කෙල්ලට ආදරේ ප්‍රකාශ කරන්න!!!

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    කෙල්ලට ආදරේ ප්‍රකාශ කරන්න!!!

    ලැජ්ජාවට බයට හැදුණු කොල්ලෙක්ට තමන්ගේ කෙල්ලට ආදරේ ප්‍රකාශ කරන්න හරියන විධි 7 ක්


    දැන් ඔය තමන්ගෙ ආදරේ ප්‍රකාශ කරගන්න බැරුව දුක් විඳින පුතාලා ඉන්නවනේ. ඕක ඉතින් කිහිපාකාරයි. එක්කෝ දැන් දෙන්නම මුණගැහෙනවා, කතාබස් කරනවා, මල් කඩනවා ඔය ඔක්කොම වෙනවා. දෙන්නගෙම හිතේ මෙව්වා එකක් තියෙනවා කියලත් දෙන්නට දෙන්නා දන්නවා. හැබැයි කොල්ලට මේක කියාගන්න බැරුව දුක් විඳින්නේ. කියාගන්න බයයි. එතකොට වෙන්න වෙන්න පුලුවන් තව සීන් එකක් මෙහෙමයි. කෙල්ලෙක් ඉන්නවා. කෙල්ලට කොල්ලා ලව්. හැබැයි කෙල්ල හාන්කවිසියක් දන්නෙ නෑ එහෙම එකක් ගැන. දැන් කොල්ලට තමන්ගේ ආදරේ ප්‍රකාශ කරගන්න ඕන, හැබැයි බයයි. ඉතින් ඔන්න ඔය වගේ උභ‍තෝකෝටික ගැටළු වල හිරවෙලා ඉන්න පුතාලා වෙනුවෙන්ම තමයි අපි මේක ලියන්නේ. කියෝලා හිතට අරගෙන ඉන්පස්සේ ගැලපෙන ක්‍රමේකට තමන්ගෙ ආදරේ ප්‍රකාශ කරන්ඩෝනේ එහෙනං!



    1. සෙනෙහෙ කොළයක් යවමුද?


    මෙන්න කරනවා නං ක්ලැසික්ම වැඩේ. ඉස්සර ලව් වල ලව් ලෙටර්ස් කියන්නේ සෑහෙන්න වැදගත් අංගයක්. ප්‍රධානම සන්නිවේදන මාධ්‍යයක්. හැබැයි දැන් වෙනකොට ඒක ක්ලැසික් දෙයක් වෙලා තියෙන්නේ. ඉතින් ඇයි හිත හිතා ඉන්නේ. කෙල්ලට ආදරේ ප්‍රකාශ කරලා අදම ලියන්න ලියුමක්. වෙන අයට දීලා ලියවන්න ඕන නෑ, හරබර වදන් දාන්න දඟලන්න ඕනෙත් නෑ. ගොන් නොවුණහම ඇති. තමන්ට අවංකවම දැනෙන දේ කියලා ලියන්න ලියුමක්.



    2. ක්ලැසික් විදියට ප්‍රොපෝස් කලොත්?


    මේක හරියන්නේ ඉතින් “දුරින් හිඳ ඔබ දෙස බලන්නම්” ටයිප් එකේ ඒක පාර්ශ්වික ලව් වලට නෙවෙයි. දෙන්නත් එක්ක පොඩි මෙව්වා එකක් හිතේ තියාගෙන, කියාගන්න බැරුව ඉන්න කපල් වලට තමයි මේ වැඩේ හරියන්නේ. මුලින්ම ‍තෝරගන්න හොඳ තැනක්. ඒ කියන්නේ සෙනඟ ඉන්න තැනක් වුනත්, නැති තැනක් වුනත් කමක් නෑ. දැන් කෙලින්ම කෙල්ල ඉස්සරහ පිට දණ ගහලා, මුද්දක් එලියට අරන් කියන්න “මම ඔයාට ආදරම් නංගි, ඔයත් මට ආදරම්ද?” කියලා. හැබැයි පොඩි ප්‍රස්නයක් තියෙනවා. ආදරේ කියාගන්න බැරුව ලතවෙන ලැජ්ජා බයට හැදුණු කොල්ලෙක්ට මෙහෙම දෙයක් කරන්න පුලුවන් වෙයිද? බෑයි කියල දෙයක් නෑ බ්‍රෝ! තත්පර කීපයකට පුරුෂ දහිරිය උපද්දව ගන්න. කෙල්ලට ප්‍රොපෝස් කරන්න. ඉන් පස්සේ ලැජ්ජාවට චූ බරක් වගේ හැදුණොත් ඒක හෙමිහිට ගොඩදාගම්මු!



    3. චිත්‍රයක්ම ඇඳලා දෙමු


    කොළඹ තියෙන එක එක ආට් ඉවෙන්ට් තියෙනවනේ. ඒ කියන්නේ බුක් ෆෙයාර්, හිපි මාකට් වගේ තැන්වල ඉන්නවා හිටිවන චිත්‍ර අඳින දක්ෂ චිත්‍ර ශිල්පියෝ. සමහර වෙලාවට අර ග්‍රීන් පාත් එකේ චිත්‍ර විකුණන තැනත් ඉන්නවා. ඒ අය යම් මුදලක් අය කරලා ඔයාගේ චිත්‍රයක් ඇඳලා දෙනවා. ඉතින් ඒ වගේ කෙනෙක් ඉන්න තැනක් බලලා, එයාව කලින් දැනුවත් කරලා යන්න ගෑණු ළමයත් එක්ක ඒ පැත්තේ ඇවිදින්න. ඔන්න ඔයා කියනවා දෙන්නගේ චිත්‍රයක් අඳිමු කියලා. එතකොට චිත්‍ර අඳින එක්කෙනා ඒකට කැමති වෙලා අඳිනවා. දැන් ඇඳල ඉවර වෙලා චිත්‍රේ දුන්නහම ඒකේ තියෙන්නේ ඔයා දණගහලා ගෑල්ලමයට ප්‍රොපෝස් කරනවා. ඕන නං ඩයලොග් බොක්ස් එකකුත් උඩින් තියෙයි “විල් යූ මැරි මී” කියල හරි “අයි ලව් යූ” කියල හරි. ඕන නං ගෑල්ලමයගේ රියැක්ෂන් එක බලලා ඒ වෙලේම දණ ගහලා මුද්ද දෙන්නත් පුලුවන්.




    4. රොමෑන්ටික් ඩිනර් එකක්


    මේකත් මරු වැඩක් කරන්න පුලුවන් නම්. කොළඹ ඕන තරම් ෆයින් ඩයිනින් රෙස්‍ටුරන්ට් තියෙනවා කැන්ඩ්ල් ලයිට් ඩිනර් එකක් වුනත් ඇරේන්ජ් කරගන්න පුලුවන්. මෙන්න මේ වගේ තැනකට එක්කගෙන යන්න ගෑල්ලමයව ඩිනර් එකට. කැන්ඩ්ල් ලයිට්ස්, රස කෑම, රොමෑන්ටික් මියුසික් එක්ක ගෑල්ලමයා හඳට වුනත් යන්න එන මූඩ් එකට ආවට පස්සේ ඕන්න තමන්ගේ අදහස කියන්නයි තියෙන්නේ. කෙල්ල ෂුවර් හා කියනවා.



    5. රේඩියෝ එකේ අක්කිට කියමුද?


    මේකත් ඉතින් බොහොම පරණ ක්ලැසික් සීන් එකක් තමයි. හැබැයි පොඩි පරහක් තියෙනවා. දැන් කාලේ රේඩියෝ චැනල් හැටහුටාමාරකට තව දෙකක් වැඩියෙන් තියෙනවනේ. ඉතින් කොහොමද කෙල්ල අහන්නෙත් අහවල් එෆ් එම් එක මයි කියලා ෂුවර් කරගන්නේ? කොහොම වුනත් කමක් නෑ. වැඩේ කෙරෙන්නනේ ඕන. මේකට ඔය දවල් වරුවේ යන දඩිබිඩි ප්‍රෝගෑම් නං හරියන එකක් නෑ. ‍තෝරගන්න ඩීසන්ට් චැනල් එකක ඔය රෑ වෙලාවට යන බොහොම රොමෑන්ටික් සිංදු ප්ලේ කරන, නිවීහැනහිල්ලේ අහන්න පුලුවන් ප්‍රෝග්‍රෑම් එකක්. දැන් වැඩේ සෙට් කරන්න හොට්ලයින් එකට කතා කරන්න කලින්, චැනල් එකේ ටෙලිෆෝන් නම්බරේට කතා කරලා තත්වේ පැහැදිලි කරලා දෙන්න. එතකොට ඒ අයගෙනුත් සපෝට් එක එනවනේ. ආන්න ඉන් පස්සේ කරන්න තියෙන්නේ කෙල්ලට කතා කරලා කියන එක මේ ප්‍රෝග්‍රෑම් එක අහන්න කියලා. ඉන් පස්සේ ආදරේ ප්‍රකාශ කරන්නයි තියෙන්නේ!



    6. යාලුවෙක් අතේ පණිවිඩේ යවමුද?


    මුලින්ම කියන්න ඕන පුද්ගලිකව අපි මේ ක්‍රමේ අනුමත කරන්නෙ නෑ කියලා. මොකද ආදරේ ප්‍රකාශ කරනවා වගේ සීරියස් දෙයක් කරන්න ඕන තමන්මයි. නැත්තං වෙන්නේ අර තැපැල් මල්ලි එක්ක කෙල්ල පැනලා ගියපු එකේ අනික. හැබැයි ඉතින් ඔය සෑහෙන්නම ලැජ්ජාශීලී කොලුවෙක්ට නං මෙහෙම දෙයක් කරන්න පුලුවන්. ඒ තමයි මුලින් කෙල්ලටත් තමන්ටත් එක වගේ විශ්වාසවන්ත යාලුවෙක්ව සැට් කරගෙන, කෙල්ලගේ ඔලුවට පොඩ්ඩක් වටෙන් ගොඩෙන් අදහස දාලා තියන එක. එහෙම කෙල්ලව රෙඩි කලාට පස්සේ ඔන්න තමන්ට තියෙන්නේ උඩ තියෙන ක්‍රමයක් හරි, එහෙම නැත්තං තමන්ට හිතාගන්න පුලුවන් වෙන නිර්මාණශීලී ක්‍රමයක් හරි (ගුටි කන්න, පොලිසි යන්න වෙන්නේ නැති එකක්, හරි?) යොදාගෙන කෙල්ලට තමන්ගේ ආදරේ ප්‍රකාශ කරන්න තමයි.



    7. නැත්තං ලංකාවට සෙට් වෙනම විදිය මේකයි


    කෙලින්ම අම්මට තාත්තට කියන්න “මම අර දෙවැටේ ගෙදර නංගිට මනාපයි අපෙ අප්පුච්චා” කියලා. එක්කෝ තාත්තා “ඇටෙන් පොත්තෙන් එලියට එන්න කලින් තොට මගුල් විසේ ගැහුවද” කියලා කෙලින්ම කෝ‍ටු පාර දෙයි. ඒ හින්දා ඔහොම එකක් කියන්න නිසි වයසට එනකල් ඉන්න එක ඇඟට ගුණයි. අන්න එහෙම කාලෙක ඕක කිව්වා නං දෙන්නා එක්කෝ කපු මහත්තයෙක් ගෙන්නලා හරි නැත්තං කෙලින්ම හරි කෙල්ලගේ ගෙදර යන්න වැඩේ සැට් කොරලා දෙයි.

    එහෙම නැත්තං ගට තියේ නං කෙලින්ම කෙල්ලගේ තාත්තා හම්බුවෙන්න යන්නත් පුලුවන්. තාත්තා තුවක්කුව අරන් වෙඩි තිබ්බේ නැත්තං ඉතින් වාඩිවෙලා එල කොල්ලෙක් වගේ තමන්ගේ අදහස කියන්න පුලුවන්. ප්‍රශ්නේ ඉවරයිනේ!


    උපුටා ගැනීම!
     
    • Like
    Reactions: pathumdc

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    ලැජ්ජාවට බයට හැදුණු උන් රොමෑන්ටික් ඩිනර් එකක් තියා @#$%^&*( එන්නේ නෑ
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,773
    28,147
    113
    අපි කවදාවත් ගෑනු ඉදිරියෙ දනින් වැ‍ටුන ජාතියක් නෙමේ අපෙ හාමුදුරුවනේ.. :growl:

    මම බඳින්නෙ නැතුව හිටියත් දනනම් ගහන්නෙ නෑමයි...මේකේ තියෙන්නෙම දන ගහන සීන්නෙ...නැද්ද හිටගෙන ආදරේ ප්‍රකාෂ කරන්ඩ ක්‍රමයක් :dull:
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    අපි කවදාවත් ගෑනු ඉදිරියෙ දනින් වැ‍ටුන ජාතියක් නෙමේ අපෙ හාමුදුරුවනේ.. :growl:

    මම බඳින්නෙ නැතුව හිටියත් දනනම් ගහන්නෙ නෑමයි...මේකේ තියෙන්නෙම දන ගහන සීන්නෙ...නැද්ද හිටගෙන ආදරේ ප්‍රකාෂ කරන්ඩ ක්‍රමයක් :dull:
    Marvin silva wage kellawa dana gassawapan
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක
    සෙනෙහෙ කොල නම් දැන් පරණයි බන්.කෙල්ලො ගොඩක් කැමති කෙලින්ම ඇවිල්ලා කතා කරන කොල්ලෙක්ට.ඔන්න ඔහේ ඕන පුකක් කියලා කියලා දැම්මා නම් ඉවරයි බන්.එන විදිහකට පස්සේ මුහුණදෙනවා:baffled:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    සෙනෙහෙ කොල නම් දැන් පරණයි බන්.කෙල්ලො ගොඩක් කැමති කෙලින්ම ඇවිල්ලා කතා කරන කොල්ලෙක්ට.ඔන්න ඔහේ ඕන පුකක් කියලා කියලා දැම්මා නම් ඉවරයි බන්.එන විදිහකට පස්සේ මුහුණදෙනවා:baffled:

    mama mulinma kellek ahuwe kellage nama wath danne nathuwa. danagena hitiye kella vishaka ekata yanne inne vishaka eka kittuwa kiala witharai :)

    nugegoda handiyedi ahuwe ethana kochchara minissu hitiyath eyay mamai witharai inne kiala hithune. kella bah kiala giyama thamai danune mulu lokema mata kochok ekata hina wenawa wage :)
     
    Last edited:

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක
    mama mulinma kellek ahuwe kellage nama wath danne nathuwa. danagena hitiye kella vishaka ekata yanne inne vishaka eka kittuwa kiala witharai :)

    nugegoda handiyedi ahuwe ethana kochchara minissu hitiyath eyay mamai witharai inne kiala hithune. kella bah kiala giyama thamai danune mulu lokema mata kochok ekata hina wenawa wage :)

    එහෙම තමයි බන්,එක පාරටම කෙල්ලෙක් කැමති වෙන්නෙ නෑ.පස්සෙන් ගිහිල්ලා කට්ට කාලා දාගන්න ඕනේ.

    ප්‍රතික්ශේප වෙන්න කිසිම කෙනෙක් කැමති නෑනේ
    මටත් කෙල්ලො බෑ කියලා තියෙනවා.හැබැයි ප්‍රසිද්ධියේ නෙමේ.
    :P
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113

    එහෙම තමයි බන්,එක පාරටම කෙල්ලෙක් කැමති වෙන්නෙ නෑ.පස්සෙන් ගිහිල්ලා කට්ට කාලා දාගන්න ඕනේ.

    ප්‍රතික්ශේප වෙන්න කිසිම කෙනෙක් කැමති නෑනේ
    මටත් කෙල්ලො බෑ කියලා තියෙනවා.හැබැයි ප්‍රසිද්ධියේ නෙමේ.
    :P

    mata nam ahanna issellama eka kellek baha kiwwa :D