කුහකයෙක් කුහක කම කතාකරයි

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    ජාතික ජනබලවේගයේ නායක අනුර දිසානායක මහතාගේ ඉන්දීය සංචාරය සම්බන්ධයෙන් කුහකකම් වර්ග කිහිපයක් ඇතිවී තිබෙන බව එම පක්‍ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.​

    ඔහු මේ බව සඳහන් කරන්නේ තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමිනි.​

    අදාළ සටහන මෙසේය.​

    කුහකකම් වර්ග !​

    Types of hypocrisy !​

    අනුර සහෝදරයා ඉන්දියාවේ ගිය ගමන ගැන දැන් විවිධ මත දැක්වීම් සංවාදයන් ඇතිවෙලා , ඒක දේශපාලන සංවර්ධන පැත්තෙන් හොඳ දෙයක්, මේ ඒ ගැන නෙමෙයි !​

    ඒ හරහා මතු වී තිබෙන කුහකකම්​

    – hypocrisy -වර්ග ගැනයි !​

    එකක් සාමාන්‍ය මනුෂ්‍යයාට දැනෙන පුද්ගල කුහකකම (personal hypocrisy) වීරවංශට දැනිලා තියෙන්නෙ ඒක ! අඩේ මමත් ජවිපෙ හිටිය නම් මටත් යන්න තිබුණු ගමනක් නේද ? මේකා මේ ගිහින් තියෙන්නේ, ඒක හරිම සාමාන්‍ය, අනුකම්පා කලයුතු කුහකකමක්!​

    රනිල් වික්‍රමසිංහට තියෙන්නේ වෙන කුහකකමක් ! ඒක දේශපාලන කුහකකම සහ පන්තිමය කුහකකම, ( political and class hypocrisy ) මේ මම අපේ පන්තිය හැමදාම ඇදපු ඇදුම් ඇදගෙන අනුර මොකද ?ඒක නිසා තමයි සමන් රත්නප්‍රිය වගේ කසිකබල් හාදයෙක් දාලා රනිල් අපේ පන්ති පහ ගැන කියවන්නේ! රනිල්ගේ කුහකකම වීරවංශගේ කුහකකම ට වඩා භයානකයි !​

    තව අයගෙන් ප්‍රකාශ වෙන්නේ පන්තිමය කුහකකම විතරයි !​

    තබුත්තේගම ඉපදිලා jvp කරපු , කෝච්චියේ බුලත් විට විකුනපු අනුරයා ලෝකයේ විශාලතම බලවත් රාජ්‍යයක් වන ඉංදියාවෙන් ආරාධනා කරලම රාජතාන්ත්‍රික ලෙස පිලිගැනීම ගැන තියෙන පන්තිමය කුහකකම !​

    ඒ අයට ඔය පිලිගැනීම මහින්දානන්ද අලුත්ගමගේට ,එස් බී දිසානායකට නෙමෙයි,බාල බෙහෙත් ගනුදෙනු කරලා දැන් හිරේ වැටිලා ඉන්න කෙහෙළියට ලැබුනත් කට පියාගෙන ඉන්න පුළුවන් ! කාලා ඉන්න බැරි මේ පිලිගැනීම ” තනි සිග්නල් කනුව,තබුත්තේගම ” එඩ්‍රස් එකේ අනුරයාට ලැබුණු එක යි !​

    මේ තුන් වර්ගයේම කුහකකම් ඇති අයගේ පොදු ලක්ෂණයක් තියෙනවා!​

    ඒක තමයි මේ තුන්ගොල්ලටම ලෝක ගෝලය- පෘතුවිය කැරකෙන එක දශක ගානකට කලින් නතර වීම !​

    ,ඔවුන්ට අනුව අනුර තාම කියවන්නේ පන්ති පහ ! ඔවුන් තාම ඉන්නේ ඉංදියාව අපිට පරිප්පු දාපු 80 දශකයේ ! ඉන්දියානු ව්‍යාප්තවාදය ජනතාව ඉගනගත්තු කාලේ ! රනිල්ගේ මාමා යැංකි ඩිකී රොනල්ඩ් රේගන්ට කඩේ ගිය කාලේ !​

    අනුර අපි ඉන්නේ කැරකෙන ලෝක ගෝලයේ ! දශක ගානක් ඉදිරියෙන් !​

    ගතිකත්වය (dynamics )පිලිගන්න ලෝකයේ !​

    නවීන වෙන දේශපාලනය එක්ක අලුත් උපාය උපක්‍රම තෝරමින් !​

    ඉතින් අනුර සහෝදරයාට තියෙන්නේ මේ තුන් වර්ගයේම අසරණයින් ට අනුකම්පා කරලා අර රුසියානු කියමන අනුගමනය කිරීම !​

    ” වස්කා නම් බළලා ඇහුම්කන් දෙයි, එහෙත් නොනැවතී කාගෙන යයි”​

    – FB​

     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,450
    113
    Gampaha
    ඉතින් ඇත්තනේ කියලා තියෙන්නේ පොන්ස්.. හාමු කියන්නේ අමු කුහකයෙක්... :yes: :yes: :yes:

    423478872_703763768597619_7209147988870526917_n.jpg
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    ඩොලර් යවන්න එපා...​

    රුපියල සක්තිමත් වුනොත් ඇමෙරිකාව බෝම්බ ගහයි...​

    රුපියල සක්තිමත් වීම හොඳ නෑ.... ඊයා​

    අපෝ අපිට එන සංචාරකයෝ ලෝ ක්ලාස්...​

    මේව කුහකකම් නෙවෙයිද නිවට හඳුනෝ​

     
    • Dislike
    Reactions: Kumbhakarna22

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,450
    113
    Gampaha

    ඩොලර් යවන්න එපා...​

    රුපියල සක්තිමත් වුනොත් ඇමෙරිකාව බෝම්බ ගහයි...​

    රුපියල සක්තිමත් වීම හොඳ නෑ.... ඊයා​

    අපෝ අපිට එන සංචාරකයෝ ලෝ ක්ලාස්...​

    මේව කුහකකම් නෙවෙයිද නිවට හඳුනෝ​

    424866648_705201725120490_8193410401751318153_n.jpg