විචාරකයාගෙන් කෙනෙක් මේක ෆැන්ටසියක් කියලා හඳුන්වන්නේ ඇයි කියලා අහපුහම, ඒ මෙහෙම චරිත, හිත හොඳ චණ්ඩි ඇත්තටම නැති හින්දලු. ඒ විදියට ගත්තහම සියලුම නාට්‍ය, චිත්‍රපට ෆැන්ටසි වෙන්ඩ ඕනේ. මොකද ඒ එකක්වත් ඇත්ත ලෝකේ ඉන්න චරිත නොවන හින්දා.මට මෙහෙම දෙයක් හිතෙනවා කූඹියෝ ඉදිරි කොටසකදි මේ වගේ මනෝරාජික ලෝක වල ජිවත් වන පුද්ගලයන්ගේ දෙබිඩි පිළිවෙත නිරුවත පෙන්නුම් කරනවා (කූඹියෝ Preview බලපු අය දන්නවා කතන්දරය) සමහර විට ඒ නිසා ඇතිවු රිදවිම මෙවැනි ලිපියක් ලියන්න හේතු වුනාද කියලා මට සිතෙනවා ?
මොකද මේ ලියුම්කරු මුලින්ම කියනවා කූඹියෝ ගැන විචාරයක් කරන එක අසාධාරණයි තාම කතාව අතරමඟ යන නිසා කියලා එහෙම කියන ඔහු අවසානයේ තමන් ඒ ගැන විචාරය කරන්නේ තමන්ගේ දෙබිඩි පිළිවෙත පෙන්වමින්
ෆැන්ටසි නිර්මාණයක් හා යථාර්වාදි නිර්මාණය වෙනස මොහු නොහඳුනන බව මට පෙනෙනවා ඒ මක්නිසාද මොහු ජිවත්වන්නේ ෆැන්ටසි ලෝකයකයද? ලොකු මතවාද තමන්ගේ ඔලූවේ තියාගෙන ඒ සිතිවිලි ඒ සංකල්ප වලින් වලින් ලෝකය දකින මෙවැනි පුද්ගලයන්ට අනුව කූඹියෝ ඇතැම්විට ෆැන්ටසියක් වෙන්න ඇති ඒත් මේ මහ පොළොවේ මෙවැනි චරිත අඩු වැඩි වශයෙන් ජිවත්වෙනවා
මේවා ගැන කතා කරලා වැඩක් නෑ සරළව කියනවා නම් අපේ ගොඩක් මිනිස්සු කුහකයි මොහුගේ ඒ කුහක කම ලඳුනේ ගීතය ගැන කියලා තියෙන අදහසින් හොඳින්ම පැහැදිලි වෙනවා
කූඹියෝ හොඳ නිර්මාණයක් ඒ පිළිබඳ අවසන් විග්‍රහයක් කරන්න මේ වේලාව නෙමේ
සතපහකට වැඩක් නැති ලංකාවේ හදන දෙකයි පනහේ ටේලිනාට්‍ය මම බලන්නේ නෑ
,ඕන් සිංහලෙන්ම කිව්වා !!!විචාරකයාගෙන් කෙනෙක් මේක ෆැන්ටසියක් කියලා හඳුන්වන්නේ ඇයි කියලා අහපුහම, ඒ මෙහෙම චරිත, හිත හොඳ චණ්ඩි ඇත්තටම නැති හින්දලු. ඒ විදියට ගත්තහම සියලුම නාට්‍ය, චිත්‍රපට ෆැන්ටසි වෙන්ඩ ඕනේ. මොකද ඒ එකක්වත් ඇත්ත ලෝකේ ඉන්න චරිත නොවන හින්දා.



