ශ්‍රී ලංකාවේ කෘමි භක්ෂක ශාක අතුරින් බාඳුරා ගොඩබිම වැවෙන අතර , කඳුලැස්ස සහ නිල් මොනරැස්ස තෙත භරිත පරිසරයන්හි වැඩෙයි. කෘමි භක්ෂක ශාක දහනමයක් පමණ ශ්‍රී ලංකාවේ ඇත.
කඳුළු හෙළන ඇසක් බඳු කඳුලැස්ස
බාඳුරා ශාක මෙන්ම කඳුලැස්ස (sundew)ශාකයත් තෙතමනය අධික සෙවණ සහිත තැන්වලයි වැඩෙන්නෙ. මෙහි උද්භිද විද්‍යා නාමය ඩ්‍රොසේරා ඉන්ඩිකා (Drosera indica)යි. ‘වීනස් ෆ්ලයි ට්‍රැප්’ කියන්නෙත් කඳුලැස්ස පවුලට ම අයත් ශාකයක්. සාමාන්‍යයෙන් බහුලව හමුවන කඳුලැස්ස ශාකය ඉතා කුඩායි. මේ ශාකය බොහෝ විට හමුවන්නේ විලක් හෝ වගුරක් අද්දරයි.
කඳුලැස්ස ශාකයට පොළොවට ඇළී එකිනෙකට ළං ළං ව පිහිටා ඇති පත්‍ර රැසක් හා සෘජුව පිහිටින කඳක් තියෙනවා. මෙසේ පිහිටන පත්‍ර සමූහය හැඳින්වෙන්නේ සෙව්වන්දියක් කියායි. මෙහි පත්‍රවල පැහැය රතට හුරුයි. දික්වූ නටුවලින් සමන්විතයි. පත්‍ර තලය පැතළියි. හැඩය අණ්ඩාකාරයි. මේ පුෂ්ප මංජරිය ශාකයට ඇති විශේෂ ලක්ෂණයක්. පත්‍ර තලයේ සහ දාරයේ තියෙනවා, ග්රාහිකා රාශියක්. පත්‍ර දාරය අද්දර තියෙන්නේ දික් වූ ග්රාහිකා. මැද තියෙන්නේ කෙටි මහත හැඩයෙන් යුත් ග‍්‍රාහිකායි. මේ සෑම ග‍්‍රාහිකාවක්ම කෙළවර වෙන්නේ වටකුරු ග්රන්ථියකිනුයි.
දිලිසෙන ඇලෙන ද්‍රව බිංදු
මෙහි ඇති ග්රාහිකා තුඩුවලින් ස්රාවය වෙන්නේ ඇලෙනසුලූ ද්‍රව බිංදුයි. මෙම ද්‍රව බිංදු මතට හිරු එළිය වැටුණු විට දිලිසීමට පටන් ගන්නවා. මෙයට කඳුලැස්ස යන නම ලැබී ඇත්තේ මෙහි පිහිටීම ඇසක් බඳු නිසාත් මෙය ස්රාවය කරන ද්‍රව බිංදු කඳුළු මෙන් දිලිසෙන නිසාත්ය. මෙම දිලිසෙන පත්‍ර දෙසට ඇදී එන කෘමීන් පත්‍රයේ ඇති ද්රාවයේ ඇලෙනවා. එමෙන්ම පත්‍රයේ ඇති ඇස් පිහාටු බඳු ග්රාහිකා පත්‍රය මැදට නැමී කෘමියා හිර කර ගන්නවා. කුඩා කෘමීන්ට මෙම මර උගුලෙන් බේරී යාමට හැකි වන්නේ නෑ. එහෙත් ඉඳහිට ශක්තිමත් කෘමියකු බේරී යන අවස්ථාත් තියෙනවා. සාමාන්‍යයෙන් මෙම ශාකය ආහාරයට ගන්නේ හෝහපුටුවන්, මැස්සන්, මදුරුවන් වැනි කුඩා සතුන්. මේ සතකු අසුවූ විට දිරවීමට සතියක් විතර ගත වෙනවා.
උත්තේජනය වන ග්රාහිකා
ග්රාහිකා මේ අයුරින් නැමෙන්නේ කෘමීන්ගේ පැමිණීම නිසයි. කෘමීන් එහි ස්පර්ශ වන නිසයි. මේ ස්පර්ශ නිසා ඒ ශාකය තුළ උත්තේජනයක් ඇති වෙනවා. රසායනික වෙනස් වීමක් නිසයි, මේ උත්තේජනය ඇති වන්නේ. ග්රාහිකාවල ග්‍රහණයට හසුවී මියයන කෘමියාගේ සිරුර ඉන්පසු ජීර්ණයට පත්වෙනවා. මෙය සිදුවන්නේ ග්රාහිකාවලින් වෑස්සෙන ජීර්ණ යුෂ හේතුවෙන්. කෘමියාගේ මාංශල කොටස් ජීර්ණය වී ද්‍රාව්‍ය බවට පත්වෙනවා. ඒවා පත්‍ර තුළින් ශාකයට උරා ගන්නවා. පසුව දිරවිය නොහැකි ඇට කොටස් පත්‍රය මත තිබෙනු දැක ගත හැකියි. කෘමීන් ගොදුරු කර නො ගෙන වුනත් කඳුලැස්ස ශාකයට ජීවත්වෙන්න පුළුවන්. ඒත් මේ අයුරින් මාංශල ආහාර ලැබීම නිසා ශාකය වඩාත් නිරෝගීව වැඩෙනවා.
ජලයේ මතුවන නිල්මොනරැස්ස
නිල්මොනරැස්ස තවත් සතුන් අල්ලා කන ශාකයක්. එය උට්රිකුලාරියා රෙටිකුලාටා (Utricularia reticulata)යන උද්භිද විද්‍යා නාමයෙන් තමයි හැඳින්වෙන්නෙ. මෙය ජලයේ ගිලී වැඩෙන ජලජ ශාකයක්. ජලය මතුපිටට පැමිණෙන්නේ පුෂ්ප මංජරිය විතරයි. අධික ලෙස අතු බෙදීම නිසා මෙය දිස්වෙන්නේ කෙදි රාශියක් ලෙසයි. මෙහි පත්‍රද සිහින් කෙඳි ලෙසට බෙදී තිබෙනවා. මේ පත්‍ර අතරින් සමහරක් ආශයක් හෙවත් පැසක් ලෙසට විකරණය වී තියෙනවා. ජලයේ පාවෙමින් පැසට පුළුවන් ජලයේ වසන කුඩා කෘමීන් අල්ලා ගන්නට. මේ පැසෙහි පළල් පෙදෙස ශාකයට සවි වී තියෙනවා.
සකි‍්‍රය උගුල් දොරක්
පටු කෙළවරෙහි තියෙන්නේ සාමාන්‍ය වශයෙන් වැසී තියෙන උගුල් දොරක්. මේ උගුල් දොර දෙපසෙහි ඇත්තේ රෝම කිහිපයක්. උගුල් දොරෙන් පිටතට විහිදෙන සංවේදී රෝම හතරක් තියෙනවා. කෘමියෙක් මෙම සංවේදී රෝමවල ස්පර්ශ වුණොත් උගුල් දොර සැණෙකින් පැස තුළට විවර වෙනවා. එවිට වේගයෙන් ජලය ආශය තුළට ඇතුළු වෙනවා. එතකොට ජලයේ සිටින කෘමියා ජලයත් සමඟ පැස තුළට ඇදී යනවා. පැය භාගයක පමණ කාලයකට පසු පැස තුළ පිරුණු ජලය හිස් කර පැසට යළි කි‍්‍රයාකාරී වීමේ හැකියාව ලැබෙනවා. කෘමීන්ගේ දිරවීම හා පෝෂණ කොටස් උරා ගැනීම සිදුවන්නේ මේ පැස තුළ දීමයි.
කෘමියකු ස්පර්ශ වීමේ දී කී‍්‍රයාකාරී වන සංවේදී කෙඳි ඇතුළත් ශාකවල ඇති මේ ඇටවුම් හැඳින්වෙන්නේ සකි‍්‍රය උගුල් ලෙසයි. බටර්වර්ත්, බ්ලැඩර්වර්ත්, සන්ඩිව් හෙවත් කඳුලැස්ස පවුලට අයත් වීනස් ෆ්ලයි ට්‍රැප් වැනි ශාකවලට ඇත්තේ මෙවැනි උගුල්. ඒවායේ සතුන් අල්ලා ගන්නා යාන්ත්‍රණයක් කි‍්‍රයාත්මක වෙනවා. එහෙත් බාඳුරා වැනි ශාකවල පැස අයත් වන්නේ අකි‍්‍රය උගුල් ගණයටයි. ඒවා කෘමීන් ආකර්ෂණය කර ගන්නේ ඒවායේ වර්ණ, සුවඳ, මල් පැණි ආදිය මගිනුයි. උගුලේ කට මත වැසූ කෘමීයා ඉබේම ලිස්සා ඒ තුළට වැටෙනවා. ඒවායේ එසැණ කි‍්‍රයාත්මක වීමක් නැහැ. පැසක් ඇති බොහෝ ශාක අයත් වන්නේ අකි‍්‍රය උගුල් ගණයටයි. සමහර ශාකවල පත්‍රවල කෘමීන් ඇලෙනසුලූ ගතියක් තියෙනවා. කෘමියකු මේ පත්‍රයක ඇලූණොත් පත්‍රය රෝල් වී කෘමියා වෙළා ගන්නවා. පත්‍රය තුළින් මතුවන රසායනික දියරයකින් කෘමියා දිය කර උගේ සාරය උරා ගන්නට ශාකයට පුළුවන්.

Last edited:
_ B U M P _