කෘත්‍රිම හදවතක්

keshara

Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    කෘත්‍රිම හදවතක්

    මීට පෙර කෘත්‍රිම හදවත් බද්ධ කිරීම් අත්හදා බලන ලද නමුත් ඒ කිසිදු කෘත්‍රිම හදවතක් මගින් අදාළ රෝගියාට වසර කිහිපයක ජීවිත කාලයක් ලබාදීමට නොහැකි විය. ඇතැම් විට තවත් පුද්ගලයකුගේ සැබෑ හදවතක් බද්ධ කරන තුරු අදාළ රෝගියාට කෘත්‍රිම හදවතක් බද්ධ කළ අවස්ථා ද විය. නමුත් මෙය ඒ සියල්ලට වඩා සුවිශේෂී අවස්ථාවක් වන්නේ මෙසේ සවි කරන ලද කෘත්‍රිම හදවතට එම රෝගියාට වසර පහක ජීවිත කාලයක් ලබාදීමට ඇති හැකියාවය.
    Heart2නවතම වාර්තාවන්ට අනුව මෙම රෝගියාට සිය කෘත්‍රිම හදවත බද්ධ කර මේ වන විට සතියක් වන අතර ඔහු ඉතා සාමාන්‍ය ලෙස සිය ෙදෙනික කටයුතු කරමින් සිටී. වෛද්‍ය විද්‍යාවේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළ මෙම සැත්කම සිදු වූයේ ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි ජෝර්ජස් ‍පොම්පිඩෝ (Georges Pompidou) රෝහ‍ලේදීය.
    මෙම සැත්කමට ලක් වූ පුද්ගලයාට පසුගිය 18 වැනි බදාදා දින පියවි සිහිය ලද අතර එහිදී ඔහු ඉතා හොඳින් කවුරුත් ඉදිරියේ ප්‍රතිචාර දැක් වූ බව වාර්තා වේ. ඒ අනුව මෙම යාන්ත්‍රික හදවතේ පිහිටෙන් මෙම පුද්ගලයාට තව වසර පහක් ජීවත් විය හැකි යැයි සඳහන් වේ.
    මෙවන් කෘත්‍රිම හදවතක් නිර්මාණය කළ පළමු අවස්ථාව වශයෙන් මෙය ඉතිහාසගත වේ. මෙම හදවත ක්‍රියාත්මක වන්නේ බැටරි ආධාරයෙනි. මෙය මිනිස් ශරීරය විසින් මෙවැනි කෘත්‍රිම අංගයක් ප්‍රතික්ෂේප කිරීම වළක්වන අයුරින් නිර්මාණය කර ඇත.
    ඒ අනුව මෙම හදවත නිර්මාණය කිරීම සඳහා ගවයින්ගේ පටක භාවිතා කර ඇත.
    මීට පෙර නිර්මාණය කරන ලද කෘත්‍රිම හදවත්වල ආයු කාලය මීට වඩා ඉතා කෙටි කාලයකට සීමා වී ඇතැයි කියැවේ. මෙම කෘත්‍රිම හදවත නිර්මාණය කර ඇත්තේ ප්‍රංශයේ පිහිටි කාර්මෙට් (Carmet) නම් ෙජෙව වෛද්‍ය සමාගමක් විසිනි. කෙසේ වුවද ඔවුන්ට මෙම හදවත නිර්මාණය කිරීමට සහය වී ඇත්තේ නෙදර්ලන්තයේ පිහිටි යුරෝපීය ගුවන් හමුදා සහ අභ්‍යවකාශ (European Aeronautic defence and space) ආයතනය විසිනි.
    එලෙස නිර්මාණය කරන ලද මෙම හදවත සාමාන්‍ය නිරෝගී පුද්ගලයකුගේ හදවතක් මෙන් තුන් ගුණයක බරක් ගනී. එමෙන්ම මෙකී කෘත්‍රිම හදවත හෘදය වස්තුවේ මාංශ පේශීHeart1න් හැකිළෙන ආකාරය අනුකරණය කර දක්වයි. ඊට අමතර මෙම කෘත්‍රිම හදවත රෝගියාගේ ශරීරයේ චලනයන්ට අදාළව රුධිරය ගමන් කරවන සංවේදකයන්ගෙන් සමන්විතය. මෙම නව උපකරණය නිසා වසරකට මිය යන මිනිසුන් දහස් ගණනකගේ ජීවිතය බේරා ගත හැකි වනු ඇතැයි සඳහන් වේ.
    කාර්මෙට් සමාගම පවසන පරිදි මීට පෙර මෙවැනි කෘත්‍රිම හදවත් නිර්මාණය වී තිබුණද ඒ සියල්ලට වූයේ ඉතා පහළ මට්ටමක ස්වයං පාලනයකි.
    නමුත් මෙම හදවත එසේ නොවේ. මෙමගින් ශරීරය වැඩිපුර චලනය කිරීම සඳහා ඉඩකඩ ලබාදෙනු ඇත. එමෙන්ම රුධිරය කැටි ගැසීම අවම කිරීමටද හැකි පරිදි මෙය නිර්මාණය කර ඇත.
    යුරෝපයේ සහ එක්සත් ජනපදයේ පමණක් හදවතක් බද්ධ කිරීමේ අවශ්‍යතාවයෙන් පෙළෙන රෝගීන් 100,000ක පිරිසක් සිටින බව වාර්තා වේ. එසේ වුවද හදවත් රෝගීන්ට බද්ධ කිරීම සඳහා ලොව සියලු රටවලින් ලබාගත හැකි වන්නේ හදවත් 4000කට නොවැඩි සංඛ්‍යාවක් පමණි. ඒ නිසා ප්‍රංශය විසින් ලොව ප්‍රථමවරට නිෂ්පාදනය කරන ලද මෙවැනි දිගු කාලීනව ක්‍රියාත්මක වන කෘත්‍රිම හදවත් නිසා එවැනි රෝගීන්ට මහත් අසල්වැසිල්ලක් ගෙනෙනු ඇත.
    කාන්තාවන්ට වඩා පිරිමින් හදවත් බද්ධ කිරීමේ අවශ්‍යතාවයෙන් පෙළීමට ඇති ඉඩකඩ වැඩි යැයි නවතම වාර්තා පෙන්වා දේ.
    නමුත් පිරිමි රෝගීන්ට සවි කිරීමට නිර්මාණය කරන කෘත්‍රිම හදවත් කාන්තා රෝගීන්ට සවි කිරීමේදී ගැටලුවක් පවතී. ඒ පිරිමි හදවත් රෝගීන් වෙනුවෙන් නිෂ්පාදනය කරන කෘත්‍රිම හදවත් ප්‍රමාණයෙන් වැඩිවීම හේතුවෙනි. ඒ අනුව පිරිමි හදවත් රෝගීන් වෙනුවෙන් නිෂ්පාදනය කරන කෘත්‍රිම හදවත් කාන්තාවකට බද්ධ කළේ නම් එය සාර්ථක වනුයේ සාමාන්‍යයෙන් කාන්තාවන්ගෙන් 20කගේ පමණි.
    නමුත් කාර්මෙට් සමාගම තම සමාගමට කාන්තාවන්ගේ ශරීරයට සරිලන පරිදි කුඩා ප්‍රමාණයේ කෘත්‍රිම හදවත් නිෂ්පාදනය කළ හැකි යැයි පවසා සිටී.
    මෑතකදී සවි කරන ලද මෙම කෘත්‍රිම හදවතත් සමගින් ප්‍රංශයට වෛද්‍ය විද්‍යාත්මක නව නිපැයුම් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් කීර්තියක් ලබාගැනීමට හැකි වී ඇත.
    පසුගිය සැප්තැම්බර් මස පමණක් කාර්මෙට් සමාගමට ප්‍රංශයේ රෝහල් තුනක සිටි හදවත් රෝගීන් සිව් දෙනකුට මෙවැනි කෘත්‍රිම හදවත් සවි කර Heart3පරීක්ෂා කිරීමට අවසර ලබා දී තිබුණි.
    ඒ හදවත් රෝගයට ගොදුරු වූවන්ට තව වසර පහක කාලයක් ජීවත් වීමේ වරම ලබාදීමට නිර්මාණය කළද මෙම උපකරණය අවම වශයෙන් මාසයක්වත් ක්‍රියාත්මක වන්නේදැයි පරීක්ෂාකර බැලීම සඳහාය. තවමත් එම පරීක්ෂණ කටයුතු අවසන් වී නොමැති බැව් පැවසූ එම සමාගම එම පරීක්ෂණ කටයුතු ලබන 2014 වසරේ අග වන තුරු සිදුකිරීමට බලා‍පොරොත්තු වන බව කියා සිටී.
    අනතුරුව 2015 වසර මුල් කාලය වනවිට මෙම නව උපකරණය වෙළෙඳ ‍පොළට නිකුත් කිරීමට කාර්මෙට් සමාගම අපේක්ෂා කරයි. එහිදී මෙම කෘත්‍රිම හදවතක මිල යුරෝ 140,000ක් වනු ඇත.
    මීට පෙර ලොව නිෂ්පාදනය වූ කෘත්‍රිම හදවත් භාවිතා කරන ලද්දේ අදාළ රෝගීන්ට වෙනත් පුද්ගලයකුගේ හදවතක් බද්ධ කරන තුරු ඉතා සීමිත කාලයක් සඳහාය. නමුත් කාර්මෙට් සමාගම මෙකී උපකරණයේ සාර්ථකත්වය මත මේවා වෙළෙඳ ‍පොළට නිකුත් කිරීමෙන් පසු ලොව කිසිම හදවත් රෝගියකුට තවත් පුද්ගලයෙකුගේ හදවතක් ලැබෙන තුරු සිටීමේ අවශ්‍යතාවය ඇති නොවනු ඇත.
    එමෙන්ම ඔවුන්ට තව වසර කිහිපයක ජීවිත කාලයක් වෙනුවෙන් බලා‍පොරොත්තු තබා ගත හැකි වනු ඇත.


    1601474_682949005090519_1743967680_n.jpg


    1620854_682948815090538_787060654_n.jpg


    1533959_682948885090531_1379655069_n.jpg


    1620769_682948845090535_932079747_n.jpg


    1011261_682948908423862_1098131693_n.jpg


    1607018_682949008423852_877817898_n.jpg
     

    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    398
    83
    Rest in Peace
    ado mata mathaka widiyata manasa kiyana de tiyenne heart eka athule
    so den kagehari heart eka ain karala artificial ekak demmama uuu hitanne kohomada? manasa ta mokada wenne :confused:
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ado mata mathaka widiyata manasa kiyana de tiyenne heart eka athule
    so den kagehari heart eka ain karala artificial ekak demmama uuu hitanne kohomada? manasa ta mokada wenne :confused:

    manasa koheda ban heart eke?:baffled: uba kiyanne feel wena eka wenna athi...ara dukak awama heart eka pressure wenawa wage wenne....anyway ithin artficial ekata nan ohoma feel wenne nethuwa athi..
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    මෙච්චර දියුනු ලෝකයේ තවමත් හරිආකාරයෙන් ක්‍රියාත්මක වෙන කෘතීම හදවතක් නිර්මාණය කරගන්න බැරිඋනා නේ..හොදට හිතුවොත් මේ මිනිසා කියන නිර්මාණය ඉබේම පහල උන දෙයක් කියල හිටතන්න බැ...අනිවාර්යෙන්ම යම්කිසි බලවේගයක් විසින් යම්කිසි සැලැස්මකට අනුව නිර්මාණය කරපුදෙයක්
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මෙච්චර දියුනු ලෝකයේ තවමත් හරිආකාරයෙන් ක්‍රියාත්මක වෙන කෘතීම හදවතක් නිර්මාණය කරගන්න බැරිඋනා නේ..හොදට හිතුවොත් මේ මිනිසා කියන නිර්මාණය ඉබේම පහල උන දෙයක් කියල හිටතන්න බැ...අනිවාර්යෙන්ම යම්කිසි බලවේගයක් විසින් යම්කිසි සැලැස්මකට අනුව නිර්මාණය කරපුදෙයක්

    ane manda ban onna oka tamai matath hitaganna beri kauda ban mae okokma mehema hitala heduwe blood filter wennai arawai mewai....mokak haro force ekak tiyenna one....
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    wade nam hodai,
    eet gaana tamai wadi.
    loke inna etaama adu pirisakata tamai oya wage artificial heart ekak salli deela ganna puluwan.
     

    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    ane manda ban onna oka tamai matath hitaganna beri kauda ban mae okokma mehema hitala heduwe blood filter wennai arawai mewai....mokak haro force ekak tiyenna one....

    Parinamawadaye nam oya prashneta uththarayak thiyanawa mama hithanne?
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    Parinamawadaye nam oya prashneta uththarayak thiyanawa mama hithanne?

    පරිණාම වාදයෙන් මානව සැකැස්ම ගැන ගැබුරින් කිසිම විග්‍රහයක් කරලා නැ බන් ...අර ආදීසුපය කතාව විතරයි විස්ටර කරන්නේ