=== මාධ්‍ය සාකච්ඡාව ===
ප්‍ර- කැළනියේ විද්‍යා සිසුන් සංවිධානය කරපු ප්‍රදර්ශනයට පහර දීලා කඩාකප්පල් කලේ අන්තරේ කියලා කරන චෝදනාව සම්බන්ධයෙන් ඔබ මොකද කියන්නෙ..??
පි- අපි ඒක තරයේ ප්‍රතික්ෂේප කරනවා.. මේ දැන් ඕක ඇහුවමයි මම දන්නෙ ප්‍රදර්ශනය ගැන..
ප්‍ර- තුවාල වෙලා රෝහල් ගත කරලා නේද සයන්ස් එකේ ළමයින්ව.. වව්නියාව පැත්තෙ ඉඳන් බස් අරගෙන ප්‍රදර්ශනේ බලන්න ආපු ළමයින්වත් හරෝලා ගෙදර යවලත් තියනවා ..??
පි- අපි ඔය ගැන මුකුත් දන්නෑ...
වෙනිසුවේලාවෙ විස්ස විද්‍යාලෙක කැන්ටිමේ පරාට එකකට දාන මාලු හොද්දෙ මාළු දවස් හතරක් පරණ වීම සම්බන්ධයෙන් අපි ඇමරිකානු ධනවායට විරුද්ධව කරන උද්ඝෝෂණට සහයෝගය දෙන්න කියලා මේ මාධ්‍ය සාකච්ඡාව කැඳෙව්වෙ.. දැන් ඔයාලා අහනකන් කැළනියෙ මේ සිද්ධිය ගැන අපි දන්නෑ..
මේක අනිවාර්‍යයෙන් රජයේ කුමන්ත්‍රණයක්..!!
ප්‍ර- එතකොට අන්තරේ නොදැනද මේ දේවල් වෙන්නෙ...??
පි- මම වගකීමෙන් කියන්න කැමතියි ඔය සිද්දිය වෙන වෙලාවෙ අන්ටර් විස්ස විජ්ජාල සිස්ස බල මණ්ඩලෙයි කැළනියෙ මහා සිස්ස සංගමෙයි ගෝලීය ධනවාදය නිසා ඇතිවු තාපයාමනයට විසඳුමක් ලෙස පෞද්ගලික විස්ස විද්‍යාල තුල ගවුම් ඇන්දවීම සම්බන්ධයෙන් #ඇබොලිස්ඩෙනිම් යන මැයෙන් දැවැන්ත සාකච්ඡාවක් කර කර හිටියෙ පේරාදෙණියේ අපේ සහෝදරයෙක් කුලියට ගත්ත ගෙයක් ඇතුලෙ.
ඒක නිසා මේ පහර දීපු කතා අපි තරයේ හෙලා දකිනවා.. අපි මේවා දන්නෑ.. නෑ මයි...
ප්‍ර- හැබැයි ඒ සිසුන් චෝදනා කරන්නෙ අන්තරේ උද්ඝෝෂණ හෝ වෙනත් දේසපාලන ව්‍යපාර වලට විද්‍යා සිසුන් සහභාගී නොවීම මෙයට හේතු වෙලා තියනව කියලා...??
පි- මාධ්‍යවේදී සහෝදරයා...
පශ්චාත් ගෝලීය ධනවාදයේ දාහතරවෙනි කාර්තුව ඇතුලෙ විද්‍යා සිසුන් මහාසිස්ස සංගමේ හා අන්තරේ සමග සහයෝගයෙන් කටයුතු නොකිරීම හා අපේ හොර උපාධි කඩවසම් විප්පවයට පාගමන් නොයාම පන්ති සහයෝගීතාව බිඳහෙලීමක් ලෙස අපි දකිනවා..
ඒ උනාට අපි මේක ගැන දන්නෑ..
ප්‍ර- එතකොට ප්‍රදර්ශනය විවිධ සමාගම් මගින් අනුග්‍රාහකත්වය ලබා ගැනීම සම්බන්ධයෙන් ඔබේ මතය කුමක්ද..??
පි- අපි තරයේ කියනවා එයාලා ප්‍රදර්ශනේට බහුජාතික සමාගම් වලින් අනුග්‍රාහකත්වය ලබා ගැනීම නිසා නිදහස් අධ්‍යාපනේ මළගමේ මිනීපෙට්ටියේ අන්තිම ටින්ටස් ඇනෙත් ගැහුවා කියලා..
එයාලට තිබ්බා නිපොලැක් ටින් එකකට හිලක් විදලා කැටයක් යන්න.. එහෙම නැත්තං බුක් මාක් එකක් විකුණන්න..
මොනාටද ප්‍රදර්සන තියන්නෙ.. එයාලට තිබ්බා පළමු වසර සිසුන්ව කොණකට එක්කන් ගිහින් පෞරුෂය හදන්න.. එහෙම නැත්තං කොටුවෙ අට්ටාලයක් ගහලා පත්‍රිකා බෙදන්න..
ප්‍ර- නිපොලැක් බහුජාතික සමාගමක් නේද..??
පි- නිපොලැක් බහු ජාතික උනාට කරන්න දෙයක් නෑ.. ඒක අපේ යැපීම වෙනුවෙන් සමාජවාදී විප්පවය සිදුවෙනකන් අපිට කරන්න වෙනවා. හරියට මුදලට අධ්‍යාපනය විකුණන්න එපා කියන ගමන් අපේ සහෝදරවරු ටියුෂන් කරනව වගේ..
අනික ඇයි ඒ ගොල්ලො ධනපති පන්තිය එක්ක සම්බන්ධ වෙන්නෙ..
ප්‍ර- එතකොට ඔබතුමාලා එකතුවෙලා විප්ලවය කරන වෛද්‍ය සංගමය හා ඒකාබද්ධ විපක්ෂය නිර්ධන පන්තියද .
පි- නෑ විප්පවේ වෙලාවට සහයෝගෙ ගන්න ඕනෙ හැමෝගෙන්ම.. ටොක්කා මාතලන්ව මැරුවෙ මහින්දගෙ ආණ්ඩුවෙ කාලෙ උනාට දැන් එයාලා හොර උපාධි කඩවලට විරුද්ධව නිර්ධන පන්තිය එක්ක ඉන්නෙ .
ප්‍ර- එතකොට ඔයා කියන්නෙ විශ්වවිද්‍යාල ඇතුලෙ අන්තරෙන් ළමයින්ට කරදර කරන්නෑ කියලද ?
පි- නෑ තමයි.. ඔයා කැම්පස් ගියාද ඔය ගැන අහන්න.. කරුණාකරලා විස්සවිද්‍යාලෙ ගිය එක්කෙනෙක් ප්‍රස්න අහනවද..
ප්‍ර- එහෙනං මේ පහරදීමට වගකියන්න ඕනෙ කවුද..?
පි- මේ පහරදීම අපි තරයේ ප්‍රතික්ෂේප කරලා හෙලා දැකලා අපි කියනවා මේක හොර උපාධි කඩ මුදලාලිලා හා මේ රජය එකතු වෙලා කරපු කුමණ්ත්‍රණයක් කියලා අපේ විප්පවේ කඩාකප්පල් කරන්න..
ප්‍රදර්ශනේ ඇතුලට හමුදාවෙ කුටියක් ගෙනල්ලා මොකක්ද මේ කරන්න හදන්නෙ.. අපේ විස්සවිද්‍යාලෙ මිලිටරිකරණය කරලා නිර්ධන පන්තියෙ සිසුන්ගේ මළගම් මතින් ගොඩනැගුන නිදහස් අධ්‍යාපනයේ සිස්ස වියාපාර මර්ධනේ කරන්න හදන්නේ..
.. ඔය කුමන්ත්‍රණ වලට අපි අහුවෙන්නෑ..
මේක රජයේ කුලී හේවායො අපේ බලමණ්ඩලේ සිසුන් වගේ ඇඳගෙන ඇවිල්ලා කරපු පහර දීමක්..
ප්‍ර- මීට කලින් ජපුරෙ ඇප්ලයිඩ් එකේ පිරිතට ගැහුවෙත් ඒ කුමන්ත්‍රණකාරයොමද....??
ඔව් අනිවාර්‍යයෙන්.. සමහරවිට පිරිත නිසා කෝපවුණ බූතාත්මයක් පෙරේතයො ටිකක් වෙන්නත් පුළුවන්..
එයාලට තිබ්බා කලින් අපි එක්ක සීනිගම ගිහින් ලෙනින් සහෝදරයා සිහිපත් කරලා පොල් ගහන්න..
සමහරවිට පිටසක්වල ජීවීන් වෙන්නත් පුළුවන්..
...
(කැළණිය සරසවියේ විද්‍යා ප්‍රදර්ශනයට පහර දීම සම්බන්ධයෙන් අන්තර් විස්ස විජ්ජාල සිස්ස බල මණ්ඩලේ සහෝදරෞත්‍තමයාණන් වහන්සේලා සිදුකිරීමට බලාපොරොත්තු වන උපකල්පිත මාධ්‍ය හමුව..)
#අකලංකාරය
- චමල් අකලංක පොල්වත්තගේ