ආමි ඇන්ට් එහෙම නම් නැත්නම් හමුදා කුහුඹුවෝ..මුන් ඇවිල්ලා තැනින් තැනට යන ආක්‍රමණශීලී කූඹි ජාතියක්..යන පාරේ ඉන්න ඕන ජීවියෙක් කාලා දානවා මුන්.
මුන් මේ තරම් ආක්‍රමණශීලී වෙන්නේ උන්ගේ පැටවුන්ගේ බඩගින්න නිවන්නලු.හමුදා කුඹි පහරදෙන්නේ ලක්ෂ ගණනින්..කුරුමිණියෙක්,තණකොළ පෙත්තෙක් වගේ කෘමි සත්තුන්ගේ ඉදලා ගෙම්බෝ,කටුස්සෝ,කුරුළු පැටවු වගේ ලොකු සත්තු පවා මුන්ගේ ගොදුරු බවට පත් වෙනවා.
දැනට ලෝකයේ හඳුනගෙන තියෙන කූඹි විශේෂ ගාන දොලොස්දහසක් විතර වෙනවාලු.උන්ගෙන් දෙසීයක් විතර මේ කියන හමුදා කුහුඹු විශේෂ.මුන් ජීවත් වෙන්න උතුරු දකුණු ඇමෙරිකාව මහද්වීප,ආසියාව සහ අප්‍රිකාව කියන මහද්වීපවල.
මුන් සාමාන්‍ය කූඹි විශේෂ වගේ නෙමෙයි..පෙනුම හුගක් වෙනස්.හමුදා කූඹි කියන නමේ හැටියට මුන්ට සටන් කරන්න,මරන්න පුලුවන් විදියට ආයුද එහෙමත් තියෙන්න ඕනේ.
උදාහරණයකට මේ රූපය ගන්න.ඕකේ වම් පැත්තේ ඉන්නේ සාමාන්‍ය කුහුඹුවෙක්.උගේ හකු දෙකේ සයිස් එක පේනවානේ.ඒවා පොඩියි.දරුණු පෙනුමක් නෑ.දකුණු පැත්තේ ඉන්නේ ඇමෙරිකානු මහද්වීපයේදී හම්බ වෙන හමුදා කූඹි විශේෂයක සෙබළක්.උන්ගේ හකුවල සයිස් එක කොහොමද?
සමහර බලවත් රටවල් කරනවා වගේම හමුදා කුහුඹු විශේෂවලත් තියෙනවා සුපිරි සෙබලුන් හදන වැඩසටහන්.
මුන්ගේ කොළනියක කූඹි කොටස් කිහිපයකට බෙදෙනවා.ඒ උන් කරන රාජකාරිය අනුව.
ඇමෙරිකා මහද්වීපවල හම්බ වෙන හමුදා කුහුඹු විශේෂයක්.උන්ගේ කොළනියක ධූරාවලිය මේ තියෙන්නේ
කූඹින්ගේ කොලනියක පහළම මට්ටම කම්කරුවෝ.එහෙම නැත්නම් වැඩකාර කූඹි.මුන් ඇවිල්ල ගෑණු සත්තු.ගෑණු වුනාට මුන් වඳයි.කෑම රැස් කරන ඒවා,බිත්තර,පැටවු සහ රැජිණ බලා කියා ගැනීම,කොළනිය ගොඩනැගීම වගේ වැඩ තමයි මුන් කරන්නේ.අවශ්‍ය වෙලාවට සටන් කරන්නත් මුන් යනවා ඉතින්.
සේවක කූඹින් බිත්තර අරන් යන හැටි
ඊට පස්සේ ඉන්නේ සෙබලු.මුන්ගේ සයිස් එකත් හුගක් ලොකුයි.ඔලුවත් සෑහෙන්න ලොකුයි.එතකොට කපන්න කොටන්න පුලුවන් ලොකු හකු දෙකක් මුන්ට තියෙනවා.සේවක කූඹින්ට වඩා මුන් ලොකුයි.ඒ හින්ද වෙන් කරලා හදුනගන්න පුලුවන්.සෙබල කූඹින්ගේ ලොකුම සයිස් ,ඊට වඩා පොඩි සයිස් එහෙමත් ඉන්නවා.වයසට යද්දී තමයි ලොකු සයිස් එක හැදෙන්නේ.සෙබල කූඹී කරන්නේ සටන් කරන එක.එතකොට ලොකු කෑමක් සෙට් වුනොත් උස්සන් යන්නත් මුන්ට පුලුවන්.ලොකු කෑමක් කැබලි කරන්නත් මුන්ගේ උදව් ලැබෙනවා.ඒත් ලොකු හකු දෙක නිසා මුන්ට තනියෙම කෑම කන්න බෑ.ඒ වැඩේට සේවක කූඹින්ගේ උදව් ඕනේලු.සෙබළු කිව්වට මුනුත් ගෑණු සත්තු.
සෙබලෙක්
ඊළඟට ඉන්නේ පිරිමි සත්තු.උන් උඩ කියපු හැම සේවක,සෙබළ කූඹියෙකුටම වඩා ලොකුයි.පිහාටුත් තියෙනවා.මුන් උපන් ගමන් කොළනිය අතඇරලා පියාඹලා යනවා.යන්නේ වෙන කූඹි රැජිණක් හොයාගෙන.පිරිමි සතාගේ වැඩේ වර්ගයා බෝ කරන්න උදව් කරන එක විතරයි.සංවාසයෙන් දවස් දෙකක් විතර යද්දී ඌ මැරිලා යනවා.
පිරිමි සතෙක්
උඩින්ම ඉන්නේ රැජිණ.රැජිණ තමයි කොළනියේ ප්‍රධානියා.ඒ තනියෙම මොකුත් කරගන්න අමාරුයි.ඒ තරම් සයිස් මේකි.මේකිගෙ සයිස් එකට යන්තම් ෆිට් වෙන්නේ පිරිමි සත්තු විතරයි.බඩ සෑහෙන්න ලොකුයි.බිත්තර දදා කොළනිය විශාල කරන එක තමයි රාජකාරිය.සාමාන්‍යයෙන් රැජිණක් අවුරුදු 10 විතර ජීවත් වෙනවලු.සේවක කූඹියෙක් අවුරුද්දක් වගේ.
රැජිණ
හුගක් හමුදා කුහුඹු විශේෂ සම්පුර්ණයෙන්ම වගේ අන්ධයි.ඒත් උන්ට ආලෝකයේ තිව්‍රතාවය හඳුනගන්න පුලුවන්ලු.මේ හින්දා මුන් සන්නිවේදනය,හඳුනා ගැනීම වගේ දේවල්වලට පාවිච්චි කරන්නේ උගේ ඇන්ටෙනා දෙක.පෙරොමෝන්ස් කියන රසායනික ද්‍රව්‍ය මගින් තමයි කූඹි එකිනෙකා අතර සන්නිවේදනය කර ගන්නේ.
මේ රසායනික ද්‍රව්‍ය වලින් පුලුවන් සතුරා මොකාද මිතුරා මොකාද කියලා හඳුනගන්න.මේ හරියට උන්ගේ රේඩාර් පද්ධතියක් වගේ.ඒත් මේ රේඩාර් පද්ධති අහු නොවී ඉන්න පිරිසකුත් ඉන්නවා.හරියට මිනිස්සු ස්ටෙල්ත් ජෙට් යානා පාවිච්චි කරනවා වගේ.
කවුද බොලේ මේ පිරිමි කූඹියාගේ ඇග උඩ යන ඩයල් එක.
සමහර කුරුමිණියෝ,දෙඹරු,පත්තෑයෝ,හැකැරැල්ලෝ වගේ සත්තුන්ට පුලුවන්ලු මේ කූඹින්ගේ පෙරොමෝන් එකම හදන්න.එතකොට මොකද වෙන්නේ.අන්ධ කූඹින්ට හිතෙන්නේ මේ කුරුමිණියා තමන්ගේ කොළනියේ කූඹියෙක් කියලා.ඊට පස්සේ කුරුමිණියට පුලුවන් හමුදා කූඹින්ගේ රේඩාර් එකට අහු නොවී ජීවිතේ රැක ගන්න.
මේ ඉන්නේ අප්‍රිකාවේ ජීවත් වෙන ඩ්‍රයිව් ඇන්ට්ස්,එහෙම නැත්නම් සෆාරි කූඹි විශේෂය.
මුන් දඩයමේ යන්නේ තනියෙම.ඔව් හුගක් කූඹි විශේෂ එහෙම තමයි.හැබැයි මේ කූඹියාට ආහාරයක් හම්බ වුනොත් "කෑමක් හම්බ වුනා" කියලා පෙරොමෝන් එකක් මුදා හරිනවා.ඔය රසායනික සංඥාව ප්‍රතිචාරයක් විදියට කොළනියෙන් කූඹි සෙට් එකක් පිටත් වෙනවා.
වැඩි වෙලා යන්න කලින් කූඹි ඇවිත් ගොදුර වසා ගන්නවා.මේ අතරේ ඉන්නවා දැවැන්ත සෙබළ කුහුඹුවෝත්.මේ ඉන්නේ එකෙක්.
මුන්ගේ හකුවලින් ගොදුර කැබලිවලට කපන්න පුලුවන්.ඔය තියෙන්නේ හකු දෙකක්.
ලොකු ගොදුරු කොළනියට අරන් යන්න දැවැන්ත සෙබළ කුහුඹුවෝත් උදව් වෙනවා.ඒ අතරේ ඕනම දෙයක් කරන්න උදව් වෙන පොඩි ඈයොත් ඉන්නවා.උන් තමයි සේවක කුහුඹුවෝ.
සෆාරි කූඹි රැලක් පාර හරහා යනවා
පටන් ගන්නකොට කිව්වානේ මුන් අහිකුණ්ඨක කූඹි ජාතියක් කියලා.මුන් බිම තමයි ගෙවල් හදන්නේ.හැබැයි එක තැනක වැඩි කල් ඉන්නේ නෑ.තැනින් තැනට සංචරණය වෙනවා.වැඩිම වුනොත් එක තැනක ඉන්නේ මාස කිහිපයක් වගේ තමයි.
මේ සිද්ධිය අපූරුවට විස්තර කරලා තියෙනවා පහළ තියෙන බීබීසී අර්ත් වීඩියෝ එකේ.ඒකත් බලන්න.
තවත් කූඹි කතාවකින් හම්බ වෙමු.