කෙරුවාව

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,314
    113
    (ටිකක් පරණ ආටිකල් එකක්)

    පොලිස් ලොක්කෙකුට නිල් කොළ ටිකක් ලස්සන ගැහැනියක් විස්කි බෝතලයක් දී නීතිය තරමක් එහා මෙහා කළ හැකිය. රිවිරම හෙළිදරව් කළ කොටකෙතන (කහවත්ත) අම්මලා දුවලා මැරුම් කෑවේ ඒ විදියට පොලිසිය දැන දැනමය.

    එහෙත් 18 සංශෝධනයෙන් පොලිස් කොමිසම නැති කළාට පීඩාකාරි ගිනි අවි පනත පොදු දේපළ පනත නැති කළේ අහෝසි කළේ නැත.

    ඇඹිලිපිටියේ එම්.කේ. අමිලගේ වාසියට පීඩාකාරි ගිනි අවි පනත අකි‍්‍රය විය. ඇඹිලිපිටියේ ප‍්‍රාදේශීය සභා සභාපති එම්.කේ. අමිල පනාමුරේදී කළ හපන්කම රටම දනී. පොලිස්කාරයින්ට මුහුණ සමතලා වෙන්ට ගැසුවේ අතින් නොවේ. ටී 56කිනි. එසේ කොට යන්නට ගියේ ඒ ස්වයංකී‍්‍රය ගිනි අවියෙන් අහසට වෙඩි තබා ප‍්‍රදේශයත් බිය වද්දලාය.