කූඔියෝ නිරැවතක් පෙන්නනවා

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    කූඔියෝ නිරැවතක් පෙන්නනවා

    තම දේශපාලන අරමුණු උදෙසා කුලියට අවශ්‍යතා සපුරා ගැනීමත් තමන්ගේ උන්ම තමන් සැලසුම් කර පරිදි උන්ඩ වලට ගොදුරැ කිරීමත් සත්‍ය ලෙස සේවකයන් සතුටින් සිටින තැන් වලපවා සුළු වැරදි මහා අපරාධ ගනය⁣ට ගෙන ව්‍යාපාර රාජ්‍ය ආයතන අසාර්ථක කරමින් ගෙනයන කූථ බංකොලොත් අද දවසේ සමාජවාදී ව්‍යාපාර වල සැබෑ තත්වය
    කූඹියෝ ටෙලි නාට්‍යය තුලින් මනාව පෙන්නුම් කරමින් සිටී.

    රතුපස්වල සිදුවුනේ මෙය නොවේද?
    කටුනායක උන්ඩ රස පරීක්ෂක වාර්ථා ගත්තනම් කොතරම් වටිනවාද
    හලාවත ඇන්ටනිලා පාරට බස්සවා මරණ තුලින් වාසිය ගත්තේ කම්කරැ පංතියටද?

    මේ රටේ අද සැබෑ කම්කරැවා නියෝජනය කරන සැබෑ අරගලවාදී ව්‍යාපාර නැත.

    තිබෙන්නේ මුදලට සැලසුම් සකස් කරන ඒ ඹස්සේ දේශපාලන පටු සීමා ව්‍යාපෘති ක්‍රියාත්මක කරන දේශපාලන පක්ෂ බව කූඔියෝ ටෙලි වෘත්තාන්තය හරහා මනාව පෙන්නුම් කරනු ලැබේ.

    රටේ සැබෑ අරගලවලින් මිදෙන දේශපාලන ව්‍යාපෘති ඔස්සේ රට රවටමින් සිටින ඊනියා සමාජවාදීන් සහිත නමට සහෝදරත්වය දිය යටින් තමන්ගේ එකාගේ බෙල්ල කපන ලාංකීය වර්ථමාන සමාජවාදීන් පරාද කිරීම

    පිරිසිදු සමාජවාදී මාවතක් සහෝදරත්වය රජයන පංතියක් සැබෑ කම්කරැ බලවේගයක් බිහිකිරීමට හේතුවන්නේය.

    කූඔියෝ තුලින් ලාංකීය ජන සමාජයට දෙන ඉලක්ක ගත පණිවුඩය එයයි.

    .....නුවන් මොණරවිළ ........
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    කූඔියෝ කියන්නේ සාමාන්‍යයෙන් අනෙක් කතා ත් එක්ක බලපුවම තාත්වික රංගනයක යෙදෙන නාට්‍යක්.

    නමුත් මේ සම්බන්ධයෙන් ත්‍රෙඩ් දමා ගෙන ජිවිතම ටෙලියකට ඇඳ ගන්න තරමට මානසිකත්වය දුර්වල වෙන්න එපා. සිහින ලෝකයක ඉන්න එපා.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    :lol::lol::lol::lol:


    why-you-should-stop-buying-spreadable-butter-and-make-yourself.w1456.jpg
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මහින්ද සල්ලි දීලා හදවපු රතුපස්වල සිද්දිය ගැන වැදිච්ච මඩ ටික හෝදගන්න ගහපු නාට්ටියක් කියලත් කියාවි තව ටිකකින් :P
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    බයියෝ එහෙම හිතද්දි, අහිංසක සමාජවාදියො මෙන්න මෙහෙම හිතනවා.

    88-89 සිදු උනේ මෙය නොවේද?
    ටයර් සෑ වල බේරුන රබර් කිරි රස පරීක්ෂාවකට ලක් කරානම් කොතරම් වටිනවාද
    විජේවීර සහෝදරයා ඝාතනය කර ධනපති පංතියේ ධන කුවේරයින් සැප වින්දේ නැද්ද?

    ජෙප්පො එහෙම හිතද්දි, කුණු නැති සුපිරිසිඳු ටොයියො මෙන්න මෙහෙම හිතනවා.

    මහ බැංකු බැඳුම්කර ව්‍යාජ චෝදනාවට උනේ මෙය නොවේද?
    ව්‍යාජ වොයිස් කෝල්ස් වෙනුවට, වීඩියෝ කෝල් සාක්ෂි එකතු කරනවා නම් කොතරම් වටිනවාද
    රනිල් සර් හා රවී සර් චූදිතයින් කර දේශපාලන වාසි ගන්නෙ කවුරුන්ද?