චන්දන මෙන්ඩිස් මහත්තයගෙ පොත් ටික හොඳයි. තව රතුරෝස මල, සුදු ගෝනා සුදු වැද්දා (කෙටිකතා නෙවෙයි.), මැකී ගිය දඩමං (ආර්.එල්.ස්පිට්ල් මමත්තයගෙ පරිවර්තන ), රොබින් හුඩ් (රිචඩ් කාපෙන්ටර් මහත්තයගෙ පොත් 4 පරිවර්තන පැක් එකම ), තව ලසිත් රවීන් උමගිලිය ලෝයර් ගෙ ඩ්රැකියුලා කතා සෙට් එක, (එයාගෙ අනිත් වත් හොඳයි ) තව තියෙනව මතක නෑ.
වෙනස්ම ආරක් ගුරු ගීතය, ජමීලා (චිංගීස් ආයිත්තමාතව් පරිවර්තන ) විදියට ලියපු ඒ වාගෙ තවත් පොත් තියෙනවද කියලා බැලුවා හම්බුන්නෑ...දන්න කෙනෙක් ඉන්නවනං කියන්න...මැවිලා පෙනෙනවා අවට පරිසරය පොත කියවද්දි...අතීත කිර්ගීසියානු වටපිටාව...
තව මම හෙව්වා සීනා, හර්කියුලීස් පොත් වල සිංහල පරිවර්තන...හම්බුන්නෑ...එහෙම ඒව තියෙනවද දන්නෙත් නෑ...(පොඩි එවුන් කියවන පිටු 40-50 පොත් නෙවෙයි.ඔරිජිනල් පොත්වල සිංහල පරිවර්තන විදියට තියෙන ලොකු පොත් ) දන්න අය ඉන්නවනං කියන්න...