කූඹියෝ සහ ආප්ප

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    කූඹියෝ සහ ආප්ප

    sddefault.jpg


    කූඹියෝ මාර හිට් එකක් වුනේ ඇයි?

    උත්තර දෙකක් තියෙනවා.

    එක​, කූඹියෝ කලාත්මක අතින් සෑහෙන ඉදිරියෙන් තියෙන නිසා.

    දෙක​, කූඹියෝ කියන්නෙ ලංකාවෙ පාදඩ ධනවාදයේ වාටියේ ඉන්න එවුන් ගෙ ආත්මීය ප්‍රකාශය නිසා.

    කූඹියෝ ලංකාවෙ පාදඩ ධනවාදයේ වාටියේ ඉන්න එවුන් ගෙ ආත්මීය ප්‍රකාශය වෙන්නෙ ඇයි?
    ලංකාවෙ තියෙන්නෙ පාදඩ ධනවාදයක්. ඔව්, ඕනම ධනවාදයක් නිසඟයෙන්ම පාදඩයි තමා. හැබැයි ලංකාවෙ එක ඒ අතරෙනුත් විශේෂයෙන් පාදඩයි. ලංකාවෙ ධනවාදය එහෙම්පිටින්ම විකෘතියක්. 77 ට පෙර තිබ්බ සමාජවාදී ආර්ථික ක්‍රමයේ ප්‍රධාන ලක්‍ෂන වුන දැවැන්ත රාජ්‍යය සේවය සහ සුබසාධන ආර්ථිකය එහෙම්මම තියාගෙන, ඒකට දේශපාලඥයා සතු අසීමිත බලය මුසු කරලා, නියමාකාර චින්තන හෝ බුද්ධිමය පරිවර්තනයකින් තොරව කරපු ජේ.ආර්. පප්පගෙ ඊනියා 77 විප්ලවයෙන් බිහි වුන විකෘති දරුවා තමයි ලංකාවෙ අද තියෙන පාදඩ ධනවාදය​.

    මේ ධනවාදය ආප්පයක් නං, මේකෙ මදේ ඉන්නෙ නාගරික ධනවත් සහ ඉහළ මැද පාන්තික සමාජය​. ඔවුන් විවිධ ක්‍රම මගින් (සල්ලි, පාසැල්, ඉංග්‍රීසි) මදය "ආරක්‍ෂා" කරගෙන ඉන්නවා. ඒත් වාටියේ ඉන්න පහළ මැද පන්තිය සහ ලුම්පන් සමාජය මේ වැට කඬුළු බිඳගෙන මදයට පැන ගන්න ට්‍රයි කරනවා. මේ පහළ මැද පන්තියට නාගරික සහ ග්‍රාමීය දෙකෙන්ම ආපු අය අයිති වෙනවා. ඔවුන් ගේ ප්‍රධාන ආයුධය තමයි අධ්‍යාපනය​. වාටියෙනුත් එළියෙ ඉන්නෙ සිංහල​-බෞද්ධ​-ගැමි සමාජය​. ඔවුන්ට ආප්ප නෑ. ආප්ප කන්න ඕනෙ නං ඔවුන් මුලින්ම වාටියට නැග ගන්න ඕනෙ. ඒකට සිංහල-බෞද්ධ​-ගැමි මුල් සිඳගන්න ඕනෙ.

    කූඹියෝ ෆෑන් ල ඉන්නෙ වාටියෙ. ඔවුන් ගෙ ජීවිතයේ ප්‍රධාන අරමුණ තමයි මදයට පැන ගැනීම​. ඒත් මදයෙන් එල්ල වෙන ප්‍රතිරෝධය හමුවේ ඔවුන්ට ඒ සඳහා දැඩි අරගලයක යෙදෙන්න වෙලා තියෙනවා. ඒ අරගලය නිසා ඔවුන්ට ඊනියා පන්ති වෛරයක් තියෙනවා. මේකට ඊනියා පන්ති වෛරයක් කිව්වෙ මේක ඇත්තම පන්ති වෛරයක්, ඒ කියන්නෙ පන්තිය පිළිබඳ වෛරයක් නොවෙන නිසා. මෙතන තියෙන්නෙ තමාට ඒ පන්තියට ඇතුල් වීමට නොදීම පිළිබඳ වෛරයක්.

    සමාජවාදය ගැන ඇති නොදැනුවත්කම නිසා බොහෝ දෙනා මේක හඳුනාගන්නෙ සමාජවාදී ලයින් එකක්
    විදිහට​. ඇත්තෙන්ම මේක සමාජවාදී ලයින් එකක් නෙවෙයි. පාදඩ ධනවාදයේ ආත්මීය ප්‍රකාශනයක්.
    කූඹියෝ වීරයා වන ජෙහාන් ව විශ්ලේෂනය කරොත් මේක වතුර වගේ පැහැදිලියි. ජෙහාන් එන්නෙ ගැමි මූලයකින්. හැබැයි පියා මියයාමත් එක්ක ඔහු ඒ මුල් සිඳ ගන්නවා. ඊට පස්සෙ කොළඹ ඒමත් එක්ක ඔහු ආප්පේ වාටියට ඇතුල් වෙනවා. දැන් ඔහුට ධනය අවශ්‍යයයි. ඒත් මදයට ඇතුල් වීමේදී ඔහුට එල්ලවෙන ප්‍රතිරෝධය නිසා ඔහු මදයට වෛර කරනවා. ඇත්තෙන්ම නිවැරදිව කිව්වොත් මදයට ඇතුල් වීමට නොදීම නිසා මදයේ ඉන්න එවුන්ට වෛර කරනවා. ඔහුගේ ඒ වෛරය ප්‍රකාශ වෙන්නෙ සමාජ විරෝධී වැඩ වලින්. ජෙහාන් කියන්නෙ සාමාන්‍යය තක්කඩියෙක්. ඒත් කූඹියෝ ෆෑන්ලට ඔහු වීරයෙක්. ඒ ඇයි? තමාට කරන්න බැරි මදයට එරෙහි සමාජ විරෝධී වැඩ ජෙහාන් හරහා කරවාගැනීමේ ෆැන්ටසි ආතල් එකකින් ඔවුන් පෙලෙන නිසා.

    මේ "වාටියේ ජනතාව" මතවාදීමය වශයෙන් අනාථ වුන පිරිසක්. ඒ නිසාම ඔවුන් ගේ සමාජ දැක්ම හර සුන්. ඒ හර සුන් සමාජ දැක්ම තමයි ජෙහාන් ගෙ "ටිපි ටිප්" ටෝක් වලින් ප්‍රකාශ වෙන්නෙ. හෙන ගැඹුරු, ඇහුනම "අම්මට සිරි" වෙලා යන ජෙහාන් ගෙ ටෝක් ටිපි ටිප් වගේ. දිය වුනාම මොකුත් නෑ.

    ජෙහාන් හෙවත් ආප්ප වාටිය දෙපැත්තෙ තියෙන සමාජ ස්ථර දෙක නියෝජනය කරන යාළුවො දෙන්නෙක් ජෙහාන්ට ඉන්නවා. ප්‍රියන්ත සහ ඇංජි. ජෙහාන් මේ දෙන්නවම දකින්නෙ අවඥාවෙන්. ප්‍රියන්ත ඔහුට අවංක මෝඩයෙක්. ඇංජි බෝරිං. ඒත් මේ දැක්මෙ තියෙන්නෙ තමාට අහිමි වුන සහ ලබා ගන්න බැරි සමාජ පන්ති ගැන තියෙන මිදි තිත්තයි ෆීලිං එක මිස වෙන මොකවත් නෙවෙයි. ජෙහාන් ම කියන විදිහට "මම කවුද​? මට නැතිවෙන්න මොකවත් නෑ". ඒත් නැති වෙන්න දේවල් තියෙන ප්‍රියන්ත ගේ සහ ඇංජිගේ සමාජ බැඳීම් දිහා ජෙහාන් බලන්නෙ අවඥාවෙන්. මාසෙකට දවස් දෙකක් ගමේ යන​, උදේ හවා ඉහළ සමාජයට ඇතුල් වීමේ හීන වලින් පෙළෙන පාදඩ ධනවාදයේ වාටියේ ජනතාවට ජෙහාන් වීරයෙක් වෙන එක පුදුමයක් ද​?

    බැලූ බැල්මට කූඹියන්ට ළඟින් යන කතාවක් තමයි ධර්මසේන පතිරාජ ගෙ අහස් ගව්ව​. ඒත් දැවැන්ත වෙනසක් තියෙනවා. අහස් ගව්වෙ කලංසූරිය ගෙ චරිතය චිත්‍රපටියෙදි අනුකම්පාවට ලක් වුන චරිතයක්. ෆිල්ම් එක අවසන් වෙන්නෙ විජය කුමාරතුංග ගෙ චරිතය නගර සභාවේ කම්කරු රැකියාවක් ලබා ගැනීමෙන් සහ කලංසූරිය ගෙ චරිතය සමාජවාදී උද්ඝෝෂනයකට එකතු වීමෙන්. එතැන තියෙන්නෙ සමාජවාදී දැක්මක්. ඒත් ජෙහාන් කියන්නෙ ඊට වෙනස්. ඔහු ධනවාදයේ වාටියේ ඉඳගෙන මදයට ඇතුල් වීමේ ආශාවෙන් ඊට එරෙහිව කැරලි ගහන චරිතයක්. වීරයෙක්.

    කූඹියෝ කියන්නෙ පාදඩ ධනවාදයේ වාටියේ ඉන්න එවුං ගෙ ආත්මීය ප්‍රකාශනය​.

    http://paadadaasapuva.blogspot.com/2017/10/blog-post_27.html
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒත් කූඹියෝ ෆෑන්ලට ඔහු වීරයෙක්

    umbala natya balanawa neweyi wikalada mehema liyanne :rolleyes:

    natya real life gannepa ban.
    minissu oka balanne tele drama ekak balanawa hithala :lol:
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,472
    4,475
    113
    මිනිස්සුන්ට පවුල් ප්‍රශ්නයි ලව් කෝලහාලයි බලලා බලලා ඇතිවෙලා තිබ්බේ ඒකයි කූඹියෝ ජනප්‍රිය උනේ. නැතුව සමාජ වාදයේවත් ධනවාදයෙවත් ආප්පයේවත් වාටියේවත් කෙහෙල් මලක් නිසා නෙමෙයි
     
    • Like
    Reactions: hzr27

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    කතාව ඇත්ත , කලාකරුවා ගේ ප්‍රකාශනය උනේ ඕක තමයි .. එත් අවන්කවම මමත් හිතුවේ නෑ ලංකාවේ ලුම්පන් පන්තිය මේක භාරගනී කියල .. ඒ උනාට වැඩේ සාර්ථකයි .. මොකද ඒක එහෙම වෙන්න අවශ්‍ය කරන විදිහේ ගිනි පුපුරක් කාලයක් තිස්සේ සමාජේ ඇතුලේ ඇවිලෙමින් තිබ්බ නිසා .. ඒ තමා ඉන්දියන් ටෙලි සහ දෙකයි පනහයි ගූ හැත්තෑවෙ ලංකාවේ මෙගා ටෙලි නිසා ප්‍රේක්ෂකයා හෙම්බත් වෙලා හිටිය එක. ඉතින් කොහොම හරි අන්තිමට මේ සමාජෙ ඇතුලට කුම්බියෝ ගෙනල්ල අත ඇරියම ඒක හිට් එකක් උනා .. එහෙම උනේ ප්‍රේක්ෂකයා විචාර බුද්ධියෙන් ශක්තිමත් හින්ද නෙවෙයි අර හේතුව නිසාම පමණයි කියලයි මම නං හිතන්නේ .. ඒකම තමයි කුම්බියෝන්ගේ ආගමනයේ තියෙන විශේෂත්වය.. අපේ සමාජයේ තිබ්බ ඇත්ත ස්වභාවය ඒක පාරටම සමාජ ජාල වලින් එලියට ආව ඒක, එත් කොහොම හරි කලා නිර්මාණයකින් විය යුතු සහ වෙන දේ කූම්බියෝ එකෙන් සිද්ධ වෙනවා .. ඒ තමයි සමාජය පවතින තත්වයෙන් ඉදිරියට අරං යන ඒක , ඒ උබ ඔය දාල තියෙන විචාරයේ තියෙන දේවල් මිනිස්සු අවිඥානිකව තේරුම් අරගන්න එකෙන්. ඒක වෙන බව මිනිස්සුන්ට තේරෙන්නේ නෑ .. එත් ඒක වෙනවා :) :yes:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    මිනිස්සුන්ට පවුල් ප්‍රශ්නයි ලව් කෝලහාලයි බලලා බලලා ඇතිවෙලා තිබ්බේ ඒකයි කූඹියෝ ජනප්‍රිය උනේ. නැතුව සමාජ වාදයේවත් ධනවාදයෙවත් ආප්පයේවත් වාටියේවත් කෙහෙල් මලක් නිසා නෙමෙයි

    :yes: :yes: :yes:
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    ශාඛ්‍යා එකට ජෙප්පො දෙන ගේම නිසා තවත් ලස්ස්නයි.....
    මම මේ දන්නෙ නැති නිසා අහන්නෙ කොහෙද ඔය පන්ති තියන්නෙ..
    1වසර 2 වසර වගේද?....
     

    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    මිනිස්සුන්ට පවුල් ප්‍රශ්නයි ලව් කෝලහාලයි බලලා බලලා ඇතිවෙලා තිබ්බේ ඒකයි කූඹියෝ ජනප්‍රිය උනේ. නැතුව සමාජ වාදයේවත් ධනවාදයෙවත් ආප්පයේවත් වාටියේවත් කෙහෙල් මලක් නිසා නෙමෙයි

    :yes::yes::yes:
     

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    කූඹියෝ ජනප්‍රිය වෙන්න හේතු දෙකක් තියෙනව.එක ,ලංකාවෙ උන් කරන්න ආස,නමුත් උන් නොකරන දේ ජෙහාන් කරන නිසා.දෙවනි එක,ලංකාවෙ බලන්න වෙන උත්තක් නැති නිසා.
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113


    umbala natya balanawa neweyi wikalada mehema liyanne :rolleyes:

    natya real life gannepa ban.
    minissu oka balanne tele drama ekak balanawa hithala :lol:

    මිනිස්සුන්ට පවුල් ප්‍රශ්නයි ලව් කෝලහාලයි බලලා බලලා ඇතිවෙලා තිබ්බේ ඒකයි කූඹියෝ ජනප්‍රිය උනේ. නැතුව සමාජ වාදයේවත් ධනවාදයෙවත් ආප්පයේවත් වාටියේවත් කෙහෙල් මලක් නිසා නෙමෙයි

    :D
     

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    අඩෝ ඔය කියන ආප්ප වාටි සීන් එක තියෙන එපිය මන් බැලුවේ නෑ නේ..
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මිනිස්සුන්ට පවුල් ප්‍රශ්නයි ලව් කෝලහාලයි බලලා බලලා ඇතිවෙලා තිබ්බේ ඒකයි කූඹියෝ ජනප්‍රිය උනේ. නැතුව සමාජ වාදයේවත් ධනවාදයෙවත් ආප්පයේවත් වාටියේවත් කෙහෙල් මලක් නිසා නෙමෙයි

    රෙන්න පුකේ ගූ කළදක් නෑ. ඒ උනාට විචාර නං ලියනවා පුක මූට්ටු වෙලා වගේ

    :lol::lol::lol:

    සිරාවට මමත් බැලුව මේ මොන උට්ටක්ට කියන්නේ කියල .. සමාජවාදයෙන්ම හැම උත්තම දකින උත්තල ත්‍රිලර් මුවි කියල දෙයක් දන්නේ නැද්ද මන්ද බන් ?

    :baffled::baffled::baffled:

    යකෝ මේකත් ත්‍රිලර් ගනයේ එකක් දඩුබස්නාමනෙත් ත්‍රිලර් එකක් එතකොට එකේ "ධනවාදී ආපයක්" නැද්ද ?
    යකෝ කුබියෝ ෆෙමස් උනේ තොපි ඔය කියන ධනවාදී චැනල් ටික විකුනන්න ලෙසිවට නාහෙන් අඩන සින්දුයි මල් ටෙලිනාට්යයි ලෝ බජට් මෙගා උත්තවලුයි ඇරෙන්න වෙන මුකුත් පෙන්නුවේ නැති නිසා නැතුව උබේ ඔය ආප්පෙට නෙවෙයි
     

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,053
    4,833
    113
    මිනිස්සුන්ට පවුල් ප්‍රශ්නයි ලව් කෝලහාලයි බලලා බලලා ඇතිවෙලා තිබ්බේ ඒකයි කූඹියෝ ජනප්‍රිය උනේ. නැතුව සමාජ වාදයේවත් ධනවාදයෙවත් ආප්පයේවත් වාටියේවත් කෙහෙල් මලක් නිසා නෙමෙයි

    අඩෝ එකෙන්ම
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    මටනන් හිතෙන්න ඕක හිට් උනේ

    රෑල්ලක් හදපු නිසා. ලන්කාවේ ඉන්නෙ රෑල්ලත හෑමදෙම කරන උන් ඉන්ටර්නෙත් එකේ. ෆ් බි එකේ ගේ මෑරෙජ් එකත සපොර්ට් කරල අර කොඩිය දෑම්මම මොකද්ද කියල දන්නේ නෑතුව ඒක දා ගත්ත උන්, :lol: පෑරිස් වල මොනව හරි උනාම මෙහෙ ඉදන් රෑල්ලත ප්‍රේ ෆොර් පරිස් කියල දා ගත්ත උන්නේ ඉන්නෙ. :rofl:

    කලින් ගියපුවට වඩා වෙනස් එකත් පොදි හේථුවක් තමා ඉතින්