කෙප්ලර් 22 බී නොහොත් Kepler 22b (අළුත් ලෝකය)
2011-12-05 අපිට සුවිශේෂී දවසක්, ඒ ඇයි කියල සමර අයනම් දන්නේ නැතුවත් ඇති. පෘතුවිය වගේම වාසයට උචිත තවත් ග්‍රහවස්තුවක් සොයා ගත බව එක්සත් ජනපදයේ නාසා ආයතනයෙන් නිල වශයෙන්
නිවේදනය කිරීම තමි එකට හේතුව. කෙප්ලර් අභ්‍යවකාශ දුරේක්ෂයේ මූලික උදව්වෙන් සොයා ගත්ත මෙම ග්‍රහ වස්තුව පෘතුවියට වඩා ආලෝක වර්ෂ 600 ක් විතර දුරින් පිහිටා ඇති බව තමයි දැනට කියවෙන්නේ.
මේ සොයාගැනීම කරන්න ස්පිට්සර් අභ්‍යවකාශ දුරේක්ෂය වගේම පොලොව මත ස්ථාපිත දුරේක්ෂත් උදවු වෙලා තියෙනවා. කෙප්ලර් 22 මුලින්ම නිරීක්ෂණයට ලක් වෙලා තියෙන්නේ 2009 වර්ෂයේදී. ඊටපස්සේ 2010 දීත්
2011 දීත් කරන ලද නිරීක්ෂණ ගණනාවකින් පස්සේ තමි නාසා ආයතයනය මේ බව තහවුරු කලේ. පෘතුවියෙහි අරය මෙන් 2.4 ගුණයක් තරම් අරයක් ඇති මෙහි අන්තර්ගතය ගැන වැඩිදුර විස්තර මෙතෙක් අනාවරණය වී නැත.
ඒ වගේම කෙප්ලර් 22 පෘතුවිය අපි අපේ සූර්යාට තිබෙන දුරට වඩා 15% ක පමණ අඩු දුරකින් පිහිටා ඇති බවත් එහි මතුපිට සූර්ය ආලෝකයේ ප්‍රමාණය අපේ පෘතුවියට ලැබෙන ආලෝක ප්‍රමාණය 75% ක ප්‍රතිශතයක් බවත් වාර්තා වෙනවා.
දැනට විශ්වාශ කරන අන්දමට මෙහි මතුපිට උෂ්ණත්වය සෙල්සියස් 22 ක් පමණ වන අතර මෙය පෘතුවිය මෙන් 2.4 ගුණයකින් විශාල වන බවද කියවෙනවා.
ඔයාලගේ අදහස් කියල යන්න.. කැමති නම් rep++ දෙන්න..