කෘමි ලෝකයේ රසායනික අවි:හුදකලා ගොලායත්ට එරෙහිව ඩේවිඩ්ලා

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    XTixxiR.jpg


    මේ ඉන්නේ යෝධ කැලෑ කුහුඹුවා.ලෝකයේ ඉන්න විශාලම කුහුඹුවන්ගෙන් කෙනෙක්.එතකොට අග්නිදිග ආසියාවේ ඉන්න විශාලම කූඹි විශේෂය තමයි මේ.මුන්ගේ සෙබලෙක් අගලකට පොඩ්ඩක් දිගයි.සේවක කුහුඹුවෙක් නම් ඊට වඩා ටිකක් පොඩියි.

    මුන්ගේ සේවකයෝ දෙකොට්ඨාශයක් ඉන්නවාලු.උන් ලොකු පොඩි කියලා බෙදෙන්නේ සයිස් එක අනුව.ඔය දෙපාර්ශ්වයම පහළ පෝටෝ එකේ බලාගන්න පුලුවන්.

    Efdz1j9.jpg



    පේනවා නේද මුන්ගේ සයිස් එක..

    PzHrj8B.jpg


    LY13V21.png


    කලින් කිව්වා වගේ මේ යෝධ කූඹි ජාතිය හම්බ වෙන්නේ ඉන්දුනීසියාව,මැලේසියාව ,තායිලන්තය,බෲනායි වගේ රටවලින්.සිතියමේ කොල පාටට ලකුණු කරලා තිබ්බට පිලිපීනේ මුන් දකින්න නෑ.

    මුන් ඇවිල්ල වනාන්තරවල ජීවත් වෙන කූඹි ජාතියක්.රෑට තමයි මුන් හුගක් ක්‍රියාකාරී.

    Xoa66r4.jpg


    අපි වගේම තමයි කූඹිත් උන්ටම කියලා භූමි ප්‍රදේශ බෙදාගෙන ඉන්නේ.ඉතින් මේ යෝධ කූඹි ජාතියත් තමන්ගේ බල ප්‍රදේශයේ මුර සංචාරවල යනවා.මුන් ඉතින් තනියෙම තමයි හැමතැනම යන්නේ.ඇග පත එහෙමත් ලොකුයිනේ,කාට බය වෙන්නද.අනික මේ වගේ ලොකු හකු දෙකකුත් තියෙනවා.

    VqCIcZx.jpg


    හකු දෙකට අහු වෙන අනිත් කූඹින්ට වෙන දේ හිතාගන්න පුලුවන්නේ.මුන් පැණිවලට හුගක් ආසයි.වේයන් වගේ කෘමීන් වගේම කුරුළු බෙටිත් මුන්ගේ ආහාර වෙනවා.


    ඔන්න ඉතින් පුරුදු පරිදි යෝධ කැලෑ කූඹි සෙබලෙක් දවසක් මුර සංචාරයක යනවා.ඔහොම යන අතරේ කෑම හොයාගෙන ආව වීවර් ඈන්ට් එහෙම නැත්නම් අපේ භාෂාවෙන් දිමියා කියන කූඹියෙක් මූට හම්බ වෙනවා.ඔන්න ඉතින් දේශසීමා උල්ලංඝනය කලා කියලා චීනෙයි ඉන්දියාවයි ඇර ගන්නවා වගේ මේ කූඹි දෙන්න ගැටුමක් හදා ගන්නවා.

    33WYHb5.jpg


    මූ එක්ක බලද්දී දිමියා කොච්චර පොඩිද.ඒත් දිමියට පුලුවන්ලු තමන්ගේ බර වගේ සිය ගුණයක් බර උස්සන්න.යෝධ කැලෑ කූඹින්ගේ සෙබලෙක් දිමියෙක් වගේ කිහිප ගුණයක් ලොකුයි.මේ ගැටුම හරියට ගොලායත් කියන යෝධයා එක්ක ඩේවිඩ් කියන කොලු ගැටයා හැප්පුනා වගේ කිව්වේ ඒ නිසා.

    zQrFOTA.jpg


    ඒත් මේ පොඩි දිමියා එක්ක සටන යෝධ කුහුඹු සෙබලට ලේසි වෙන්නේ නෑ.දිමියා අර යෝධ කූඹියාගේ ඇන්ටනාවක් තමන්ගේ හකුවලින් තදින් අල්ලගෙන ඉන්නේ.

    කොහොම හරි යෝධ කූඹියා දගලලා දගලලා දිමියාව බිම දා ගත්තා.දැන් නම් දිමියට ලේසි වෙන්නේ නෑ.දැන් දිමියට උදව් ඕනේ.කොහොම ඉතින් දිමි කොළනියේ ඉන්න අනිත් දිමියෝ මේ ගැන දැන ගන්නේ? මොකෝ දිමින්ට තියෙනවා කියලද!

    අපේ ඇස් වලට නොපෙනුනාට දිමියෙක් කොළනියෙන් බැහැරට යද්දී තමන් යන පාර ලකුණු කරගෙන යන්නේ.මේකට උන් පාවිච්චි කරන්නේ සුවඳ විලවුන් වගේ විශේෂ රසායනිකයක්.මේක ස්‍රාවය වෙන්නේ උන්ගේ පස්ස පැත්තේ තියෙන් ග්‍රන්ථියකින්.

    දිමියා මේක පස්ස පැත්තෙන් බිම හල හල යනවා.ඔය සුවද පිටිපස්සේ උගේ ඥාති සමූහයාට එන්න පුලුවන්.

    වැඩි වෙලා යන්න කලින් දිමියට අතිරේක සහාය ලැබෙනවා.දිමි සේනාංකයක් උදව්වට එනවා.කට්ටිය එකතු වෙලා යෝද කුහුඹුවාගේ අඩුවලින් අල්ල ගන්නවා.පොඩි වුනාට දිමි එකමුතු වුනාම ශක්තිමත්.දැන් යෝධ කුහුඹුවා එකතැනකට කොටු වෙලා දිමින්ගේ හකුවලට අහුවෙලා.

    TJwVFbq.jpg


    ඒත් යෝධ කුහුඹුවා හුදකලා සටනක..ඌ සටන අතරින්නේ නෑ.උගේ දැවැන්ත හකුවලට අහුවෙන දිමි කැබලිවලට කැපිලා මිය යනවා.

    දිමින්ගේ පිරිස් බලය ටිකෙන් ටික වැඩිවෙනවා..දැන් තමයි දිමි උන්ගේ රසායනික අවිය පාවිච්චි කරන්නේ.මුලින්ම හකුවලින් යෝධ කුහුඹුවාගේ අඩුවල තුවාලයක් ඇති වෙන්න හැපීමක් කරනවා.ඉන්පස්සේ පස්ස පැත්තේ තියෙන ග්‍රන්ථියකින් "ෆෝමික් ඇසිඩ්" ස්ප්‍රේ කරනවා තුවාලෙට.ඔය විදියට අල්ලගෙන ඉන්න අඩු හයටම ඇසිඩ් ප්‍රහාර එල්ල වෙනවා.

    sFJtOL8.jpg

    දිමියාගේ හකු දෙක

    යෝධ කැලෑ කූඹියා හුදකලා මුර සංචාරකයෙක් නිසා ඌට උගේ කොළනියෙන් උදව් ලැබෙන්නේ නෑ.තුවාල,ඇසිඩ් ප්‍රහාර නිසා යෝධ කුහුඹුවා ටිකෙන් ටික අඩපණ වෙනවා.

    බාගෙට මැරුණු යෝධ කුහුඹුවා,දිමි සේනාව තමන්ගේ කොළනියට අරන් යනවා.මේ සිද්ධිය නැෂනල් ජියෝග්‍රැෆික් චැනල් එකේ මේ විදියට රූප රාමු එක්ක විස්තර කලා තියෙනවා.






    ඔන්න සත්තු ගැන ලියපු පරණ ත්‍රෙඩ් ටිකත් දැම්මා.

    කෘමි ලෝකයේ රසායනික අවි - කුරුමිණියෙක් අනුකරණය කරන කටුස්සා

    කූඹි කතාවක්:බිහිසුණු අහිකුණ්ඨකයෝ

    මදුරුවාගේ සංකීර්ණ විදුම් යන්ත්‍රය

    කණට ගහලා මංකොල්ලකෑම

    තාපස කකුළුවන්ගේ නිවාස හුවමාරුව

    වතුර යට දිවි ගෙවන මකුළුවා

    ගෙම්බන්ට එරෙහිව නැගී සිටි කුරුමිණි විරුවා

    වැලි යට සැඟවුණු මරුවා

    මුහුදු පත්ලේ සැඟවුණු රාක්ෂයා

     
    Last edited: