස් අධ්‍යාපනය කන්නන්ගර මහත්තයා ගෙනාවට මොකද එකෙ නිදහස නමට විතරයි අද තියෙන්නෙ. 77 පත්වෙච්ච යු ඇන් පි ආණ්ඩුවත් එහි අධ්‍යාපන ඇමතිව සිටි රනිල් වික්‍රමසිංහටත් පින්සිද්ධ වෙන්නෙ නිදහස් අධ්‍යාපනය ටිකෙන් ටික වියැකෙන්න ගත්තා. කන්නන්ගර මහත්තයා ඇති කරපු මධ්‍යමාහා විද්‍යාල සංකල්පය දියුණු නොකර ජනප්‍රිය පාසල් කියලා මඟුලක් ගෙනල්ලා ඒ ජනප්‍රිය පාසල් වලට බුද්ධිය සපයන ආයතන බවට අනෙක් මධ්‍යමහා විද්‍යාල , මහා විද්‍යාල සහ අනෙකුත් පාසල් පත්කලා .එකෙන් උනෙ බුද්ධිමතුන් බිහිවෙනවා වෙනුවට කුහකයන් ,ඊනියා උගතුන් බිහිවෙන්න ගත්ත එක .

    ලංකාවේ වාමාංශිකයන්ගේ කයිය මිසක් වැඩ තිබුනේ කවද්ද.ඔය වාමාංශිකයෝ කියන උන් ලංකාවේ පරිහානියට මිසක් දියුණුවට දායක වෙලා නෑනේ.ලංකාවේ මිනිස්සුන්ට අමිල මෙහෙයක් කරපු කන්නංගර මහත්තයව සමරන්නේ නැති උන් අර චේ කියන එකාව මහා ඉහලින් සමරනවා හරියට ලංකාව වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරපු එකෙක් වගේ. :angry::angry:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,288
    1
    13,181
    113
    Gotham City
    ලංකාවේ වාමාංශිකයන්ගේ කයිය මිසක් වැඩ තිබුනේ කවද්ද.ඔය වාමාංශිකයෝ කියන උන් ලංකාවේ පරිහානියට මිසක් දියුණුවට දායක වෙලා නෑනේ.ලංකාවේ මිනිස්සුන්ට අමිල මෙහෙයක් කරපු කන්නංගර මහත්තයව සමරන්නේ නැති උන් අර චේ කියන එකාව මහා ඉහලින් සමරනවා හරියට ලංකාව වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරපු එකෙක් වගේ. :angry::angry:
    ගොඩාක් අපෙ උන් දන්නෙ නැහැ ප්‍රභාකරන් කියන්නෙත් වාමාංශිකයෙක් කියන එක. එල් ටී ටී එක හඳුන්වන්නෙ ලෙෆ්ට් වින්ග් ටෙරිටිස්ට් ලා කියලා .ඕන නම් කරුණු හොයන් බලාපල්ලා. දෙමළ එවුන්ට වාමාංශික අදහස් ගිහින් තමා ඊනියා විමුක්තියක් වෙනුවෙන් සටනක පැටලිලා රටම කෙලවෙන පොයින්ට් එකට වැටුනෙ. මෙව්වාට ඉතිං ඊනියා සිංහල ජාතික වාදීන් සහ සිංහල වාමාංශික බයියොත් වග කියන්න ඕන්
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    MP CWWC was the chairman of the committee that was created by the legislator to consider proposal of free education. He was from Matugama electorate and late father of slain minister Lalith Athulathmudali's father W.Athulathmudali surrendered the electorate to him for contest.
    In the committee that comprised 5 members for the consideration of free education there were two opponents- one was MP CWWWC
    It was Senator Abayarathna Rathnayake who comprised majority 3 who persuaded CWWC to support the 'free education' proposal. He had indicated that since MP CWWC has to go before the electorate and seek votes unlike the Senators , he needs to support the proposal of the commission. Being an intelligent politician he understood it and voted with the majority in the commission to propose the free education.
    It is wrong to say UNP was not created at that time as it was the party of MP CWWC.
    MP Wilmat Perera , cannot be labled as 'wealthy business man' he was a philanthropist and a great educator. He was involved in the 'free India movment' and was instrumental in bringing Sir Jawahal Lal Hehru , and his daughter Indira Ghandi to his great education institution Sri Pali at horana. Even SWRD attended this function. MP Wilmat Perera's great education institution was nationalized and he died heart broken. He was against capitalistic idias and was assiciated with people like late NM Perera and also contested under Sama Samaja party.
    MP CWWC then championed the idea of free education as his idea! He did a lot but initially he was against it!
    This is hard truth and Senator Abaya Rathnayake did not claim any thing !
    such were the people we had in our legislation.
    These facts were reveled at 96 and 100 year commommoration of the senator in the Sri Lanka Daily News. No one contradicted this though it was certainly a sruprise to me - a product of free education.

    Thanks for the interesting and unknown facts.