කෙට්ටු ඩයල් එහෙකට වලියක් සෙට් උනොත් ?

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,534
    49,910
    113
    සේදවත්ත
    පලවෙනි එක කන්න වෙනවා ඕවර් වේට් බුවෙක් සෙට් උනාම හැබැයි කෙට්ටු එකා පොඩ්ඩක් අරුව මහන්සි කරන්න එහෙට මෙහෙට පනින්න ඕනේ අනික මර්මස්ථාන වල පහර දීම ඇට දෙක , වකුගඩු , යටි බඩ , නහය , උගුර, හක්ක , ඇස් . මේවට වැරෙන් පහරක් වැදුනම ඕන ජගතෙක් අඩපන වෙනවා දෙන එක දියන් මුලු ඇගේම ඇඩ්‍රනලීන් එකතු කරලා ඒක බය උන ගමන් ඇගට ඉබේම එනවා. අනික ලගපාත උබට ආයුධයක් ලෙස ගතහැකි ඕනෑම එක්කින් වැරෙන් පහරදී පලා යාම හෝ දිගින් දිගටම සතුරා අඩපනවන තෙක් පහරදීම
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,786
    113
    Mind Palace
    කෙට්ටු ඩයල් එක්ක ගහගන්න යන්න හොද නෑ මේ ලගදි මාත් එක්ක ඉන්න එකෙක්ට ආතල් එකට ගැහුවා ඌ ගාඩ් කරා අම්මටෞඩු මගෙ අත ඉදිමුනා අරූගෙ ඇට කටුවල වැදිලා
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,785
    9,158
    113
    මං ගහගෙන තියෙන, ගහගන්නව දැකල තියෙන උන්ගෙන් කෙට්ටු උන් තමයි ගේම අත නොඅරිනම සෙට් එක. නස්පුක් වෙන්න කෑවත් ඇටයො වගෙ අල්ලගෙන ඉන්නව. අපර් බොඩි ස්ට්‍රෙන්ත් නැති උනාට උන්ව අවතක්සේරු කරන්න එපා.
     

    BillionaireBoys

    Well-known member
  • Oct 10, 2019
    875
    1,000
    93
    Man danna kettu miti dial innawa fatta weddo ona ekek ekka gahagannawa hebei gal, mul, polu okkoma use karanawa hapalat kanawa :lol:

    Mamat size ne gahagenath ne wali set welath ne, mala pennat iwasan innawa minissunta batata neme gahagattata passe wena ewata baye, kohomada dawas 14k demmaka, polici gane prison gane usawi gane balu wenawata wada waliyakin shape wena eka labai, mage yaluwo godak unta nadu 1k hair tynwa at any given time,

    Decent widihata jiwat wennanam iwasan inna wenawa ban, gahaganna eka neme amaru wede owata petalenne netuwa innai amaru,
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ගහගන්න කතා කරන්නෙ හරියට පරිනාමය වෙලා නැති වානර ගති තියන එවුන්. උඹට තව එකෙක්ට ගුටි අනින්න හිතෙනවනම් උඹත් පරිනාමය වෙලා නෑ.

    ගහගන්න ඕනෙමනම් ජෙනුයින් පොරක් එක්ක ගහගනින්. ගුටිකාලා ගෙදර ගිහින් ගමේ එවුන්වයි, අරුනුයි මුනුයි එක්කන් එන පොන්නයන්ව පුලුවන් තරම් මග ඇරපන්
     
    • Like
    Reactions: Chuti Kolla

    Gihanjs

    Well-known member
  • Aug 8, 2021
    647
    1,179
    93
    29
    Bump
    මාත් කෙට්ටු එකෙක්
    ඉස්කෝලෙ කාලෙන් පස්සෙ වලි දාගෙනම නෑ.
    ඒකට අපෙ අප්පච්චි මාර වලි කාරයා.
    පොරත් ඔය මෝඩ වැඩ නැවැත්තුවෙ පිහිපාරක් කාලා ICU එහෙම ගියාට පස්සෙ තමා
     
    • Like
    Reactions: Chuti Kolla

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    මේ ළඟදි 10, 15 දෙනෙක් ඇවිත් මට ගැහුවා. 3 දෙනෙක්ගේ අතේ පොලු එකෙක්ගේ අතේ හෙල්මට් එක.මට අත උස්සගන්නවත් විදිහක් තිබ්බේ නෑ. එක පැත්තකට හැරෙද්දි අනිත් පැත්තෙන් පාරවල් වදිනවා. පුදුමේ කියන්නේ හෙල්මට් එකෙන් වැදිච්ච එක පාරක් ඇරෙන්න අනිත් පාරවල් එහෙම ලොකුවට දැනුනේ නෑ. එදා තමයි මන් මගේ ෆිට්නස් එක ගැන හරියට දැන ගත්තේ.ගහන්න ඕනේ එකෙක්ට පුලුවන් හැබයි ගුටි කන්න පුලුවන් ලෙඩ නැති හරි හමන් ෆිට්නස් තියෙන එකෙක්ට විතරයි.

    ඒ වෙලාවේ මගේ අතට බෝතලයක් අහු වුණා ඒකෙන් කෙලලා ඇරියානම් එකෙක් එතනමයි. හැබැයි මන් ගුටි කකාම බෝතලේ අත ඇරියා.මට තියෙන්නේ අන්න ඒ ප්‍රශ්නේ. කෙනෙක්ට ගහන්න බයයි. මට ඒ වෙලාවට ගොඩක් දෙවල් මතක් වෙනවා. ගැහුවාට පස්සෙ මගේ අතින් එකෙක් මැරුනොත් මාව පොලිසියෙන් අරන් යන හැටි වැලිකඩ දුක් විඳින හැටි. මුලු ජීවිතෙම විනාශ වෙන හැටි.අම්මා දුක් වෙන හැටි. කොච්චර කේන්තියක් තිබ්බත් මාව ඒ දෙවල් වලින් පාලනය වෙනවා.

    ඔය වලි වලට චන්ඩි වගේ එන උන්ගේ චන්ඩිකම තියෙන්නේ දේවල් දෙකක් මත.

    1. පිරිසක් සිටීම. උන් තනියම යන්නේ නෑ කවදාවත් තව එකෙක් හරි සෙට් වුනොත් තමයි උන් වලියකට යන්නේ. තනියම යන්න බයයි
    2. උන්ට නැති වෙන්න දෙයක් නෑ. සමාජයේ පිළිගැනීමක් නෑ. හිරගෙවල් වල ඉඳල පුරුදුයි.අනාගත බලපොරොත්තු වගේ දෙවල් නෑ.

    උඹ අහපු ප්‍රශ්නෙටනම් මට උත්තරයක් නෑ. ලංකාව වගේ වනචාරි රටක ඉන්නවානම් ඔව්වාට පුරුදු වෙලා ඉන්න වෙනවා. අහක යන වැදගත් මිනිහෙක් හරි වලියකට ඇදලා අරන් තමන්ගේ තත්වෙට වට්ටගන්න බලන්නේ. කුප්පකම් ජාවාරම් කරලා හම්බ කරන මිනිස්සුන්ට (කෝටිපතියො වුනත්) වැදගත් විදිහට හොඳ පිරිසිදු බිස්නස් එකක් හරි ජොබ් එකක් හරි කරගෙන ලස්සනට ජීවත් වෙන මිනිස්සු පේන්න බෑ. උන්ට කොච්චර සල්ලි තිබ්බත් උන්ගේ හිත වධ දෙනවා අර වගේ මිනිස්සු දකිද්දි. එහෙම මිනිස්සු බලන්නේ අනිත් මිනිස්සුන්වත් තමන්ගේ ගොඩට ඇදලා දාගන්න.

    හැබැයි මන් ඒ සිද්ධියෙන් පස්සේ එක දෙයක් හිතාගත්තා. පුලුවන් තරම් ආත්මාර්ථකාමි වෙන්න. ගම, රට, සමාජය ගැන ඕනේවට වඩා හිතන්නේ නෑ කියලා. මොකද එහෙම හිතන එකාට මේ වගේ රටක ආයුෂ අඩුයි