කුහුඹුවන්ගේ අති දැවැන්ත ජනාවාසය
කුහුඹුවන්ගේ අති දැවැන්ත ජනාවාසය
=========================
කුහුඹුවන් මිලියන ගණනක් වාසය කළ, භූගතව ඇති අති සංකිර්ණ දැවැන්ත කුහුඹු නගරයක් සොයා ගැනීමට විද්‍යාඥයන් කණ්ඩායමක් සමත්ව සිටිනවා.
අත් හැර දමන ලද මේ කුහුඹු නගරය සොයා ගෙන ඇත්තේ බ‍්‍රසීලයෙන්. සංකීර්ණ උමං මාර්ග, අතුරු මාර්ග, උද්‍යාන ආදියෙන් පිරි මෙම විස්මිත නගරය මෙතෙක් සොයා ගෙන ඇති විශාලතම එක ලෙස ද සැලකෙනවා. ‘ලෝකයේ මෙතෙක් හමු වී ඇති විශාලතම කුහුඹු ජනපදය මෙය ලෙස හඳුන්වන්න පුළුවන්. ඒත් මෙහි වාසය කළ කොළ කන කුහුඹුවන් හෙවත් කොළදැත්තන් leaf-cutter insects මෙය අතහැර දැමුවේ ඇයි දැයි තවමත් කාටවත් හිතා ගන්නට බැහැ.’ ඒ විශේෂඥ කණ්ඩායම පවසනවා....
මෙම කුහුඹු නගරය සොයා ගත් පසු විශේෂඥයන් මුලින්ම කළේ එහි කුටි හා උමං යා කළ නළ පද්ධතියට වාතාශ‍්‍රය සැපයූ සිදුරු ඔස්සේ ඒ තුළට කොන්කී‍්‍රට් මිශ‍්‍රණයක් යැවීමයි. එය කෙතරම් විශාල වීද යත් ඒ කාර්යය සඳහා ඔවුන්ට පුරා දින 10ක් ගත වුණා. පොළොව මතුපිට සිට අඩි 26ක් යටට විහිදුණු මෙම උමං හා කුටි පද්ධතිය වර්ග අඩි 500ක් පුරා පැතිර පැවති එකක්. ඉන්පසුවයි, ඒ අවට පස් ඉවත් කරමින් එය අධ්‍යයනය කරන්නට පටන් ගත්තේ.
මාසයක් තිස්සේ මෙය අධ්‍යයනය කළ මහාචාර්ය ලූයිස් ෆෝජී කීවේ ‘කුහුඹුවන්ගේ මේ දැවැන්ත නිර්මාණය සම කළ හැක්කේ මිනිසාගේ චීන මහා ප‍්‍රාකාරයට පමණක්’ බවයි.
නළ හා උමං තුළට කොන්කී‍්‍රට් පිරවූ පසු එහි සංකීර්ණත්වය දැක ගැනීමට හැකි වන්නේ අවට පස් ඉවත් කළ පසුවයි.
මේ කුහුඹු ප‍්‍රජාව විශේෂඥයන් හඳුන්වන්නේ ‘සුපිරි ජීවීන්’විශේෂයක් ලෙසයි. ඔවුන් එකට එක් වී මේසා විශාල කාර්යයක් ඉටු කිරීමත් සුපිරි යෝධ කටයුත්තක් ලෙසයි, විද්‍යාඥයන් දකින්නේ.
මේ දැවැන්ත ඉදිකිරීම සඳහා එක් කුහුඹුවකු වරකට තමන්ගේ බර මෙන් කීප ගුණයක් බර පස් හා මැටි කීප වතාවක් ඔසවා ගෙන යන්නට ඇති. එසේ ඔසවාගෙන යන්නට ඇති දුර අපේ මිම්මේ හැටියට සැතැපුම් බාගයකටත් වැඩිය.
කුහුඹු රැජින තමාගේ ම ජනපදයක් ඇරඹීමට පෙර පිරිමි කුහුඹුවන්ගෙන් මිලියන 300ක ශුක‍්‍රාණු එක් රැස් කර ගන්නවා. ඇය බිත්තර දමන්න පටන් ගන්නේ ඉන් පසුවයි. ඇය දමන බිත්තර අනුව ඒ ඒ කාර්යයන් කිරීමට නියමිත වැඩකාර කුහුඹුවන් බිහි වෙනවා. ඉදිකිරීම් හා ශාක එක් රැුස් කිරීමට වෙනම කුහුඹුවන් බිහි වෙනවා. සෙසු කුහුඹු වර්ගවල රාජකාරිය වන්නේ කසළ හා අපද්‍රව්‍ය බැහැර කිරීමයි. හානිකර අපද්‍රව්‍ය පමණක් නොවෙයි, පරපෝෂිතයන් ඉවත් කිරීමත් ඔවුන්ගේ රාජකාරියයි. වැඩකාර කුහුඹුවන්ගේ හිසෙහි ඇති සිහින් කානුවැනි දාරවල වෙසෙන උකුණන් වැනි ‘ෆොරිඞ් මැස්සන්’ හා උන්ගේ බිත්තර ඉවත් කිරීමත් කරන්නේ ඒ අයමයි.
ලොකු කුහුඹුවන්ගෙන් තමයි හමුදාව හැදෙන්නේ. සතුරන් හඳුනා ගන්නා හැකියාව ඇත්තේ ඔවුන්ටයි. ඔවුන් බර උසුලන්නත් සූරයෝ. තමාගේ බර මෙන් පනස් ගුණයක බරක් ඔසවාගෙන යන්න ඔවුන්ට පුළුවන්. 'ලෝකයේ බර ඉසිලීමේ සූරයන් හඳුනා ගන්න ලිපියත්' බලන්න, ඔවුන් ඉන්නවා.
වංකගිරියක් බඳු මේ සංකීර්ණ නගරය මතු කර ගන්න පස් ටොන් 40ක් විතර ඉවත් කරන්න පර්යේෂණ කණ්ඩායමට සිදුවුණා. මේ බව හෙළි වුණේ ඇමරිකාවේ ඇරිසෝනා විශ්ව විද්‍යාලයේ ආචාර්ය බර්ට් හොල්ඩොබ්ලර් විසින් ඔහු සහභාගි වූ ‘සොබා දහමේ අබිරහස් බලය’ නම් වාර්තා චිත‍්‍රපටයෙනුයි.
කුහුඹුවන්ගේ මේ බිම්ගත නගරය හොඳින් වාතාශ‍්‍රය සපයන උපක‍්‍රමවලින් මෙන් ම පහසුවෙන් බඩුබාහිරාදිය එහා මෙහා ගෙන යා හැකි උමං මාර්ගවලින්ද සමන්විතයි.
මේ යෝධ කුහුඹුවන් ඔවුන්ගේ සතුරන්ට පහර දීම සඳහා විශේෂ හමුදා සංවිධානය කර ගත්තා පමණක් නොව ඇතැම් විට අප මෙන්ම ඒ හමුදා භට පිරිස්වල සහය උමං කැනීම වැනි ඉංජිනේරු කාර්යයන්හිදීද යොදා ගත්තා.
පුදුමද නැද්ද?
කොපි කලේ මුණු පොතෙන්

may be Ants will take over after us 