කෘමි_සතුන්_අහාරයට_ගැනීමට_අපටත්_සිදුවෙයිද

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    කෘමි_සතුන්_අහාරයට_ගැනීමට_අපටත්_සිදුවෙයිද

    කෘමි සතුන් අහාරයට ගැනීමට අපටත් සිදුවෙයිද ?

    352f97s.jpg

    උග‍්‍ර වෙමින් පවතින ලෝක ආහාර අර්බුදය හමුවේ ලෝක බලවතුන් නිරුත්තරය. ලොව ම වැනසූ හරිත විප්ලවය වෙනුවෙන් හඬනැගූ විශ්වීය විද්වතුන්, වියතුන්, බුද්ධිමතුන් ඇටිකෙහෙල් කෑ රිලවුන්ගේ තත්ත්වයට පත්ව ඇත. මෙකී අර්බුදයට ඔවුන්ගේ ළදරු විසඳුම හා දේශීය ආහාර සංස්කෘතියක් ඔස්සේ සුරැකෙන අපේ විසඳුම පිළිබඳ වූ බුද්ධිමත් කතිකාවතකි.

    ලෝකය හරි පුදුම තැනකි. කෙනෙක් කෑම සොයා සැතපුම් ගණනක් ඇවිදයද්දී තවත් කෙනෙක් කෑම දිරවන්නට සැතපුම් ගණනක් ඇවිද යයි. මේ කියමන කොතැනින් මුණ ගැසුණේද යන්න මට මතක නැත. මෙවැනිම දෙයක් අද අපේ ආහාර සංස්කෘතිය ගැනද කිව යුතුව ඇත. එනම් කෙනෙකු කෑම නැති නිසා මිය යද්දී තවත් කෙනෙකුට කෑම නිසා මිය යන්නට සිදුව ඇති බවයි. වස විස ඇති ආහාර ඉහවහා යෑම හා ක‍්‍රමයෙන් ඇති වන ආහාර අර්බුදය මෙයට හේතුවයි. ඒ නිසාම දේශීය ගොවිතැන මෙන්ම දේශීය ආහාර සම්බන්ධයෙන්ද කතා කිරීමට මේ අත්‍යවශ්‍යම කාලයක් බවට පත්ව ඇත.

    ok2wyv.jpg

    2j1prif.jpg

    2013 සහ 2014 වසර ලෝක ආහාර අර්බුදයක් ආසන්නයේම සිටින බව දැන් ලෝක ආහාර සංවිධානයම ප‍්‍රකාශ කර ඇත. මෙම වසර මැදදී ප‍්‍රකාශ කරන්නට යෙදුණ වාර්තාවකට අනුව ලොව ප‍්‍රධානතම ආහාර නිෂ්පාදන රටවලට මෙම වසරේදී සිය අපේක්ෂිත ඉලක්ක වෙත කිසිසේත් ළඟාවිය නොහැකි වන බව කියැවේ. ඇමරිකාවේ සහ යුක්රේනයේ නියඟ තත්ත්වය මෙයට වඩාත් හේතුවී ඇත. එම වාර්තාව වැඩි දුරටත් හෙළි කරන කාරණයක් වන්නේ මේ වන විට ලොව ආහාර සංචිතවල ප‍්‍රමාණය දින 107 සිට දින 74 දක්වා පහළ බැස ඇති බවය.

    මෙම තත්ත්වය තාවකාලික එකක් නොවේ. පරිසරයේ අසමතුලිතතාවය සහ කාලගුණ විපර්යාස නිසා දිගින් දිගටම ආහාර සංචිතවල අඩුවීමක් බලාපොරොත්තු විය හැකිය. මෙහි ප‍්‍රතිඵල වන්නේ ආහාර ද්‍රව්‍යවල හිඟය සහ මිල ඉතා ඉහළ යාම. ලොව ආහාර හිඟයෙන් වඩාත්ම පීඩා විඳින අප‍්‍රිකා රටවල බඩගිනි මරණ ඉහළ යාම. දිළිඳු ජනතාවට ආහාර මිල දරා ගත නො හැකි වීමය වැනි සිදුවීම්ය.

    97lhmu.jpg

    නවීන කෘෂිකර්මයට මෙම තත්ත්වයන්ට මුහුණ දීමට කිසිදු අන්දමකින් හැකිවී නැත. වැඩිවන ජනගහනය සහ ඉඩම්වල ක්ෂය වීම නිදහසට කරුණු වශයෙන් දක්වා කෘෂි විද්‍යාඥයෝ අර්බුදයෙන් මගහැර යති. ඔවුනට ලබා දිය හැකි විසඳුමක් හෝ ප‍්‍රතිකර්මයක් පෙනෙන තෙක් මානයකවත් නැත.

    පය බරවායට පිටිකර බෙහෙත් බඳිනා අන්දමේ ප‍්‍රතිකර්මයක් දැන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝක ආහාර සංවිධානය විසින් ඉදිරිපත් කර ඇත. ජුනි මස මුල දී ඉදිරිපත් කරන මෙම පිටු 200ක වාර්තාව කියා සිටින්නේ, අනාගත ජනගහනයට ආහාර සැපයීමට කෘෂිකර්මයට කිසිදු හැකියාවක් නොමැති බවය. එම නිසා ලෝක ජනතාව විසින් කෘමීන් ආහාරයට ගැනීමට වහ වහාම පුරුදු විය යුතු බව එම වාර්තාව ඉදිරිපත් කළ ‘විද්වතුන්’ විසින් තරයේ නිර්දේශ කර ඇත.

    ftzplw.jpg

    ආහාරයට ගන්නා කෘමීන් වර්ග 1900ක් පමණ වන බව මෙම වාර්තාව කියයි. දැනටමත් ලෝක ජනගහනයෙන් බිලියන 2ක් පමණ යම් යම් කෘමීන් තම ආහාරයේ කොටසක් ලෙස ගන්නා බවත්, එම නිසා ක‍්‍රමවත් වැඩ පිළිවෙළක් තුළින් කෘමීන් වර්ධනය කොට ආහාරයට ගැනීමට කටයුතු කළ යුතු බවත් එම වාර්තාව කියයි. මෙම වැඩපිළිවෙළ නිසා, පරිසරයට හානි නො වන බවත්, පරිසරය සමතුලිතතාවය අරක්ෂාවෙන බවත්, ජනතාවට පෝෂ්‍යජනක ආහාර ලැබෙන බවත්, කෘමීන් බෝ කිරීම හා ආහාරයට සැකසීම තුළින් නව ආදායම් මාර්ග මතු වන බවත් පෙන්නා දී ඇත.

    හරිත විප්ලවය ලොවට හඳුන්වා දීමේදී නවීන විද්‍යාඥයන් ඉදිරිපත් කළේද මෙවැනිම තර්කයන්ය. ලොව සියලූ ආහාර අර්බුදයන්ට පිළියම් ලෙස ගෙනා එම වැඩපිළිවෙළ දැනට මුහුණ පා තිබෙන අර්බුදකාරී තත්ත්වය ඔවුන් විසින්ම පිළිගෙන ඇත.

    muvhjo.jpg

    දැන් එම විද්‍යාඥයන් විසින්ම කෘමීන් අනුභව කරන ලෙස ලොවට නිර්දේශ කරනුයේ, ඔවුන් ඉදිරිපත් කළ තාක්ෂණය තුළින් කෘමී නාශනය කළ නො හැකි වූ නිසා අපට උන් අනුභව කර අවසන් කරන්නට කියා විය යුතුය. ලොව අන් සියලූම සතුන් බිහිවී ඇත්තේ මිනිසාට ආහාර සැපයීමට බව මෙම විද්‍යාඥයන් සිතා සිටින බව පෙනේ.

    මෙය කියවන ඔබ ඇතැම් විට “ඕවා කවදා කෙරෙන ඒවා ද ?” යයි සිතනු ඇත. එහෙත් දැනටමත් කෘමීන්ගෙන් ආහාර සහ සත්ව ආහාර නිපදවන බව ඔබ දන්නවා ද ? සත්ව ආහාර සඳහා භාවිතා වන මාළු වෙනුවට ඔබගේ නිවසේ වෙසෙන ගෙමැස්සන්ගෙන් නිපදවන සත්ව ආහාර වඩා පෝෂ්‍යජනක බවත් සොයා ගෙන ඇත. ඉතා ඉක්මනින් ඔබේ කෑම මේසයට එන බ්‍රොයිලර් කුකුල් මස් මෙලෙස කෘමි සත්වාහාර යොදා නිපදවන ඒවා වනු ඇත.

    xbwoqa.jpg

    සෘජු ලෙස අනුභව කළ හැකි සහ සකසන ලද ආහාර වශයෙන් කෘමි ආහාර නිපදවීමට දැනටමත් සමාගම් අත ගසා ඇත. මේ අනුව ඇතැම් සමාගම් තණකොළපෙත්තන්, කැරපොත්තන්, කුරුමිණියන්, ගෙමැස්සන් විශාල වශයෙන් ඇති කිරීමට පටන් ගෙන ඇත.

    මේ වාර්තාව ඔබගේ අවධානයට යොමු කළේ, ඉදිරි ආහාර අර්බුදය පිළිබඳව යළි ඔබේ මතකයට නැංවීමටය. නවීන කෘෂිකර්මය තුළින් ලෝකයට ආහාර සැපයීමට නො හැකි හෙයින් දැන් කෘමි වගාවට ලෝකය පෙළඹවීමට නවීන විද්‍යාඥයන් දරන වෑයම පෙන්වා දීමටය.

    හරිත විප්ලවය තුළින් නිපදවන ලද ආහාරවලින් ලෝකයට විෂ කවා, මෙතෙක් නො ඇසු විරූ රෝගවලට මග පෙන්වූ නවීන කෘෂි විද්‍යාඥයන් මේ සූදානම් වන්නේ කුමකට දැයි අප අවධානයකින් සිටිය යුතුය. දැනටමත් මෙම වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කිරීමට ඉදිරියට පැන සූදානම් වන්නේ බහුජාතික සමාගම්ය. ඉදිරියේදී බහුජාතික සමාගම් කෘමීන් ඇති කිරීම සහ ආහාර වශයෙන් සැකසීමට මූලිකත්වය ගනු ඇත. ඔබගේ ආහාරවල සුරක්ෂිත භාවය ගැන වගකීමට ඉදිරියේදී කිසිවකුත් සොයා ගැනීමට නොහැකි වනු ඇත.

    50cy1.jpg

    2ptxzpc.jpg

    අපත් මෙම නවීන උගුලට දැන දැනම අසුවිය යුතුද ? මෙම උගුලට අප හසු වන්නේ නවීන යයි කියාගන්නා ආහාර පුරුදු නිසා නො වේද ? ඔබ ක්ෂණික ආහාරවලට ඇබ්බැහි වූයේ නම් ඉදිරියේදී කෘමි ආහාරවලටද සූදානම් විය යුතුය. දැනටමත් ඇමරිකාවේ සහ යුරෝපයේ කෘමි ආහාර සපයන අවන්හල් ඕනැ තරම් ඇත. තායිලන්තයේ දැනටමත් කෘමීන් ඇති කරන සමාගම් ඇත.

    මෙම උගුලෙන් මිදීම සඳහා අප කළ යුතු වන්නේ අපගේම දේශීය ආහාර රටාවකට යළි හුරු වීමයි. මෙය කළ හැක්කේ කෙසේද ? අප විසින්ම නිපදවා ගනු ලබන ආහාර පරිභෝජනයට හුරු වීමය. ඔබට උපකාරි විය හැකි එක් පැත්තක් පමණක් යළි ඔබගේ මතකයට නංවන්නට උත්සාහ දරන්නෙමි.

    අප අවට පරිසරයේ ඇති ආහාර ගැන ඔබ සිතා බැලූවාද ? නාගරික නොවන ප‍්‍රදේශවල පරිසරයෙන් සොයා ගතහැකි "වගා නො කළ ආහාර ද්‍රව්‍ය" කෙතරම් තිබේද ? වගා පරිසරයක ඔබ හැදුණේ වැඩුණේ නම් ඔබට මේවා ඔබගේ මුතුන් මිත්තන්ගෙන් උගෙන ගන්නට ලැබෙන්නට ඇත.

    2h53e5x.jpg

    ගෙවත්තේ, හේනේ හෝ අවට කැලෑ ප‍්‍රදේශවල අපට අනුභව කළ හැකි ආහාර ද්‍රව්‍ය කෙතරම් තිබේද ? පලා වර්ග, අල වර්ග, බිම්මල්, මල් සහ ගෙඩි මෙලෙස අපට ආහාරයට ගත හැකි ඒවාය. ආහාරය යනු වගා කළදේ පමණකි යන සංකල්පයෙන් මිදීමට අපට දැන් කාලය එළඹ ඇත. වෙළඳපළින් හෝ වගා කර ලබාගන්නා ආහාරවලට වඩා ඇතැම් විට මෙම ආහාර පෝෂ්‍ය ගුණයෙන් ඉහළය.

    මෙම තොරතුරු කෙරේ අවධානයෙන් බලන්න. මුරුංගා අප සැලකිල්ලකින් වගා කරන්නේ නැත. බොහෝ වියළි කලාප ඉඩම්වල වැඩි මහන්සියක් නොමැතිව වැවේ. අප මුරුංගා කරල් ගැන වැඩි අවධානයක් යොමු කළද මුරුංගාවල වැඩි පෝෂණය ඇත්තේ කොළවලය. සොයාගෙන ඇති අන්දමට මුරුංගා කොළවල දොඩම්වල මෙන් 7 ගුණයක් සී විටමින් ඇත. කැරට්වල මෙන් 4 ගුණයක් ඒ විටමින් ඇත. කිරිවල මෙන් 4 ගුණයක් කැල්සියම් ඇත. කෙසෙල්වල මෙන් 3 ගුණයක් පොටෑසියම් ඇත. යෝගට්වල මෙන් දෙගුණයක් ප්‍රෝටීන් ඇත. මෙයට අමතරව මුරුංගා කොළවල සියලූම ඛනිජ වර්ග අඩංගුය. මුරුංගා ඖෂධීය ගුණයෙන්ද ඉහළ ශාකයකි.

    29p6a76.jpg

    අප අවට ඇති මෙබඳු ආහාර වර්ගවල පෝෂණ ගුණයට අමතරව ඇති ඖෂධීය ගුණ ගැන ඔබ සිතා බලා තිබේද ? ඔබ හඳුනන දේශීය වෛද්‍යවරයෙකුගෙන් විමසන්න. අවට පරිසරයේ ඇති පලා, අල සහ වෙනත් ආහාරවල පෝෂණ ගුණය මෙන්ම ඖෂධීය ගුණය ද ඔබට පැහැදිලි කර ගත හැකිය.

    වගා නො කළ ආහාර පරිභෝජනය යළි ආරම්භ කිරීමට පෙර ඔබ විසින් අනුගමනය කළ යුතු කරුණු කීපයක් මතක් කරමි.

    කලක් තිස්සේ පරිභෝජනය නොකිරීම නිසා ඔබ ගෙවත්තේ ඇති ආහාරයට ගත හැකි පැළෑටි වල් වශයෙන් සලකා විනාශ කළා විය හැකිය. අල වර්ග සම්බන්ධයෙන් මෙය ඉතා වැදගත්ය. මෙරට තිබුණු සියයකට අධික අල වර්ග අද හඳුනා ගැනීමට නොහැකිව ඇත්තේ අපගේම නොසැලකිල්ල නිසාය. ඒවා නැවත හඳුනාගෙන පරිසරයේ තිබෙන්නට හරින්න.

    2rpscv6.jpg

    34pc8rb.jpg

    නවීන ආහාර රටාවලට හුරු වීම නිසා මෙම ආහාර ද්‍රව්‍ය සකස් කිරීමේ, පිසීමේ ක‍්‍රමයන් ඔබ නොදන්නවා විය යුතුය. ඒ සඳහා ඔබට වැඩිහිටියන්ගෙන් ඉගෙන ගන්නට බොහෝ දේ ඇත.

    වගා නොකළ ආහාර ද්‍රව්‍ය, පරිසරය විසින් නොමිලේ ඔබට ලබා දෙන ත්‍යාගයකි. ඒවා පවතින්නේ පරිසර සාධකවලට අප අනිසි බලපෑමක් නොකරන තාක් කල් පමණි. එම පරිසර සාධක හඳුනාගෙන ආරක්ෂා කරගැනීම ඔබගේ යුතුකමකි.

    ඔබගේ මෙන්ම ඔබගේ අනාගත පරපුර වෙනුවෙන්ද තීරණ ගැනීමට පෙර යළි සිතා බලන්න. විදේශීය ප‍්‍රභවයක් ඇති, වස විස පිරුණු කෘමීන්ගෙන් සකසන ලද ආහාරවලට ඔබ හසු වනවාද ? හරිත විප්ලවය විසින් ගෙනෙන ලද රෝගාබාධ මෙන් තවත් රෝගාබාධ ගොන්නක් සඳහා ඔබ ගන්නා ආහාර හේතු විය හැක. එනිසා, දේශීය ආහාර රටාවන්ට හුරු වී එම අනතුරුවලින් මිදෙනවාද ?

    වස විසෙන් තොර ආහාර වේලක් ඉදිරි පරපුරට දායාද කිරීමේ දැහැමි ක‍්‍රියා පිළිවෙළකට එළඹීමට ඔබටත් සිත් පහළ වේවා!

    2gu0dx1.jpg

    bgqumr.jpg

    උපුටා ගැනීමකි . . .
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,269
    113
    Gotland
    ඉස්සෝ, මට්ටි කන්න පුළුවන් නම් අනිත් සත්තු කන්න බැරි ඇයි ?
    අපේ ආදිවාසියා බලංගොඩ මානවය ඒ කාලේ කාවෙත් බෙල්ලෝ
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඉස්සෝ, මට්ටි කන්න පුළුවන් නම් අනිත් සත්තු කන්න බැරි ඇයි ?
    අපේ ආදිවාසියා බලංගොඩ මානවය ඒ කාලේ කාවෙත් බෙල්ලෝ

    පුරුදු උනොත් කන්න බැරි දෙයක් නැ, කුකුල් මස් කනවා වගේ පොඩි කාලේ ඉදන්ම අපි නයි මස් කැවනම් කුකුල් මස් නොකා, කුකුල් මස් දැක්කම ඇයියා කියයි, හරියට දැන් චීන්නු ගැරඩි කනකොට අප්පිරියා කරනවා වගේ..
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    මේ කොස් දෙල් තියෙන අපේ රටේ කවදාවත් කැරපොත්තෝ කන්න වෙන්නේ නෑ බං.
    හැබැයි ඉතින් කොළඹ පැත්තේ ඉන්න එවුන් පිට රට කරන හැම දේම කරන එකේ මේක තමා අලුත් ෆැෂන් එක කියලා කයිද දන්නේ නෑ


    :lol::lol::lol::lol::lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,269
    113
    Gotland
    මේ කොස් දෙල් තියෙන අපේ රටේ කවදාවත් කැරපොත්තෝ කන්න වෙන්නේ නෑ බං.
    හැබැයි ඉතින් කොළඹ පැත්තේ ඉන්න එවුන් පිට රට කරන හැම දේම කරන එකේ මේක තමා අලුත් ෆැෂන් එක කියලා කයිද දන්නේ නෑ


    :lol::lol::lol::lol::lol:

    දැන් ඩෙල් වැඩිය නෑ
    කොස් නම් තියේ
    ඉස්සරහට කොසුත් නෑ
    දැන් පොල් වලට වෙලා තියෙන දේ දැක්කනේ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,269
    113
    Gotland
    පුරුදු උනොත් කන්න බැරි දෙයක් නැ, කුකුල් මස් කනවා වගේ පොඩි කාලේ ඉදන්ම අපි නයි මස් කැවනම් කුකුල් මස් නොකා, කුකුල් මස් දැක්කම ඇයියා කියයි, හරියට දැන් චීන්නු ගැරඩි කනකොට අප්පිරියා කරනවා වගේ..

    ඇයි බං අර බෙලි කට්ට ගලවල මට්ටි කන්නේ අපි රසකරකර
    ගොලුබෙල්ලෙක් දැක්කත් ඊයාලු
     

    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    appo..............

    kohoma kandatha..............

    saththu jeewitha kee thahk marandoneda oya tika kanna.............

    paw ane........................
     
    Mar 9, 2010
    432
    16
    0
    ඇඩෙනවා. අඩෝ අපිට ඇත්තටම මුන්ව කන්න උනොත් කොහොමට තියෙයිද ? වමනෙට වගෙත් එනවා බන් මට . . .