එකල භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ අලව් නුවර අග්ගාලව නම් චෛත්‍ය ස්ථානයේ. 

දිනක් අලව් නුවර මිනිස්සු අප භාග්‍යවතුන් වහන්සේ එහි වැඩම කළ වේලෙහි දානයක් පූජා කළා. එදා උන්වහන්සේ භුක්තානුමෝදනා බණ හැටියට වදාළේ මරණානුස්සතිය වැඩීම ගැනයි. උන්වහන්සේ මෙහෙම වදාළා.

“ගෘහපතිවරුනි... 

"මේ අයුරින් මරණය ගැන සිහිකරන්න..
මාගේ ජීවිතය අස්ථිර දෙයකි.. එහෙත් මරණය ස්ථීර දෙයකි.. අනිවාර්යයෙන්ම මම මරණයට යටත් විය යුතු වෙමි.. මාගේ ජීවිතය මරණයෙ-න් අවසන් වේ.. ජීවිතය අනියතයි.. මරණය නියතයි.."
"ගෘහපතිවරුනි.. මරණසතිය වැඩිය යුත්තේ ඔය විදිහටයි.."
"ගෘහපතිවරුනි... 

මරණය ගැන සිහි නොකළ උදවිය ඉන්නවා.. ඔවුන් මරණයට මුහුණ දෙන්නේ භයානක විෂඝෝර සර්පයෙකු දැකපු කෙනෙක් වගෙයි.. ඔහුගේ අතේ දඬු මුගුරක් නෑ.. ඔහු භීතියට පත්වෙනවා.. බිරාන්ත වෙනවා.. කෑගහනවා.. ඒ විදිහටමයි මරණසතිය නොවැඩූ කෙනා මරණය ඉදිරියේ හැසිරෙන්නේ.."
"නමුත් හොඳට මරණසතිය වැඩුවොත් ඈතදීම භයානක සර්පයාව දණ්ඩෙන් රැගෙන ඈතට වීසි කරනවා වගේ මරණය අභියස කිසි බියක් තැති ගැනීමක් නැතිව මුහුණ දෙනවා.. ඒ නිසා මරණසතිය වැඩිය යුතුයි..”
.
උන්වහන්සේ වදාළ මේ උතුම් අනුශාසනාවට හැමෝම ආදරයෙන් සවන් දුන්නා. නමුත් බණ අහලා ඔවුන් සාමාන්‍ය විදිහට වැඩ කටයුතුවල යෙදුණා. භාග්‍යවතුන් වහන්සේත් පිළිවෙලින් චාරිකාවේ වඩින්න පිටත් වුණා.

.
එදා දහසය හැවිරිදි පේසකාර දියණියක් ඒ බණ අහන්න ඇවිත් හිටියා. ඇය රෙදි වියන පවුලක සිටිය තරුණ දුවක්. ඈ මෙහෙම හිතුවා.

✳"️ඇත්තෙන්ම බුදුරජාණන් වහන්සේගේ වචනය නම් හරිම අසිරිමත්.. එහෙමනම් මරණසතිය වැඩීම මාත් කරන්න ඕන.."
.
ඉතින් එසේ හිතලා ඒ යොවුන් දියණිය දිනපතා නොකඩවාම මරණය මෙනෙහි කළා. දිවා රාත්‍රී මෙනෙහි කළා. දැන් ඈ තුන් අවුරුද්දක් තිස්සේ මරණසතිය වඩනවා.

දිනක් භාග්‍යවතුන් වහන්සේ හිමිදිරි උදෑසන ලෝකය දෙස බැලුවා. මෙම තරුණ දියණිය මරණසතිය වැඩීම නිසා ප්‍රඥාව ද දියුණු වී ඇති බව පෙනුණා. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ යළිත් චාරිකාව පිණිස සංඝයා පිරිවරා වඩිද්දී අලව් නුවර අග්ගාලව චෛත්‍යස්ථානයටත් වැඩියා.

භාග්‍යවතුන් වහන්සේගේ වැඩමවීම අසා වඩාත්ම සතුටු වුණේ අර දියණියයි. ඇයත් බණ අහන්න යන්න හරි ආසාවෙන් ඉන්නේ. එතකොට පියා මෙහෙම කිව්වා.

“දුවේ.. වෙන කෙනෙකුගේ සළුවක් වියන්ට පටන් අරගෙනයි තියෙන්නේ. තව වියතක් පමණ ඉතිරි වෙලත් තියෙනවා. අද කොහොම හරි ඉවර කරන්න ඕන. ඉක්මනින්ම ගිහින් නූල් ටික ඔතාගෙන එන්න..”
එතකොට ඈ කල්පනා කළා.

"අනේ.. මං බණ අහන්න යන්න ආසාවෙන් හිටියේ.. එහෙත් පියාණන් මට නූල් ඔතන්න කියනවා.. මං දැන් මොකද කරන්නේ ? කමක් නෑ දැන් නූල් ඔතනවා.. පස්සෙ බණ අහන්න යනවා.."
..කියලා ඈ නූල් ඔතන්න පටන් ගත්තා. එදා භාග්‍යවතුන් වහන්සේ දන් වළඳා අවසානයේ අනුමෝදනා බණ දේශනා කරන්නට සූදානම් වුණා. උන්වහන්සේ වැඩම කළේ අර දියණිය වෙනුවෙන්මයි. නමුත් ඈ තාම බණ අහන්ට ඇවිත් නෑ.

පේසකාර දියණියත් ඉක්මනින්ම නූල් ඔතා එන ගමන් ධර්ම දේශනාව අසනු කැමැත්තෙන් පිරිස කෙළවර වාඩි වුණා.

බුදුරජාණන් වහන්සේ ඈ දෙස හොඳින් බැලුවා. එතකොට ඈ නූල් පන්දුව ඇති පැස පසෙකින් තබා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. මෙතෙක් වේලා නිහඬව වැඩසිටි භාග්‍යවතුන් වහන්සේ ඇය අමතා වදාළා.

“කුමාරිකාවෙනි.. කොහේ ඉඳලද එන්නේ ?”
“ස්වාමීනී.. ඒ ගැන මං දන්නෙ නෑ..”
“කොහේද යන්නේ ?”
“ස්වාමීනී.. ඒ ගැනත් මං දන්නෙ නෑ..”
“දන්නෙම නැද්ද ?”
“ස්වාමීනී.. දන්නවා..”
“දන්නවා නේද ?”
“ස්වාමීනී.. දන්නෙ නෑ..”
.
භාග්‍යවතුන් වහන්සේ මේ ප්‍රශ්න හතර ඇසූ විට ඇය පිළිතුරු දුන්න ආකාරයට මහජනයා කිපුණා.

“හප්පේ..! මේං බලාපල්ලකො වැඩක්. මේ පේසකාර කෙල්ල සම්මා සම්බුදු රජුන් සමඟ හිතු හිතූ අයුරින් කතාබස් කොරන හැටි.. කොහේ ඉඳන්ද ආවේ කියලා අසද්දි පේසකාර ගෙදර ඉඳලා ආව බව කියන්ට එපායැ.. කොහෙද යන්නේ කියලා අසද්දි පේසකාර ශාලාවට යන බව කියන්නට එපායැ..
මොනවද මේකි දොඩන්නේ ?”
“පින්වත්නි.. 

"කලබල වෙන්න එපා.. ඇය මගේ ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ අවබෝධයෙන්මයි.. දැන් අපි ඒ ගැන ඇගෙන් අහමු.."
"කුමාරිකාවෙනි.. කොහේ ඉඳලද ආවෙ කියා ඇසූ විට දන්නෙ නැහැ කිව්වෙ ඇයි ?”
“ස්වාමීනී.. භාග්‍යවතුන් වහන්ස !
මං පේසකාර නිවසින් පැමිණි වග නුඹවහන්සේ දන්නා සේක. නුඹවහන්සේ ඇසුවේ කොයි ලෝකෙන් චුත වෙලා ඇවිදින් මේ මනුස්ස ලෝකයේ උපන්නා ද කියලයි. ඒ ගැන නොදන්නා නිසයි දන්නෙ නෑ කිව්වේ..”
“සාදු ! සාදු ! කුමාරිකාවෙනි.. මා ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දුන් අයුරු හරි අගෙයි.. එතකොට කොහෙද යන්නේ කියා ඇසූ විට දන්නෙ නැහැ කිව්වේ ඇයි ?”
“ස්වාමීනී.. මං මේ නූල් අරගෙන පේසකාර ශාලාවට යන බව භාග්‍යවතුන් වහන්සේ දන්නා සේක.. මෙයින් චුත වෙලා ආයෙ උපදින්නේ කොහේද කියලයි ඇහුවේ.. ඒ ගැන මං දන්නෙ නැති නිසයි දන්නෙ නෑ කිව්වේ..”
ඒ වතාවෙත් භාග්‍යවතුන් වහන්සේ සාදුකාර දුන්නා.

“එහෙමනම් කුමාරිකාවෙනි.. දන්නෙ නැද්ද කියලා ඇහුවාම දන්නවා කිව්වේ ඇයි ?”
“ස්වාමීනී.. මැරෙන්ට සිදුවෙන බව දන්නෙ නැද්ද කියලයි මගෙන් ඇහුවේ. මං මරණසතිය වඩමින් ඉන්නේ.. ඒකාන්තයෙන්ම මරණයට පත්වෙන බව දන්නවා ස්වාමීනී.. ඒ නිසයි මං දන්නවා කිව්වේ..”
තුන්වෙනි වතාවෙත් භාග්‍යවතුන් වහන්සේ සාදුකාර දුන්නා.

“එතකොට කුමාරිකාවෙනි දන්නවා නේද කියලා ඇහුවාම දන්නෙ නෑ කිව්වේ ඇයි ?”
“ස්වාමීනී.. මං මැරෙන බව දන්නවා. නමුත් රාත්‍රියක ද දවාලක ද පාන්දරක ද මං මැරෙන්නේ කියලා දන්නෙ නෑ. ඒ නිසයි ස්වාමීනී.. මං දන්නෙ නෑ කිව්වේ..”
සිව්වෙනි වතාවටත් භාග්‍යවතුන් වහන්සේ සාදුකාර දුන්නා.

“ගෘහපතිවරුනි.. 

දැන් බලන්න මා ඇසූ ප්‍රශ්නයට ඈ ඉතාම අගේට පිළිතුරු දුන්නා. මේ කිසිවක් නොදැන ඔබ කළේ නිකං කෑකොස්සං ගැසූ එක විතරයි. බොහෝ දෙනාට ප්‍රඥා ඇස නෑ. අන්ධකාරයේ ඉන්නේ. යමෙකුට ප්‍රඥා ඇස තියෙනවා ද, ඒ අයට තමයි සත්‍යය පෙනෙන්නේ..”
මෙසේ වදාළ භාග්‍යවතුන් වහන්සේ ඉතා මිහිරි සරින් මෙම ගාථාව වදාළා.

.

අන්ධභූතෝ අයං ලෝකෝ
තනුකෙත්ථ විපස්සති
සකුන්තෝ ජාලමුත්තෝ’ව
අප්පෝ සග්ගාය ගච්ඡති
මේ ලෝකයේ බොහො දෙන
නුවණැසින් තොර අන්ධයන් ලෙස
සැබෑ තතු නොදැනයි වසන්නේ
ටික දෙනයි විදසුන් වඩන්නේ
දැලෙන් ගැලවී ඉගිලිලා යන
කුරුල්ලන් සේ ටික දෙනයි
මෙයින් මතු සුගතියට යන්නේ

.
ඒ දේශනාව අවසන අර ඇය සෝවාන් ඵලයට පත් වුණා. ඉතාම සතුටට පත් වුණා. හනික නූල් රැගෙන පියා ළඟට ගියා. ඇගේ පියාට නූල් කටින යන්ත්‍රය ළඟ වාඩිවී සිටිය දී ම නින්ද ගිහින් තිබුණේ. ඇයත් ඒ ගැන නොසිතා නූල් පන්දුව ළං කළා. එවිට නූල් පන්දුවේ කෙළවර ඈට ඇනුනා. කෑගසමින් වැටුණා. කලබලෙන් අවදි වූ පියා පෙර ගත්තු විදිහටම නූල් පන්දුව ඇද්දා. ලීයේ කෙළවර ගොස් ඇයගේ පපුවේ වැදුණා. ඈ එතනම මිය ගියා. තුසිත දෙව්ලොව උපන්නා.

ඒ පියාට මෙය දරාගත නොහැකි ශෝකයක් වුණා. තමා අතින් දියණිය මියගිය බව කිය කියා හඬා වැටුණා. ඔහු බුදුරජාණන් වහන්සේ සොයාගෙන ගියා. තම ශෝකය නිවාදෙන්න කියා ඉල්ලා සිටියා. ඔහු බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වුණා. සුළු කලෙකින් අරහත්වයට පත්වුණා.

.
ඒ යුගයේ උපන්න අය හරි පින්වන්තයි. ප්‍රශ්න වලටත්, නොයෙක් කරදර කම්කටොළු වලටත් මුහුණ දුන්නා. අනපේක්ෂිත දුක් විපත් වලටත් මුහුණ දුන්නා. නමුත් ඒ ආත්මෙන් එය අවසන් වුණා. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය නිසා චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්ට ලැබුණා. සසරෙන් එතෙර වෙන්ට ලැබුණා. මොනතරම් වාසනාවක් ද !

කෙනෙක් තුළ නුවණ වැඩෙන්නේ තමන්ටවත් නොදැනීමයි. ධර්මය පුරුදු කිරීමේ වාසිය ඒකයි. අද වුණත් ටික ටික නමුත් මරණසතිය වැනි භාවනාවක් පුරුදු කළොත් කලක් යනවිට ඒ නිසා ඇතිවෙන යහපත තේරුම් ගන්න පුළුවන්.

•═════════════════════••