කුළුබඩු

era90

Member
Oct 15, 2018
15
4
0
මචන්ලා කුළුබඩු ව්‍යාපාරයක් පටන් ගන්නව තව මාස 2කින් වගේ. ගෙදර පැකට් කරල විකුනන්න. කරන අය කියනවද කොහොමද වැඩේ කියල.
 

Mali2009

Well-known member
  • May 20, 2009
    1,871
    1,553
    113
    මම හිතන්නෙ ඕක register කරන්න වෙයි . ආහාර පැකට් වගේ නේ .. පොඩ්ඩක් හොයල බලන්න. business registration වලට අමතරව.

    බඩු ගන්නකොට හොඳට ඒ ගැන දන්නා විශ්වාසවන්ත කෙනෙක්ව එක්කරන් ගිහින් නිෂ්පාදකයන්ගෙන්ම ගන්න ලෑසති කර ගන්නවා නම් හොඳයි. මොකද හැම ගොවියම අහිංසක , අවංක , විශ්වසනීය , අය නොවන නිසා.

    පටන් ගැන්මෙම ඔයා ඇන්දුනොත් ඔයාගේ ගැනුම්කාරයන්ව නිකන්ම ඇන්දෙනවා . ඒ කියන්නේ ඔයා fail. ඒ නිසා හොඳ බඩු දෙන්න . වෙළඳපොලේ නමක් දිනාගන්න.

    ජයවේවා....
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,849
    3,324
    113
    38
    @ katubedda
    මචන් අපේ තාත්තා මිරිස් කොටනවා. මිරිස් ජාති දෙකක් 3 තියෙනවා.
    1. තනි මිරිස්
    2. කලවම් මිරිස්
    3. කෑලි මිරිස්

    තනි මිරිස්
    තනි මිරිස් කියන්නෙ මචන් තොග කඩෙකින් මිරිස් අරන් ඇවිල්ලා එවයේ තියෙන රොඩු අයින් කරලා මිරිස් හොඳට හොදනවා. හොදලා අව්වෙ හොදට වේලලා නැටි කපලා මැෂින් එකේ දාලා කොටලා ගන්න බඩු වලට.

    කලවම් මිරිස්
    කලවම් මිරිස් හදන්නත් මුලින් මිරිස් ගෙනල්ලා සුද්ද කරලා හොදලා වෙලන්න ඔනි . ඉට පස්සෙ වෙලපු මිරිස් වල නැටි කපලා රම්පේ කරපින්චා දාලා හොදට සුවඳ එන්න බඳින්න ඔනි. එ වගෙම කොත්තමල්ලි සුුුදුරු මහදුරුත් සොදලා වෙලලා එකට බැදගන්න ඔනි. ඉට පස්සේ ඔක්කොම එකට දාලා කොටනවා.

    කැලි මිරිස්
    මෙවා ගැන ඉතින් වෙනම කියන්න දෙයක් නැ නෙහ් . තනි මිරිස් වලට වඩා තියෙන වෙනස කොටන මැෂින් එක විතරයි.