ඔන්න ඩයල් එකක් හිටියා තමංගෙ ශරීර ප්රමාණය හින්දා බොහෝම අසරණ තත්ත්වයකට පත් වෙච්ච. ඒ කියන්නෙ මෑන් මාර කෙට්ටුයි. මාරම මාර කෙට්ටුයි. කොටින්ම කියනවනං පැත්තට හැරිලා හිටගෙන හිටියොත් හරියකට පේන්නෙවත් නෑ. මිනිහා ට්රයි කරපු කිසිම කෙල්ලෙක් මිනියට කැමති වුනේ නැත්තෙත් මේ කෙට්ටු ශරීරෙ හින්දා තමයි. මිනිහට වැඩියෙන්ම අප්සට් ඒකටයි. තමංගෙ කෙට්ටු ඇඟ ගැන අන්තෙටම කලකිරුණු මේ බුවා සිය දිවි නසාගන්න තීරණය කළා!
එහෙම තීරණයක් අරන් මෑන් ගියා නුවර වැවට පනින්න. සිය දිවි නසාගන්න එකත් ඉතිං ලේසි වැඩක් නෙමෙයිනෙ. මෑන් දැන් සෑහෙන වෙලාවක් තිස්සෙ වැව දිහා බලාගෙන වැවට පනින්න ගට්ස් ගන්නවා. ඔය අතරෙ මිනිහට ඇහෙනවා කව්දෝ “මේ… මේ… මල්ලි“ කියලා කතා කරනවා. ඒ මදිවට ගෑණු කටහඬක්. යකෝ මෙච්චර කාලෙකට මට කතා නොකරපු ගෑණු අද කතා කරයිද කියලා මිනිහා ඒක එච්චර ගණන් ගත්තෙ නෑ. ටිකකින් ආපහු අර කටහඬ ඇහෙනවා.
“මේ.. ඔය නිල් පාට ටී-ෂර්ට් එක ඇඳන් ඉන්න මල්ලි“
බොලේ මං ඇඳන් ඉන්නෙ නිල් පාට ටී-ෂර්ට් එකක්නෙ කියලා මතක් වෙලා මෑන් එක පාරටම හැරිලා පාර පැත්ත බැලුවා. බලනකොට ලස්සන පුංචි කාර් එකකින් ආපු ඉටිකිරිස් අක්කා කෙනෙක් වැව අයිනෙ කාර් එක නවත්තගෙන පොරට අඬගහනවා. ‘හුටා… මැරෙන්න යන මගේ වහුතු මූණ දෙයියන්ට පෙනුනාවත්ද‘ කියලා හිත හිත මෑන් කාර් එක ළඟට ගියා.
“නගින්න මල්ලි“
ඈ…හ් කොහෙද යකෝ මේ ගෑණු පරාණෙ මාව ගෙනියන්න හදන්නෙ. කමක් නෑ… මැරෙන්න ආපු මාව කොහේ එක්කන් ගියාම මොකද කියලා හිතලා පොර සද්ද නැතුවම කාර් එකේ පිටිපස්සෙ දොර ඇරියා.
“නෑ… නෑ… ඉස්සරහින් නගින්න“
ඉටිකිරිස් අක්කා එහෙම කිව්වම මෑන් ටිකක් බය වෙලා වගේ අක්කා දිහා බලන් හිටියා.
“බය නැතුව ඉස්සරහින් නගින්න. මං ඔයාව ගිලින්නෑ“
මෙහෙම නාරිලතාවක් ගිල්ලත් කමක් නෑ කියලා කියන්න හිතුණට පොර කට පියාගෙන කාර් එකට නැග්ගා. ඉටිකිරිස් අක්කා කතාවක් බහක් නැතුව එලවනවා. කෙට්ටු මල්ලි දාහක් දේවල් කල්පනා කරනවා. මෙච්චර කල් නොලැබිච්ච ස්ත්රී සැපය අදනං හම්බෙයි කියලමයි මල්ලිට හිතෙන්නෙ. මිනිහා මේ වෙනකොට ඇස්වලින් ඉටිකිරිස් අක්කගෙ මැෂමන්ට් අරගෙනත් ඉවරයි. කටේ කෙළත් හිඳිලා. මිනිහගේ මෙව්වා එකත් නිකං මෙව්වා වේගෙන එනවා වගේ.
සිරා ගෙයක් ගාව කාර් එක නතර වුණා. අක්කා කෙට්ටු මල්ලිව ගේ ඇතුළට එක්කන් ගිහිං ටවල් එකක් දීලා “මල්ලි වොෂ් එකක් දාගෙන ටවල් එක ඇඳගෙන එන්න“ කියලා කිව්වා. දැන්නං වැඩේ හොඳටම ෂුවර්. මෑන් ඩබල් එකේම බාත් රූම් එකට ගිහිං වොෂක් දාං ටවල් එකත් ඇඳං ආවා.
“මල්ලි ටිකක් ඉඳගෙන ඉන්නකෝ… මමත් වොෂ් එකක් දාං එන්නං“ කියලා බාත් රූම් එකට ගිය අක්කත් ටවල් එක පිටින් සාලෙට ඇවිත් පොරට ඉස්සරහා පුටුවෙන් ඉඳගත්තා. කෙට්ටු මල්ලි දැන් හිතින් හුඟක් දේවල් කරලා ඉවරයි. මල්ලි දැන් හිත හිත ඉන්නෙ මේ ටවල් දෙක ගැලවෙන්නෙ කොයි වෙලාවෙද කියලා. ඉටිකිරිස් අක්කා කෙට්ටු මල්ලි දිහා බලලා හිනා වෙලා ගේ ඇතුළට ඇහෙන්න හයියෙන් කතා කළා.
“මැගී… මැගී… ඔය බේබිලා දෙන්නව එක්කන් එන්න“
ඒක ඇහුණම කෙට්ටු මල්ලිව ටිකක් මඤ්ඤං වුණා. මෙච්චර දුරට වැඩේ සෙට් වෙලා තියෙද්දි මෙතෙන්ට බේබිලා දෙන්නෙක් මොකටද? එතකොටම ටිකක් වයසක ගෑණු කෙනෙක් පොඩි ගෑණු ළමයෙකුයි පිරිමි ළමයෙකුයි එක්කන් ආවා. ඉටිකිරිස් අක්කා ළමයි දෙන්නව ළඟට අරන් කියනවා….
“ බලන්න… මේ අංකල්ගෙ කෙට්ටු. ඕගොල්ලොත් හැමදාම මං දෙන කෑම ඔක්කොම කෑවෙ නැත්තං එහෙම… දැන් මේ අපතයාට වෙලා තියෙන දේ තමයි කවදා හරි ඔය දෙන්නටත් වෙන්නෙ“ කිව්වලු...