කුළුදුලේ ගැහැණු දරුවා

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    කුළුදුලේ ගැහැණු දරුවා

    sc48441-fpxobjiip1-0wid400cvtjpeg.jpeg

    කුළුදුලේ ගැහැණු දරුවා
    ඉපදුනු කලට මෙලෙසා
    වාසනාව නිවසට කැන්දා
    ගෙනෙන බව කියයි අපේ මුත්තා

    වාසනාව කවරක් විලසා
    එක විටම නොතේරෙයි මෙමටා
    සොයාගෙන කුළුදුල් දරුවා
    ගියා ගෙයකට උදේ වරුවා

    වයස විස්සේ කුළුදුලේ දරුවා
    ගෙදර වැඩ ඉහ මොලද පුප්පා
    දහඩියද හැම තැනින් බේරා
    බිමට වැටුනේ ටිකි ටිකි හඩද නංවා

    වැටහුනා සත්‍ය හොදට මෙමටා
    වාසනාව නිවසටම කෙලෙසා
    බුරුතු පිට වැඩ ඇයට සැමදා
    අනේ කුළුදුල් දුකක තරමා
     
    Last edited:
    • Like
    Reactions: nwnbs

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    පැරැණි ජන වහරේ එන කුළුඳුලේ ගැහැණු දරුවා තේමා කොට එය වර්තමාන සමාජ ඇසින් සානුකම්පිකව බලන්න වෙර දැරූ සාර්ථක ප්‍රයත්නයක්....

    අද දවසේ තැනින් තැන දහඩිය කඳුළු වගුරුවමින් ජීවත් වෙන්නට ජීවිතය හා පොර බදනා කුළුඳුලේ ගැහැණු දරුවන් කොපමණ නම් ඇද්ද???

    නිදහස් වෙළඳ කලාපයේ ඔය කියනා කුළුඳූලේ ගැහැණු දරුවන් තම ඇඟ ලේ වතුර වෙනකන් බනිස් ගෙඩියකින් බඩගින්න සප්පායම් කර ගනිමින් ඔවුන්ගෙන් යැපෙනා දෙමව්පියන්.. සහෝදර සහෝදරියන් වෙනුවෙන් වැඩ මුර කීයක් නම් එක දිගට මහන්සිය නොබලා අදිනවාද...සිතා බැලිය යුතු පැත්තක්..

    මල්ලියගේ නිර්මානය සාර්ථකයි..

    ගැහැණු දරුවන්ගේ වැරදි පැත්තම දකිනා... එක ඇසකින් විතරක් සමාජය දෙස බලන්නට වෙර දරනා අයට ඇස් දෙකින්ම ඇත්ත ඇති සේ දකින්න කල සුහද ආයාචනයක්.....
     
    නිදහස් වෙළද කලාපය ගැනනම් කතාකරන්න බොහොමයි.. ස්තූතියි ඔබට , ඔබගේ අදහස් වලට