කෙල්ලද අම්මාද

theaf

Active member
  • Jun 1, 2012
    290
    33
    28
    මේක එක පාරක් කියවපන් බන්......

    මොන මගුලක්ද

    මම බැන බැන ෆෝන් එකේ එලාම් එක ඕෆ් කරා..අද පංතිත් නෑ..මොකටද උදෙන් නැගිටින්නෙ..

    ඔබ එන්න සුළඟේ දැවටිලාමම ඉන්නෙ ඔබ දැන් එයි කියා

    ඒ පාර කෝල් එකක්..පුදුම වදයක් වෙලාවකට මේ ෆෝන් එකෙන්..මම මිස් කෝල් ගහන එකාගේ දෙමව්පියො ආදරෙන් මතක් කරන ගමන් නොම්මරේ බැළුව අම්ම ගහයි බැට් එකෙන් එලව එලව.

    මම මතක් කරල තියෙන්නෙ මගේ ආදරණීය නන්දම්මයි මාමණ්ඩියයිනෙ..මිස් කෝල් ගහල තියෙන්නෙ මගේ වෙන්ඩ වයිෆ්..
    හරිනෙ බොලේ දැං මතක් උනේ..අද එයාව මීට් වෙන්න පොරොන්දු උනානෙ.පරක්කු උනොත් වසල හමාරයි..මම දඩි බිඩි ගාල ඇදෙන් පැනල ලෑස්ති වෙන්න දිව්ව..
    අම්මේ..අම්මේ නැගිටින්න..මට අද පංති
    උදේ පාන්දරම අම්මට බොරුවක් කියල නැගිට්ටෙව්ව..

    මූන කට සෝදන් ලෑස්ති වෙලා අම්ම උයල තිබුන කිරි හොද්දයි බතුයි එක්ක බත් ටිකක් ගිල්ල ටක් ගාල..
    හවස් වෙනවද පුතේ එනකොට ?
    ඔව් අම්මෙ,හවස 5ටනෙ ඉවර වෙන්නෙ
    එහෙනම් ඉන්න පුතේ.මං ටක් ගාල තව එළවලුවක් රත් කරල දවල්ට කන්න බත් එකක් බඳින්නම්.. ඔය කඩවල ජරාව කන්න හොඳ නෑ මේ දවස්වල මට මුකුත් කියන්න ඉඩක් නොතියම අම්ම උයන්න ගියා..

    කීක් කීක් කීක් කීක්
    patio,api ada lunch eka florance cafe 1n ganimu..welawata
    anna.nathnam mm yanawa..ummmmmmma.

    හරිනෙ ඉතිං.අදත් අම්මගෙ බත් එක විසි කරන්න තමයි වෙන්නෙ.. දවල් කෑමටත් සුපිරි වියදමක් යාවි..මං හැදුවෙ අද කෙල්ලත් එක්ක ෆිල්ම් එක බලන්න.නැහෙම උනොත් සල්ලි මදි වෙනවනෙ..
    අම්මේ අද පංතියට සල්ලි ඕන.. තුන්වෙනි සතියනෙ.කාඩ් ගන්නෙ නැතුව ඇතුලට යන්න දෙන්නෙ නෑ

    සල්ලි නෑ පුතේ..හෙට පොලේ යන්න රුපියල් 1000 ක් ඇති.එහෙනම් ඒකවත් ගෙනියන්න.මොනව කරන්නද ?

    හ්ම්ම්ම් එහෙනම් ඒකත් හරි මම ආපහු ලෑස්ති වෙන්න කාමරේට ආව.. හෙයා ක්‍රීම් ටිකක් ගාල කොන්ඩෙ කෙලින් කරා.. කෝ මේ සෙන්ට් බෝතලේ ? කෙල්ල පපුවට තුරුල් වෙලා ෆිල්ම් එක බලද්දි ගඳ ගැහුවොත් හද්ද නෝන්ඩියනෙ..මම කණ්නාඩියෙන් පේන මගේ ප්‍රතිබිම්බය දිහා බලං මහ වනචර හිනාවක් දැම්ම..

    අනිත් උන් කෑලි එක්ක රූම් ගානෙ යනව නම් මම ෆිල්ම් එකක් බැළුවම මොකද? මම මූණ එක එක විදියට හැදුව කණ්නාඩියෙන් බලං..මම කණ්නාඩියෙ මට විරිත්තුවඌත් මට විරිත්තුව..මම එරෙව්ව..ඒත් මූ විරිත්තන්ම ඉන්නව..

    මොකක් ? මම දිව ඇද්දා.ඒත් කණ්නාඩියෙ මම ඉස්සෙල්ල විදියටම විරිත්තන් ඉන්නව..
    මොකද උඹ මට විරිත්තන්නෙ ?
    මම කණ්න්නඩියෙ ඉන්න මගෙන් ඇහුව..
    නෑ.. මට උඹ දැක්කම හිනා ගියා
    ඒ මොකද උඹ මට හිනා වෙන්නෙ ?
    උඹ නපුංසකයෙක්
    මොකක් ? ගහනව මූසලය කුඩු වෙන්න..මගේ කෙල්ලගෙන් අහපන් මම කවුද කියල
    උප්පැන්නෙ පුරුෂ කියල තිබුනට, ඔය පිරිමි අවයවේ තිබුන කියල උඹ මිනිහෙක් වෙන්නෙ නෑ

    මොකක්ද උඹ කියන්න හදන්නෙ ? බණක් නම් සොරිම තමයි.මට ඕවට වෙලා නෑ.මං එනකම් කෙල්ල බලං ඉන්නව
    ඉතිං පලයං..හැබැයි යන්න කලින් මෙකත් අහපං..උඹ අර අහිංසක අම්මට බොරු කරනවට උඹට හෙන ගහනව..ඒ මනුස්සය හිතන් ඉන්නෙ උඹ පංති ගිහින් හොඳට ඉගෙන ගන්නව ඇති කියල..තමන්ගෙ දරුව මහන්සි වෙලා පවුල ගොඩ දාවි කියල.ඒත් උඹ උඹේ පවුල එක්ක ෆන් ගන්න යනව.කවද හරි තේරෙයි උඹට..ඒත් එදාට අර අහිංසක අම්ම විඳවල මැරෙයි උඹ වගේ කාලකණ්නියෙක් බිහි කරපු වරදට..ලැජ්ජ නැද්ද මිනිහෝ,ගෙදර උන් කිරි හොද්දයි බතුයි කනකොට උඹ කොහෙවත් ඉන්න එකියක් එක්ක ෆයිඩ් රයිස් ගිලිනව. උඹට වදපු අම්මට රහට කන්න ටිකක් දෙන්න බැරි උනා..
    තරුණ කාලෙ එහෙම තමයි..ආදරේ කරන එක වැරැද්දක් නෙවෙයිනෙ
    ඔව් වැරදි නෑ..ඒත් පිට උන්ට ලව් කරන්න කලින් තමන් වදපු අම්මට ලව් කරපං.. උඹ කෙල්ල එක්ක රංඩු උනාම ඒකිගෙ මූන ලෙව කකා හුරතල් කරනව..ඔලුවෙ අත තියල දිවුරල පොරොන්දු දෙනව.අහස තරන් ආදරෙයි කියනව.මට කියපන් කවදද උඹ් තමන්ගෙ අම්මගෙ මූන ඉඹල මහෙ රත්තරං අම්මට මම ගොඩක් ආදරෙයි..මම අම්මගෙ හැම හීනයක්ම හැබෑ කරනව කියල කිව්වෙ ? කවදාවත් උඹ එහෙම කියල නෑ..ඇයි උඹට අම්මගෙ රැලි වැටුන වයසක මූන ඉඹින්න අප්පිරියද ?
    පිස්සුද ? ඒ පොඩි කාලෙ අම්මලව ඉඹින්නෙ..දැන් ඕව කරන්න ලැජ්ජ නැද්ද ?

    එතකොට දැන් ඉඹින්න ඕන කෙල්ල්ලොන්වද ? අනේ පලයං බං යන්න.. උඹල කොල්ලොත් එක්ක බෝතලයක් බිව්වම තමයි වීරයො.ගෙදර උන්ට බොරු සේරම කියල තියෙන තුට්ටු දෙකත් හොරකන් කරන් එක්කො කෙල්ලො එක්ක ෆන් ගන්න කියල යයි,නැත්නම් කොල්ලොත් එක්ක සෙට් වෙයි.ඕකනෙ උඹ්ලගෙ ජීවිතේ..උඹලගෙ ලෝකෙ වීරයො කොහෙ හරි ඉන්න තව රස්තියාදු කාරයෙක්,නැත්නම් බේබද්දෙක්..මිනිහො දහ දුක් විඳල උඹලට කන්න අඳින්න දෙන,උඹලට ෆන් ගන්න සල්ලි හොයල දෙන උඹගෙ තාත්තව උඹට ඈණයක්.. උඹව වලට ඇදල දාන කොල්ලො සෙට් එක උඹට බොක්කට වඩා වටිනව නේ.. අනිත් එක උඹේ ඔය ගෑණි.හැදිච්ච කෙල්ලෙක් නම් කොච්චර ලව් කරත් ඕවයි රිංගන්න එන්නෙ නෑ.. උන් ලව් කරන්නෙ හදවතින්.. කොල්ලට පොඩි ආතල් එකක් දීල ඌ හිඳෙනකං නැති කරන ගෑණුන්ට කියන්න වෙන නමක් තියෙනව
    කට වහපං..තව වචනයක් හරි එයාට කිව්වොත් ම්ං තෝ මරණව
    -ඇයි උඹට දුකයිද ? උඹට මාව මරන්න බෑ.මොකද මං උඹේ හෘද සාක්ෂිය. උඹට තමන්ගෙ හෘද සාක්ෂියට මරන්නත් බෑ.බොරු කරන්නත් බෑ.. තේරුම් ගනිං.ඔය වගේ කෙල්ලෙක් එක්ක කොහොමද අවුරුදු 50 ක් 60ක් එකට ජීවත් වෙන්නෙ.. අනික උඹ මොනව කිව්වත් ඕකි නරක කෙල්ලෙක්..තමන්ගෙ හැඟීම් දැන් පාලනය කර ගන්න බැරි නම් කොහොමද උඹව බැන්දම පාලනය කර ගන්නෙ ? සාර්ථක ජීවිතයක් ගෙනියන්න පූලූවන්ද ඔහොම කෙනෙක් එක්ක?

    මං දන්නෑ. උඹ මාව පිස්සු වට්ටවනව
    පිස්සු හැදෙන්නෙ උඹ තනි උන දවසට.අම්ම,තාත්තට පූළුවන් කාලයක් උඹට කන්න දෙයි. ඊට පස්සෙ කොහොමද උඹ කන්නේ ? යාළුවො ගෙනත් දෙනවද ? ඔය කෙල්ල හම්බ කරල දෙනවද ? නෑ උඹට එදාට කවුරුවත් නෑ.. එදාට තනියම විඳවන්න වෙනව උඹට.. හොරකම් කරල හරි මංකොල්ල කාල හරි තමයි ජීවත් වෙන්න වෙන්නෙ එදාට.. බල්ලෙක් වගේ පාරක මැරිල යන්න තමයි වෙන්නෙ.. දැන් වත් හැදියන්.. තාම පරක්කු නෑ.. මිනිහෙක් වෙයන්..නියම පිරිමියෙක් වෙයන්.. උඹේ දහඩිය මහන්සියෙන් හම්බ කරල ඒකෙන් ගෙදර මිනිස්සුන්ට බඩ පිරෙන්න කෑම වේලක් අරන් දියන්.. එදාට මං පිලි ගන්නම් උඹ නියම පිරිමියෙක් කියල..
    මං ගෙදර මිනිස්සු ගැන හිතන්නෑ කියලද උඹ කියන්නෙ ?
    කොල්ලෙක් අම්ම මතක් කරල කුණුහර්පයක් කිව්වම ඌත් එක්ක මරා ගන්න එකට නෙවෙයි කැක්කුම කියන්නෙ.. උඹ එයාටල ඇත්තටම ආදරේ නම් ඒක ඔප්පු කරපං.. නැත්තන් උඹේ අම්ම තාත්ත මැරුණම පාංසුකූලෙ දෙන්නවත් උඹට බැරිවෙයි..

    ඇති..ඇති..දැන් හොඳටම ඇති..නවත්තපං ඕක
    මම බිත්තියෙ එල්ලල තිබුන කණ්නාඩිය ගලවල අරං පොළවෙ ගැහුව..ඒක පොඩි පොඩි කෑලිවලට කැඩුණ..ඒ අතරින් මගේ රූපයත් බොඳ වෙලා පෙනුන..

    මොකක්ද පුතේ බිඳුනේ ? හා කණ්නාඩිය කුඩු වෙලා නේ ද ? ඉන්න මං අස් කරන්නම්.පුතා දැන් යන්න,පරක්කුත් වෙලානෙ.මෙන්න බත් එක
    අම්ම බිඳුන කණ්නාඩියෙ කෑලි ඇහිදීනව..ඒ අතරෙ මගේ ෆෝන් එකත් රිංග් වෙනව..මං ෆෝන් එක ඕෆ් කරා..
    අම්මෙ මගේ ඔළුව රිදෙනව. අද යන්න බෑ

    ගත්තේ fb එකෙන්.කියවල බලල උබලගේ අදහසුත් කියන්න.ඇත්තටම හොදි කියල හිතුන නිසා දැම්මේ.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කෙල්ලත් කවදහරි අම්මා කෙනෙක් වෙනවා කියන එක අමතක කරන්න එපා..:frown::frown:
     
    crazy_lakshitha

    Well-known member
  • Dec 2, 2011
    1,811
    497
    113
    එළකිරිලන්තේ.....
    00020344.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් ගොඩක් වැදගත් ලිපියක් තමා.. මම කලින් කිහිප සැරයක්ම කියෙව්වා..

    ඔය කතාවෙන් අපේ ජීවිතයට ගොඩක් දේවල් කියා දෙනවා..
    ගොඩක් අය අධ්‍යාපනය කරන කාලයෙ ආදරය කරන්න පටන් ගන්නවා..
    ආදරය කරනකොට ආදරයේ තියෙන බලය නිසා හෝ මොන යම් හේතුවක් නිසා අපිට අපිව පාලනය කරගන්න බැරි වෙනවා..
    ඒක හැම කෙනාටම වෙන කණගාටු දායක ඇත්දැකීමක්..
    ගොඩක් අය තමන්ගෙ දෙමාපියන් කියන දේවල් අහන්නෙ නැහැ..
    එයාලට විරුද්ධ වෙලා අපේ ආදරය ආරක්ෂා කරගන්න, ඒ ආදරයේ මිහිර විඳගන්න උත්සාහ කරනවා..
    ඒකෙන් වෙන්නෙ අපේ ඉගෙනීම් කටයුතු අසාර්ථක වෙනවා..
    පංති නොයා තමන්ගෙ ආදරවන්තයා/ ආදරවන්තිය එක්ක ඇවිදින්න යනවා..
    ෆේස්බුක් එකේ කාලය නාස්ති කරනවා..
    පාඩම් පොතක් අතට ගන්න හිතක් නැහැ..
    අඩුම තරමෙ නින්දක් එන්නෙ නැහැ..
    විභාගෙත් ෆේල්.. අන්න අපි ජීවිතයෙන් පැරදුනා..
    ඇයි එතකොට පිරිමි අයම මේ සිද්ධිය වෙන්නෙ..
    ගෑනු ළමයින් අඩු වශයෙන් මේ සිද්ධියට මුහුණ දෙන්නෙ..?
    ඒකට හේතුවක් තියෙනවා..

    බහුතරයක් ගෑනු ළමයි ආදරයක් නිසා තමන්ගෙ අධ්‍යාපන කටයුතු අඩාල කරගන්නෙ නැහැ..
    එයාලා ආදරයත් කරනවා ඉගෙනීම් කටයුතුත් කරනවා..
    පිරිමි අය මොකද කරන්නෙ..?
    ෆෝන් එක දිහා බලනවා..
    එයා එවපු මැසේජ් කියවනවා..
    එයාගෙ පිංතූරය බල බල සතුටු වෙනවා..
    එයා කියන වදන් වලින් හිත පුරවගෙන සතුටු වෙනවා..
    කෙටියෙන් කිව්වොත් මුළු ලෝකයම තමන්ගෙ කෙල්ල වෙනවා..
    ඒක තමා කොල්ලන්ගෙ ජීවිතය..
    ඉතින් පැරදුනේ කවුද..?

    ඕකෙ අවසානය මොකක්ද කියලා ඔයාට කියන්න පුළුවන්ද..?
    ඔයා ආදරේ කරපු ආදරවන්තිය විශ්ව විද්‍යාලයට තේරෙනවා..
    නමුත් ඔයාට මොකද වෙන්නෙ..?
    ඔයා විභාගෙ ෆේල් වුණා.. ඔයා ජීවිතයෙන් පැරදුනා..
    විශ්ව විද්‍යාලය කියන්නෙ වෙනම ලෝකයක්..
    ඒක විශ්ව විද්‍යාලයෙ යන කට්ටිය දන්නවා, ගියපු කට්ටිය දන්නවා..
    ගෑනු ළමයින්ගෙ හිත් ඉක්මනින් වෙනස් වෙනවා..
    ඒක ගොඩක් අයගෙ එහෙමයි..
    ඔයාට මුණගැහෙන්න අවස්ථාවක් නැතිවෙනවා..
    ඔයා ගැන එයාගෙ හිතේ තියෙන ආදරය කෙමෙන් කෙමෙන් පහල බහිනවා..
    ඔය අතරෙදි විශ්ව විද්‍යාලයේ කොල්ලෙක් එයාගෙ හිත හොරා ගන්නවා..
    ඒ ආදරේ ඔයාගෙ ආදරේට වඩා බලවත් වෙනවා..
    මොකද වුණේ.. අන්න ඔයා ආදරෙනුත් පැරදුනා.. ජීවිතයෙනුත් පැරදුනා..

    එතකොට ඔයාට යතාර්ථය තේරුම් යනවා..
    එදාට ඔයා කරපු වැරදි ඔයාට තේරුම් යනවා..
    ඒත් ගිය නුවණ කොහොමද අපි ආයෙම ගන්නෙ..?
    ඒක කරන්න බැරි වැඩක්..
    ඔයාගෙ අසරණ දෙමාපියො ඔයා වෙනුවෙන් ජීවිතයම කැප කරා..
    එයාලගෙ මුළු ලෝකයම ඔයා වුණා..
    ඔයාගෙ සතුට එයාලගෙ සතුට වුණා..
    ඒත් හැම දෙයක්ම ඔයා නැති කලා..
    එයාලා ඔය හැම දුකක්ම දුකක් කියලා හිතන්නෙ නැතුව ඔයා වෙනුවෙන් කලේ කවදා හෝ ඒ දුක සතුටක් බවට පත් කරන්න ඔයාට පුළුවන් නිසා..
    ඒත් ඔයාට ඒක කරන්න බැරි වුණා..
    ඔයා ජීවිතයෙන් පැරදුනා..
    ඇත්තම කිව්වොත් එලොවටත් නැති මෙලොවටත් නැති කාලකන්නියෙක් වුණා.. ජීවිත කාලෙම කරපු වැරදි ගැන දුක් වෙවී ඉන්න වෙන්නෙ..

    අපි තව විදියකට හිතුවොත්..
    කෙල්ල කැම්පස් ගියත් ඔයාටම ආදරේ කරා නම්..
    එයා කැම්පස් ගිහින් ඉවර වෙච්ච දවසක කොහොමද එයාගෙ දෙමාපියන්ට ඔයා ගැන කියන්නෙ..?
    විභාගෙත් ෆේල් වේචච ජොබ් එකක්වත් නැති එකෙක් කියලා කොහොමද තමන්ගෙ දෙමාපියන්ට ඒ කෙල්ල කියන්නෙ..?
    කිව්වත් කැමති වෙයිද..?
    කවදාවත් නෑ..
    එතනිනුත් ඔයා පරාදයි..

    මොකද පෙම්වතියගෙ අම්මයි තාත්තයි අකමැති වුණා කියලා ඔයා කෙල්ලව පණ්නගෙනවත් යන්නද..? හරි පන්නගෙන ගියත් ඔයා කොහොමද එයා එක්ක ජීවත් වෙන්නෙ රැකියාවක් නැතුව..
    කෙල්ලව ජොබ් එකට යවලා ඔයා රියල් පොන්සියෙක් වගේ ගෙදරට වෙලා ඉන්නද..?
    ඒ වගේ එවුන් ඉන්නවා.. ඒ රියල් පොන්සියො..

    අපි ඉතින් ඒකට මොකක්ද කරන්න ඕනි..?
    මුලින්ම තමන්ට ආදරය කරන්න.. තමන් ගැන හිතන්න..
    දෙවනුව දෙමාපියන්ට කීකරු වෙන්න.. එයාලව සතුටින් තියන්න උත්සාහ කරන්න..
    තුන්වනුව අධ්‍යාපනය ගැන හිතන්න.. තමන්ට පුළුවන් උපරිමයෙන් ඒක කරන්න.. බැරි නැහැ.. පුළුවන්..
    යාළුවො ආශ්‍රය කරන්න.. ඒත් ඉගෙනීම ගැන හිතලා වැඩ කරන යාළුවො විතරක්..
    කවදාවත් ඉගෙනගන්න කාලෙ ආදරයක් ගැන හිතන්න යන්න එපා..
    හැම දේටම වෙලාවක් කලාවක් තියෙනවා..
    ආදරේ කරන්න කාලයක් එනවා ඔයාටත්..
    ඔයා ඉගෙනීම් කටයුතු සියල්ල සාර්ථකව නිමා කරලා රැකියාවක් කරන්න යනවා..
    අන්න නියම වෙලාව ආදරය කරන්න.. ඔයාට රැකියාවක් තියෙනවා.. හොඳ දැනුමක් තියෙනවා.. හොද අනාගතයක් තියෙනවා.. බය නැහැ කිසිම දේකට.. එතකොට ඔයත් සතුටින් හැමෝමත් සතුටින්..

    කියමනක් තියෙනවනේ වැටුණොත් නැගිටපං කියලා.. හැබැයි ඒකට ලොකු ධෛර්යයක් අවශ්‍යයි.. ලොකු උත්සාහයක් අවශ්‍යයි.. හැම කෙනෙක්ටම ඒක කරන්න අමාරුයි..

    ආදරේ කියන දේ ඉස්කෝලෙ යන කාලෙට අපේ හිතට දැනෙනවා තමයි.. මොකද කෙල්ලො නිතර නිතර පේන්න ඉන්න නිසා.. හිත පාලනය කරගනිං.. තමන්ගෙ අනාගතේ ගැන හිතපං.. කවුද කැමති කාලකන්නියෙක් වෙන්න.. මේකෙ ඉන්න එකෙක්වත් කැමතිද..? කැමති එකෙක් ඉන්නවා නම් කියපන් මම කැමතියි කියලා..:yes:
    ______________________

    මේ බොහොම කෙටියෙන් ලිව්වෙ.. මට හිතෙන විදිය.. සැබෑ යථාර්තය.. අපහැදිලි තැන් තියෙනවා නම් අහන්න පුළුවන්.. මම හැමදාම කියන්න ඕන දේ කෙලින්ම කිව්වා.. ඒක එදත්, අදත් හැමදාටම එහෙමයි.. මොකද මම ඔය හැමදේම ගැනම දන්නවා.. ඔය දේවල් වෙච්ච අය මාත් එක්ක ඕවා ගැන කතා කරලා තියෙනවා.. හඬා වැලපිලා තියෙනවා.. මාත් ජීවිතෙන් පැරදුනා, ආදරෙන් පැරදුනා.. ආයෙම නැඟිට්ටා.. මං සතුටු වෙනවා මං අද ඉන්න තත්වෙ ගැන.. මගේ දෙමාපියන් අද මං ගැන සතුටු වෙනවා.. ඒක මට ලොකු සතුටක්.. කියලා නිම කරන්න බැහැ..

    එක සැරයක් බොක්ස් යන්න එපා කියලා කොල්ලෙක්ට බැන්නා.. ඒ ගැන දුක්බර කතාවක් පවා කිව්වා.. ඒක සත්‍ය සිදුවීමක් මගේ යාළුවෙක්ට වෙච්ච.. ඌට මම එපා කියන දේවල් කරලා ජීවිතෙන් පැරදුනා.. කෙල්ලෙක් ජීවිතේ නැතිකරගත්තා.. (කතාව තාම ලියනවා.. ඉක්මනින් දාන්නම්..) අරුන්ට හොද කියන්න ගිහින් මොකද අන්තිමට වුණේ.. රෙප් කැපුවා.. මගේ අම්මා තාත්තා මතක් කරලා බැන්නා.. මම රෙප් පස්සෙ දුවන එකෙක් නෙමෙයි.. කොච්චර ත්‍රේඩ් දැම්මත් එක රෙපක් ඉල්ලලා අඩන්නෙ නෑ.. රෙප් වෙනුවෙන් නෙමෙයි මම ලිපියක් මේකට දැම්මොත් දාන්නෙ.. මේකෙ ඉන්න එවුන්ට යම්කිසි දැනුමක් එකතු කරගන්න.. ඒත් රෙප් ලැබෙනවා මට.. මම මාස පහෙන් රෙප් කොටු 11ම පුරවගත්තා.. හැබැයි රෙප් ඉල්ලලා නෑ කාගෙන්වත්.. හොද ලිපියක් දැම්මොත් අනිවා රෙප් ලැබෙනවා..

    මම කලින් කිව්වෙ බොක්ස් සීන් එක.. ඒක මම කිව්වෙ හැමෝගෙම හොදට.. හැබැයි කට්ටිය මට පොන්සියා කිව්වා.. අහවල් එක නැහැයි කිව්වා.. මට ඒ දෙකම හොඳට තියෙනවා.. මම කිව්වෙ උන්ගෙ හොඳට.. නැතුව මගේ අහවල් එක නැති නිසාවත් වෙන මොන හේතුවක් නිසාවත් නෙමෙයි.. හදන්නැ බරි බල්ලො හදන්න බෑ.. උන්ට වරදිනවා ගොඩක් ඉක්මනින්.. එදාට උන් අඬනවා.. හැබැයි බල්ලෙක්වත් නෑ උගේ ළඟින් ඌ සනසන්න.. අඩුම තරමෙ දෙමාපියන්වත් ළඟ නැතිවෙන්න පුළුවන්.. අන්න කෙලවුණාම තේරෙයි අරූ කිව්වෙ ඇත්ත නේද කියලා.. හැබැයි ඌ පරක්කු වැඩියි.. මම එදාට දුක් වෙන්නෙ නෑ.. ගොඩක් සතුටු වෙනවා මිසක.. ඒ මගේ හැටි.. දෙයක් කිව්වාම අහන්නෙ නැති එකාට කෙලවුණාම මම හිනාවෙනවා.. හයියෙන්ම හිනාවෙනවා..:frown:

    ඔය බොක්ස් කතාවෙ අන්තිමට මගේ යාළුවා එක්තැන් වුණා.. ඌ වහ බිව්ව නිසා ඌට කෙලවුණා.. කෙල්ල මැරුණා.. හැබැයි මම ඌව බලන්න ගිහින් හයියෙන් හිනා වුණා.. පලු යනකන් බැන්නා.. මගේ තාත්තා ළඟ හිටියා.. ඒ වෙලාවෙ තාත්තා මගේ කම්මුලට දහ පාරකට වැඩිය ගහලා ගහලා එලියට ඇදගෙන ආවා.. හැබැයි මම තාත්තට කිව්වා.. මම ඌට හොද නරක කියාදීපුවා හැමදේම.. ඒ වෙලාවෙ තාත්තා මාව බදාගෙන මගෙන් සමාව ගත්තා..:yes:

    මම වැඩකරු, සියල්ල දත් කියලා පෙන්නන්න උත්සාහ කලා නෙමෙයි.. එහෙම හිතන අය එහෙම හිතපුවාවේ.. කිසිම අවුලක් නෑ.. මම මේ ගෙවපු ජීවිත කාලෙදි මට වෙච්ච අත්දැකීම්.. ගොඩක් තියෙනවා.. පොත් සීයක් ලියන්න වුණත්.. මම වැඩකාරයෙක් නෙමෙයි.. දුප්පත් කොල්ලෙක්.. යාන වාහන නෑ.. බයිසිකල් කටුවක් විතරයි තියෙන්නෙ.. මගේ ගැන කියලා වැඩක් වෙන්නෙ නෑ මෙතනට.. මම නවතිනවා.. උඹට ජය!!
    _____________

    (මේ ලිපිය සන්හිඳ බ්ලොගයෙ පලවෙච්ච ලිපියක්
    http://www.sanhida.com/?p=286
    ඔයාට වැරැද්දක් කියන්න බෑ. ෆේස්බුක් එකෙන් ගනිපු නිසා.
    ෆේස්බුක් කියන්නෙ අනුන්ගෙ මහන්සිය හොරකම් කරලා සතුටු වෙන ජාතියක්.. පිස්සො ජීවත් වෙන තැනක්.. ඒකෙන් අපේ ජීවිතයට යහපතක් වෙන්නෙ නැහැ.. මෝඩ එවුන් ඕක බදාගෙන දවසම ගෙවලා දානවා.. දැක්කම දුකයි.. උන් කුඩු කාරයා වගේ ඕකට ඇබ්බැහි වෙලා ඉන්නෙ.. ගැලවෙන්න බැහැ.. උන්ට ඒකෙන් ගැලවෙන්න උත්සාහ කරන්නෙත් නැහැ.. ඕකට වෙලා කාලෙ කන එවුන්ට අනාගතයක් නැහැ.. ලංකාවෙ කෙල්ලො කොල්ලො බහුතරයකගෙ ඉගෙනීම් කඩාකප්පල් වෙන්න මූලික හේතුව ඕක..)

    _____________

    ආ.. කියන්න බැරි වුණානේ... :rofl: පලයන් කන්නාඩියක් ගාවට.. කතා කරපන් උඹ එක්කම.. :yes: වැඩි ටෝක්ස් නෑ.. වෙනස තේරෙයි.. කතාවෙම තියෙනවා සීන් එක..

    ටටා..
     
    • Like
    Reactions: lilman and theaf

    aththa machan thankx.ube adahasath damata.mekenuth ganna deval godak thiyanava
     
    පල බොරු නොදා... මම කෙල්ලො 26ක් එක්ක යාලුවෙලා ඉඳලා තියෙනවා, සමහරු පෝසත්,සමහරු දුප්පත්,සමහරු ලස්සනයි, සමහරු දැකුම්කළුයි. සමහරු පොශ්,සමහරු වැඩිමල්,සමහරු බැඳලා, සමහරු ලෙඩ්ඩු,සමහරු අවලම්,සමහරු අනාතයො,තවත් සමහරු අපේ වයසෙ,සමහරු අපේ ගමේ,සමහරු කැම්පස් තව නානාවිදියෙ අය එක්ක මගෙ සම්බන්දකම් තිබිලා තියෙනවා. ආදරේ කරනකොට බොක්කෙන්ම ආදරේ කරනවා ආදරේ අමතක කරනකොට බොක්කෙන්ම අමතක කරනවා, එහෙම කරන්න බැරිනම් පිරිමිකමෙන් ඇති වැඩේ මොකක්ද?

    ඒ වගේම මම ඉගෙනගත්ත තරම ගැන පසුතැවිල්ලකුත් නෑ.. ගෙදර අයත් ශේප්,

    මචන් කෙල්ලො එපා කියන එක නෙමෙයි. අවස්ථාවෙ හැටියට හැඟීම් වලට වහල් නොවී තීරන ගන්න එක තමයි හොඳම දේ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    :rofl::rofl::rofl::rofl::rofl: heenenda..?
     
    මම කිව්වෙ නැහැනේ හැම එකාම එක වගේ කියලා..:oo: බොක්කෙන්ම ආදරේ කරනවා කියන්නෙ කෙල්ලො 26ක් එක්ක යාළුවෙන එකද..:frown:
    උඹට වයස 22ක් වගේ නේද වෙන්නෙ..? යකෝ එච්චර කෙටි කාලෙකදි කෙල්ලො 26ක් එක්ක යාලු වෙනවා කියන්නෙ එක කෙල්ලෙක් මාස දෙකක් වගේනේ ඉඳලා තියෙන්නෙ.. මාණ්ඩලිකයි බොල..:baffled:
    ඒ කියන්නෙ උඹ සැබෑ ආදරවන්තයෙක් නෙමෙයිනේ..:dull: